මොරටුව නගරසභාව විසිරුවා හැරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව මොරටුව නගරසභා කොමසාරිස් ඞී.එම්.කරුණාරත්න මහතා කියයි.

ඒ මහතා පවසන ආකාරයට මොරටුව නගරසභාවේ ධූර කාලය නිමවීමට නියමිතව තිබී ඇත්තේ ඊයේ (16) මධ්‍යම රාති‍්‍රයේය.

නමුත් ඊයේ දිනම නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් පත‍්‍රයකින් නගරසභා කාලසීමා දීර්ඝ කර තිබෙන බවට දැනුම්දීමක් සිදුකර ඇත.එසේවුවත් එම ගැසට් පත‍්‍රයේ මොරටුව නගරසභාව ගැන සඳහනක් නැත.

කරුණු මෙසේ හෙයින් මොරටුව නගරසභාව විසිරුවා හැරීම හෝ එහි ධූරකාලය දීර්ඝ කිරීම ගැන ඉදිරි දින කිහිපයේදී දැනුම්වත් කිරීමක් සිදුවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එසේ ලැබෙන උපදෙස් අනුව කි‍්‍රයාකරන බවත් ඒ මහතා කියයි.

දැනට මොරටුව නගරසභාවෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ඉවත් කර තිබෙන බව කියන ඒ මහතා නගර සභා භූමියේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇති බවද පවසයි.