IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මොරටුමුල්ලේ හතරකට ඇප

මොරටුමුල්ලේ නිවසකට බලෙන් ඇතුළු වී තරුණියක පියයුරුවලින් උස්සා බිත්තියට තබා තර්ජනය කළැයි කියන බස්නාහිර පළාත් එජප මන්ත්‍රීවරයකු හා හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු සිව් දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම් එම් මිහාල් මහතා නියෝග කළේය.

බස්නාහිර පළාත් එජාප මන්ත්‍රී සේනක දමයන්ත, මොරටු නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අතුල පීරිස්, දිනේෂ් ප්‍රනාන්දු නොහොත් ජින්නා හා මංජුල පීරිස් එම සිව් දෙනා වෙති.

මංජුල පීරිස් අධිකරණයට භාර වූ අතර සෙස්සෝ පොලිසියට භාර වූහ.

පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙස මහේස්ත්‍රාත් ඔවුනට තරයේ අවවාද කළේය.

පසුගිය 15 වැනි දා මොරටුමුල්ලේ එම නිවසට ගොස් තරුණියකට හිංසා කිරීම, බැණ වැදීම හා නිවසට අලාභ හානි කිරීම ඇතුළු චෝදනා හයක් මෙම පිරිසට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.

මාර්තු 29 වැනි දා පැවැති බස්නාහිර පළාත් ඡන්දයේ දී සන්ධාන අපේක්ෂකයකුට උදව් කළැයි කියන සිද්ධියක් මත මේ පිරිස නිවෙස් දෙකකට පැන හිරිහැර කළැයි මොරටුමුල්ල පොලිසියට පැමිණිලි හතරක් ලැබී ඇත.

තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 

 



අදහස් (0)

මොරටුමුල්ලේ හතරකට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site