IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ

(සුජිත් හේවාජුලිගේ)

නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

ඉකුත් සතියේදී ඖෂධ කාණ්ඩ අටක්ද මේ සතියේ දී ඖෂධ කාණ්ඩ පහක් ද වශයෙන් ඖෂධ කාණ්ඩ දහතුනක් මෙසේ ඉවත් කර ඇති බව පවසන විශේෂඥ වෛද්‍යවරයා ගිය සතියේ භාවිතයෙන් ඉවත් කළ ඖෂධ කාණ්ඩ අට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද ප්‍රකාශ කළේය.

එම ඖෂධ ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පසුගිය වසර තුනේදී පමණක් මෙලෙස ඖෂධ කාණ්ඩ තුන්සියයක් පමණ භාවිතයෙන් ඉවත් කර ඇති බවද නිව් මෝනියා රෝගී තත්ත්වයන් මොලේ උණ රෝගී තත්ත්වයන් ඇතුළු තවත් බොහෝ ආසාදන තත්ත්වයන්ට ලබාදෙන ඖෂධ ඒ අතර ඇති බවද චමල් සංජීව මහතා පැවසීය

සෑම සතියකම මේ අන්දමට තත්ත්වයෙන් බාල වීම මත ඖෂධ කාණ්ඩ ඉවත් කරන නමුත් මෙම ඖෂධ ගෙන්වීමට අදාළව කටයුතු කළ නිලධාරීන් සම්බන්ධව හෝ ඖෂධ හඳුනා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ස්ථාපනය කිරීමට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දක්වා සමත්ව නැතැයි හෙතෙම සඳහන් කරයි.

සතිපතා මේ අන්දමට බාල ඖෂධ ඉවත් කිරීමෙන් රටේ භාණ්ඩාගාරයට බරපතල හානියක් වන අතර මේවා සම්බන්ධ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවද ඔහු සඳහන් කරයි.

ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණයට සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන මැදිහත්වී මේ තත්ත්වය ලබන වසරේ ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සාර්ථක ක්‍රමවේද වෙනසක් ගැන විශ්වාසය තැබිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

 



අදහස් (7)

මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ

ravin Monday, 23 December 2024 07:17 AM

මගේ මතකය නිවැරදි නම් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිත්‍යාගයක් ලෙස තත්ව පරීක්ෂණයක් නුදුරේම අපට ලැබීමට නියමිතය. නිසි නිලධාරීන්ගේ කඩිනම් භාවය මත පමණක්ම විසඳුමේ ප්‍රතිඵල ප්‍රමාද වේ.

:       0       2

samMonday, 23 December 2024 06:47 PM

මෙරටට ගෙන් වූ තවත් ඖෂධ 13ක් ප්‍රමිතියට නෑ. මෙරටට ගෙන්වීමට පෙර Samples ගෙන්වා ප්‍රමිතිය සොයාබැලීම සහ ප්‍රමිතියෙන් තොර නම් නොගෙන්වා සිටීමට හැකිය. ප්‍රමිතියට තිබේ නම් අනුමත කිරිමෙන් පසු ගෙන්වන සෑම ඖෂධ වර්ගයකම samples වරින්වර ප්‍රකාශ කළ යුතුයි. සියලු ඖෂධ මිලදීගෙන රටතුළට ගෙන්වීමෙන් පසු ප්‍රමිතිය සෙවීම ගැටළු සහගත තත්වයකි. එවැනි ඖෂධ ප්‍රමිතිය ප්‍රකාශ නොකර ගෙන්වීමට අවසර ලබාදුන් පිරිස වගකීම බාරගත යුතුවේ...

:       0       0

Lalla Monday, 23 December 2024 07:21 AM

මේ කතාවේ සරලම හරය ජරාව ජීවිකාව කරගෙන සුඛෝපභෝගී ජීවිතගත කරන කොටසක් සෞඛ්‍ය සේවයේ ඉහල ඉන්න එක නේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියට හෙව්වොත් නැතිනම් හරියට අමාත්‍යාංශ පරීක්ෂණ ආරම්භ කලොත් සුර ලොව ජීවත්වන කට්ටිය දවසෙන් දෙකෙන් හෙලිකරන්න බැරිද? රෝගීන් මරලා ජීවිකාව කරගෙන යන තිරිසනුන්ට ඉඩදීම ලැජ්ජාවට කරුණක් නොවේද?

:       0       8

හසක Monday, 23 December 2024 10:39 AM

ප්‍රමිතියයක් නැති කට්ටියගෙන් ප්‍රමිතියයක් ඇති වැඩ බලාපොරොත්තුවෙන්නෙ කොහොමද? මේ අයව තෝරපු අයටත් වගකීමෙ කොටසක් එනවා. මේවට සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් වශයෙන් නීතිමගින් ඉක්මනින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ ප්‍රතිලාභීන්ගේ දේපල රාජසන්තක කලයුතුයි.

:       0       10

Praba Monday, 23 December 2024 04:15 PM

ප්‍රමිතියක් නැති ඖෂධ ඉවත් කරනවා කියන්නේ ඖෂධවල ප්‍රමිතිය රට තුළ බලනවා කියන එක නේද? ඉතින් ඒක හොඳයිනේ. ඉවත් කළ ඖෂධවලට අපි සල්ලි ගෙවනවා? මං හිතන්නේ නෑ.

:       0       0

Muthunamagonage Fernando Ayesha Nadine Monday, 23 December 2024 05:32 PM

අම්මා පා දියවන්නා ඔයේ...

:       0       0

රුවන් Monday, 23 December 2024 07:57 PM

සේනක බිබිලේ මහත්තයා හිටියානම් දුක් වෙනවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 247 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 740 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site