ඉන්දියාවේ මරූටි සුසූකි මෝටර් රථ නිශ්පාදන සමාගම ශී‍්‍ර ලංකාවේ රථවාහන එකළස් කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම කෙරෙහි සැළසුම් සකස් කරමින් සිටින්නේයැයි වාර්තා වේ.
ඉන්දියාවේ ඔටෝකාර් සඟරාවට අදහස් දක්වා ඇති මරූටි සුසූකි සමාගමේ ප‍්‍රධානි ආර්.සී.බර්ගවා මේ දිනවල කර්මාන්තශාලාව පිහිටුවීමට සුදුසු ප‍්‍රදේශය පිළිඹදව විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් ශී‍්‍රලංකා රජය හා සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය බවත් ප‍්‍රකාශ කර ඇත.
මරූටි සුසූකි සමාගමේ මෝටර් රථ වලට හොද වෙළද පොළක් ශී‍්‍ර ලංකාවේ පැවතුණද රජය වාහන ආදායම් බදු ඉහළ දැමීම හේතුවෙන් මධ්‍යම පාන්තික පවුලකට ඔබින කුඩා මරූටි මෝටර් රථයකත් මිල රුපියල් ලක්ෂ 2 කින් පමණ ඉහළ ගොස් තිබේ.මෙනිසා ඉල්ලූම අඩු වීමෙන් පහර වැදී ඇත්තේ ඉන්දියා මව් සමාගමටය.ඔවුන්ගේ දැන් උත්සාහය ශී‍්‍ර ලංකාවේම කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීම මගින් ආනයන බදු මගහරවා අඩු මිලට වාහන අලෙවි කර වෙළදපොළ යළිත් දිනා ගැනීම බව සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවට කමක් නැහැ අපේ රටේ දේශීය කර්මාන්ත ආරක්ෂා වෙන්න ඕනේ ඔක්කොටම කලින්.(දිල්)
අයියෝ ඉන්දියාවේ කුණු දමන්නේ මේ දුප්පත් අපිට විතරමනේ. මම නොදන්නා හින්දයි අහන්නේ, ලෝකේ ඉන්දියා වාහන තවත් තියෙන්නේ කොහෙද කියලා මට කියනවද?.මිල අඩුවට ගන්න පුළුවන් ජපන් වාහන ඕන තරම් තියෙද්දී , ඉන්දියා කබල් මෙහෙ ගේන්නේ ඇයි දෙවියනේ? (නදී)
ඉන්දියාවෙන් මොනම දෙයක්වත් ගන්න හොද නැහැ. මම නම් අයි.ඕ.සී එකෙන් තෙල් ගහන්නෙත් නැහැ. එක දේශපාලුවෙක්වත් කට ඇරලා කියනවද ඉන්දියාවෙන් වෙන කෙණෙහිලිකම් ගැන. ලාංකිකයෙක් හැටියට හිතලා ඉන්දියාවෙ බඩු හැකි තරම් වර්ජනය කරන්න.(නදී)
70% කොමිස් දෙන්න පුලුවන් නම් ඕනම දෙයක් කරන්න පුළුවන්.(නදී)
මෙයට ඉඩ නොදිය යුතුයි. අපේ රට ඉන්දියාවට සම්බන්ධ කරගන්ට දඟලන ජයලලිතාට මේක තල්ලුවක් වෙයි. අනික අපේ රටේ භූමිය ඒ අය පාවිච්චි කරමින් අපේ සල්ලි ඒ රටට ගෙනියයි. ඒ වගේම අපේ අයට රස්සාවල් දෙන්නෙත් නැහැ. ඒ අයම ගෙනල්ලා පුරවා ගනියි. මේ මාර්ගයෙන් කොටි නැවත ලංකාවම ගිනි තියයි. මේකට ඉඩ දෙන්ට එපා. බදු වැඩි කලාම අපිටයි වාසිය. ඉන්දියාවට ඉඩක් දෙන්නම එපා.(නදී)
ලංකාවේ බදු ගැහිල්ල නිසා මරුතියක් ලක්ෂ 10-15 ට ගියාට, මරුති කාර් එකක් ඉන්දියාවේ මුදලින් ලක්ෂ 4 ක්වත් වෙන්නේ නැහැ. පාවිච්චි කල මරුති කාර් අකක් ඉන්දියන් රුපියල් 50,000 ටවත් විකුණා ගන්න බැරි වේගෙනයි එන්නේ.(නදී)
එකලස් කළත් ලංකාවට වෙන වාසියක් නැහැ. ඒවා ඔක්කොම ආපහු යන්නේ ඉන්දියාවටයි. කරන්න තියෙන්නේ මයික්‍රෝ වගේ ආයතන ඉහළට ගන්න එකයි. (නදී)
මරුටි එපා ලංකාවට, මයික්‍රෝ එකට ඇයි තැනක් දෙන්නේ නැත්තේ? (නදී)
මරුටියේ වැඩිම බිස්නස් තියෙන්නේ ලංකාවේ. දකුණු ආසියාවේ වැලේ වැල් නැති රටවල් කිහිපයක් හැරුනම ලෝකේ කිසිම රටක් පැත්ත පළාතේ වැද්ද ගන්නේ නැති ප්‍රමිතියෙන් බාල වාහන වල හොදම බිස්නස් තියෙන්නේ ලංකාවේ.(නදී)
කන්දක් දක්කිද්දී ඒසී ඕෆ් කරන්න ඕනා. 4 දෙනෙක් දැම්මම ඒ.සී දාන්න බැහැ. මොකට ඔහොම වාහන හදනවද. කාර් එකක් කියන්නෙම සැප පහසුවේ සංකේතයක්. (නදී)
මට හිතා ගන්න බෑ වෙන රටක වාහන මිලයි ලංකාවේ වාහන මිලයි. මම සෙකන්ඩ් හෑන්ඩ් ෆෝර්ඩ් මොන්දියෝ කාර් එකක් ඕස්ට්‍රේලියාවෙදි ගත්තා. ඒක ලංකාවේ මුදලින් ලක්ෂ දෙකයි. මරුටිය නිකන් කරත්තයක් වගේ. ලෝකේ කිසි රටක් වැද්දගන්නේ නැහැ. ලංකාවේ ඒකත් ලක්ෂ 10 ක් වෙනවනේ. (නදී)
මරුටි විතරක් නෙවෙයි. ඔයිට කලින් ලංකාවට එන්න හදපු අනිත් කොම්පැනි වලටත් එන්න දුන්නා නම් අද ලංකාවෙන් තමයි ආසියාවට වාහන දෙන්නේ. එහෙනං ලංකාවත් මේ වෙනකොට සැහෙන්න පොහොසත්. ඕවා ඉතින් කාගේ කාගේත් වැරදි තමයි.(නදී)
මේක හොද වැඩක්. ඕස්ට්‍රේලියාවේ කර්මාන්තශාලා වහනවා නිෂප්දන වියදම වැඩි නිසා. ලංකාවේ පහසුකම් දෙනවා නම් ආයෝජකයෝ ගෙන්නන එක අමාරු නැහැ.(නදී)
පාලිත නිකන් මෝඩ කතා කියන්න එපා. ඕවා ගෙනාවා කියලා ලංකාවට වෙන වාසියක් නැහැ. ඕවයින් එන සල්ලි ඔක්කොම යන්නේ ඉන්දියාවට.(නදී)
අපේ රටේ ඔහොම දෙයක් පටන් ගන්න නොදෙන්නේ මොකද දන්නවද? සන්තෝසම් කුට්ටි වලට කෙලහලන පිරිසක් ඉන්න නිසයි. (නදී)
තවම ලංකාවට තමන්ගේ කියල නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගාගන්න සැලසුම් කරගන්න බැරි තරම තමයි අනුන්ගේ යකඩ ගොඩවල් වලින් ලංකාව පුරවන්න යන්නේ. සීමිත පිරිසකගේ කොමිස් කුට්ටියට රටේ සියලු දෙනාම වන්දී ගෙවනවා.(නදී)
සදුන්, අපේ රටේ අයට රැකියා ලැබෙනවා නේද? අඩුවට කාර් ගන්න පුලුවන් වෙයි නේද? (නදී)
ඇයි අපේ රටේ වාහන හදන්න උත්සහ නොගන්නේ? (නදී)
අනේ මරුටි , ඔය තරම් හොරගල් අල්ලන්නේ මොකද ? ඔය ගොල්ලන්ගේ රටේ නායකකාරාදීන්ගේ දීර්ග කාලින බලාපොරොතු ඉටුකරගන්න වහල දාපු වේරහැර ලංගම මධ්‍යම වැඩපොළ තිබුන භූමිය අක්කර පනහක් තියෙන්නේ.(නදී)
හොද ආරංචියක්.(නදී)
ලංකාවේ හැදුවට අපේ අයට අගයක් නැහැ කොහොමටත්. අපි බලන්න ඕනේ කෙටි කාලීනව හා දීර්ග කාලීනව ලැබෙන වාසි ගැන. ලංකාවේ තාක්ෂණික නිෂ්පාදන 5% ටත් වඩා අඩු අගයක් තියෙන්නේ. මේ ලඟදි බයිසිකල් ෆැක්ටරි එකක් වහලා බංගලිදේශයට ගෙනිච්චා. (නදී)
ඕනේ සමාගමක් ගෙන්නන්න මරුටි නැතුව.(නදී)
අපි බලන්න ඕනේ මේ හරහා ලංකාවට ලැබෙන ආයෝජනය. තාක්ෂණික දැනුම . රැකියා ප්‍රමාණය. මේවා කෙලින්ම ලැබෙන ප්‍රතිලාභ. අප රටක් හැටියට උනන්දු කල යුත්තේ ත්‍රී වීල් එකක් තියෙන කෙනාට කාර් එකක් ගන්න. වහනයක් නැති කෙනාට බයිසිකල් එකක් ගන්න මට්ටමට වත් උනන්දු කරන්න. මේක හොඳ ඇරඹුමක් වෙන්න පුලුවන්.(නදී)
අනේ ඉන්දියාවේ නම් මොකුත් එපා අපේ රටට යන්න එන්න ගියහම ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැනේ.(නදී)
සදුන් මෝඩ ඔයාද, මමද කියල මේවා කියවන අය දන්නවා. අපේ රටේ මරුටි කාර් හදන්නේ ඔක්කොම අපේ රටටම ගන්න නෙවෙයි හැකි අයට අඩුවෙන් වාහනයක් ගන්න. ඊට වඩා වටිනවා මේ රටේ ඉන්න හැකියාව තියෙන විරැකියාවෙන් ඉන්න උගත්, සහ අනිකුත් වැඩි පිරිසකට ලැබෙන රැකියා. ඊටත් වඩා වටිනවා ලැබෙන තාක්ෂණ දැනුම. අනාගතේ මරුටි ගියත් අපේ අයගේ දැනුමෙන් ලෝකේ ඕන තැනක ගිහිල්ල හරි, නැත්තන් තමන්ගේ තැනක හරි දියුණු වෙන්න පුළුවන්. ඔය ටික තේරුම් ගන්න.(නදී)
සඳුන්, පාලිත හරි. අධිවේගී මාර්ගයෙ ආදායම අද චීනෙට ගියාට තව අවුරුදු 30කින් පාරයි ආදායමයි දෙකම ලංකාවට. වෙළඳ ගිවිසුම අනුව තමා ඒක තීරණය වෙන්නේ. ඉන්දියාව ඔය හුඟක් කර්මාන්ත ශාලා අද ලබා ගෙන තියෙන්නෙ එදා එහෙම කරපු නිසා. ලංකාවට තමුන්ගේම දෙයක් මේ මට්ටමින් කරන්න තාම බැහැනෙ. ඉතින් හොඳ අවස්ථාවක්. යුද්ධය නිසා අවාසනාවට ඔහොම අවස්ථා කලින් ලැබුණෙ නෑ.(නදී)
අයියෝ සඳුන්, හැමදේම දන්නවා වගේ පණ්ඩිත කතා කිව්වට මේකෙන් එන වාසි ගැන මුකුත්ම දන්නේ නැහැනේ ඔයා. ඔයාට පහලින් කමෙන්ට් දාපුව ටික කියවලා තේරුම් ගන්න ඒ ඇති.(නදී)
ඕවා වැඩිපුර ගන්නේ මෙහේ අය නිසා ළඟටම ගෙනත් හදලා දෙන්න හිතෙන්න ඇති.(නදී)
රථවාහන එකළස් කිරීමේ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකවට වැඩි වාසියක් ලබන්ගන්න පුළුවන්. අර හම්බන්තොට වරායටත් මේකෙන් නැව් එන්න ඉඩ හුඟක් දුරට පවතිනවා. අනික ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලන්ට රස්සාවල් පවා ඇතිවෙනවා. මේකට ශ්‍රී ලංකා රජය අනුමත දිය යුතුයි කියලා තමයි මට හැගෙන්නේ.(නදී)
ඔන්න හාමුදුරුවරු කතා කරන්න ඕන තැන. අපේ රටේ වාහන හදන නිසා මේවා එපා. මේක කැසිනෝ වලට වඩා භයානක නැද්ද ? (නදී)