මොරටුව නගර සභාවේ ධූර කාලයද දීර්ඝ කර ඇතැයි පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නගර සභා පරිපාලනයට දැනුම් දී ඇත.
පසුගිය 16 වැනිදා නගර සභාවේ ධූර කාලය නිමවීමට නියමිතව තිබූ අතර එදින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයකින් අනෙක් පළාත් පාලන ආයතනවල කාලසීමාව මේ වසරේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරිණි.
මොරටුව නගර සභාවේ නම සඳහන් නොවීම හේතුවෙන් ගැටළුවක් පැන නැගී තිබූ අතර එයට විසඳුමක් ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ මොරටුව නගර සභාවේ ධූර කාලයද දික්කර ඇති බවයි.
ඒ සම්බන්ධ ආරංචිය ලැබීමත් සමග නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සතුට පළ කරමින් රතිඥ්ඥා දැල්වූහ.
මේ අතර නගරාධිපති පසුගියදා නගර සභාවට පැමිණ රූපවාහිනියක් හා මේසයක් තම පෞද්ගලික දේපළ බව පවසමින් රැගෙන ගියේය. නියෝජ්‍ය නගරාධිපති එසේ කියමින් බුදු පිළිමයක් රැගෙන ගියේය. මේ වන තෙක් ඒවා නැවත නගර සභාවට ගෙනැවිත් නැති බව එහි ආරංචි කියයි.

![12106933_1217158571644449_389201510193307012797387514_n[1]-copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/12106933_1217158571644449_389201510193307012797387514_n1-copy.jpg)
![12108153_1217158951644411_345201510196891591116875510_n[1]-copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/12108153_1217158951644411_345201510196891591116875510_n1-copy.jpg)
![12118601_1217158588311114_221441912304201510195286242_n[1]-copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/12118601_1217158588311114_221441912304201510195286242_n1-copy.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මතකයි සමහරු ඒ දවස් වල වැඩකළ හැටි. නීතිය ගැන කිසිම තැකීමක් නැහැ (නි)
බුදු පිළිමය ගෙදරට වඩම්මවා ගත් පරාර්ථකාමී මහත්වරුන්ට කාලය දිගු කිරීම සතුටක් වෙන්න ඇති. අනේ කාලේ වනේ වාසේ.(අ)
ඒ කියන්නේ තව කොමිස් ගැහිලි සහ නොයෙකුත් දුෂණවලද ආයුකාලය දික්වූ බවයි.(අ)
මොරටුවේ කාබාසිනියල තමයි ඉතින් ඔය....මොරටුවට වෑඩක් කරන්නේ කුනු ලොරියෙ මිනිස්සු විතරයි.............(අ)
අර භික්ෂුවක් ඝාතනයට සැකකරු වුණ කෙනා ගැන දැන් කතාවක් නැහැනේ. මොකද දන්නෙ නැහැ නේද ඒකට වුණේ? (නි)
ඒකත් එහෙමද? (නි)
අම්මෝ මේ ගොල්ලන්ගෙ සතුට (නි)
නගර සබාවේ කාලය ඉකුත් වෙච්ච දවසෙ මෙයාලද බුදුපිළිමයක් එහෙම තමන්ගෙ කියල ගෙදර වැඩැම්මුව කීවෙ(රේ්)
ජයවික්‍රම හරි. මටත් මතකයි ඒ කතාව (නි)