මොරටුව නගර සභාවේ ධූර කාලයද දීර්ඝ කර ඇතැයි පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නගර සභා පරිපාලනයට දැනුම් දී ඇත.
පසුගිය 16 වැනිදා නගර සභාවේ ධූර කාලය නිමවීමට නියමිතව තිබූ අතර එදින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයකින් අනෙක් පළාත් පාලන ආයතනවල කාලසීමාව මේ වසරේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරිණි.
මොරටුව නගර සභාවේ නම සඳහන් නොවීම හේතුවෙන් ගැටළුවක් පැන නැගී තිබූ අතර එයට විසඳුමක් ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ මොරටුව නගර සභාවේ ධූර කාලයද දික්කර ඇති බවයි.
ඒ සම්බන්ධ ආරංචිය ලැබීමත් සමග නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සතුට පළ කරමින් රතිඥ්ඥා දැල්වූහ.
මේ අතර නගරාධිපති පසුගියදා නගර සභාවට පැමිණ රූපවාහිනියක් හා මේසයක් තම පෞද්ගලික දේපළ බව පවසමින් රැගෙන ගියේය. නියෝජ්‍ය නගරාධිපති එසේ කියමින් බුදු පිළිමයක් රැගෙන ගියේය. මේ වන තෙක් ඒවා නැවත නගර සභාවට ගෙනැවිත් නැති බව එහි ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරටු සබෙත් ආයු වැඩිවෙයි
අජිත් Tuesday, 20 October 2015 02:41 AM
අපිට මතකයි සමහරු ඒ දවස් වල වැඩකළ හැටි. නීතිය ගැන කිසිම තැකීමක් නැහැ (නි)
ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 02:55 AM
බුදු පිළිමය ගෙදරට වඩම්මවා ගත් පරාර්ථකාමී මහත්වරුන්ට කාලය දිගු කිරීම සතුටක් වෙන්න ඇති. අනේ කාලේ වනේ වාසේ.(අ)
රකිත් Tuesday, 20 October 2015 03:11 AM
ඒ කියන්නේ තව කොමිස් ගැහිලි සහ නොයෙකුත් දුෂණවලද ආයුකාලය දික්වූ බවයි.(අ)
චින්තක Tuesday, 20 October 2015 03:16 AM
මොරටුවේ කාබාසිනියල තමයි ඉතින් ඔය....මොරටුවට වෑඩක් කරන්නේ කුනු ලොරියෙ මිනිස්සු විතරයි.............(අ)
රකිත් Tuesday, 20 October 2015 03:29 AM
අර භික්ෂුවක් ඝාතනයට සැකකරු වුණ කෙනා ගැන දැන් කතාවක් නැහැනේ. මොකද දන්නෙ නැහැ නේද ඒකට වුණේ? (නි)
නුවන් Tuesday, 20 October 2015 05:41 AM
ඒකත් එහෙමද? (නි)
ඉෂාර Tuesday, 20 October 2015 01:07 AM
අම්මෝ මේ ගොල්ලන්ගෙ සතුට (නි)
ජයවික්‍රම Tuesday, 20 October 2015 01:25 AM
නගර සබාවේ කාලය ඉකුත් වෙච්ච දවසෙ මෙයාලද බුදුපිළිමයක් එහෙම තමන්ගෙ කියල ගෙදර වැඩැම්මුව කීවෙ(රේ්)
සමරදිවාකර Tuesday, 20 October 2015 02:33 AM
ජයවික්‍රම හරි. මටත් මතකයි ඒ කතාව (නි)