මොරටුවේ වඩුකාර්මිකයන්ගේ උද්ඝෝෂණයේදී කිහිප දෙනකු වතුර බෝතල් එල්ල කරමින් කළ ක්‍රියාව ගැන තමා පොලිසියට පැමිණිලි නොකළ බවත් එහෙත් පොලිසිය තමාගෙන් කට උත්තරයක් ගත් බවත් තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා කියයි. පොලිසියේ ක්‍රියාවට තමා බලපෑම් නොකරන බවත් ඡන්දය දුන් මොරටු වැසියන් ගැන තමාගේ කිසිදු අහිතක් නැති බවත් ඔවුනට දඬුවම් කිරීමට අදහසක් නැති බවත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පොලිසිය දාපු පැමිණිලිත් විභාග කරන්නේ නැතිකොට හොයා හොයා අපරාද හොයන්න පටන් ගත්ත එක ජනතාවගේ වාසනාවක්.(නදී)
අනේ එයා පවු! (නි)
අන්න හරි.එනපාරත් ඡන්දෙ ඉල්ලන්න තියෙනවනේ.(අ)
තමන්ගේ මහජනයාගේ ප්‍රශ්නයක් ඇදිලා තියෙනකොට එතනට ගිය ඇමතිතුමා පිළිගන්නේ එහෙමද? බලන්න කොච්චර හොඳ පුද්ගලයෙක්ද කියලා. (නි)
අපි ජීවන් ගැන දන්නවා , අනිත් මන්ත්‍රී වරන්ට වැඩ සැලකිය යුතු සහ වැදගත් පුද්ගලයෙක් (අ)
අහිතක් සිතන්නෙ නැහැ සිහිනෙකින් පවා.... (නි)
මේ මනුස්සය ඡන්දෙ එල්ලන්න විතරයි එන්නේ මේ වගේ දේවල්වලට නිකන් පෙනී ඉඳලා යනවා (අ)
නිහතමානි ,ඔබට සදා ජය වේවා (අ)
කොහොමත් මොරටු ජනතාව ගැන අහිතක් හිතලා හරියන්නෙ නැහැනේ (නි)
කොහේ අහිතක් හිතන්නද? අල්ලපු ගමේනේ (නි)
ජීවන් ඇමතිතුමා නිහතමානී මනුස්සයෙක්. අපි ඒක අගය කළ යුත්තක්. ජීවන් ඇමතිතුමා නියම මනුස්සයෙක් (නි)
නැතුව නැතුව කොහොම අහිතක් හිතන්නද? (නි)
කොහොම අහිතක් හිතන්නද ඉතින්? (නි)
අපේ පොලිසිය මසුරන්. පැමිණිලි නැතුවත් විභාග කරනවා. ඔබ තුමා පුටු පෙරලියක් කරන්ඩ එහෙම අදහසක් නැත්ද.(නදී)
ප්‍රශ්නයක් විසදන්න ගිහින් ඔබට කල පහරදීම මමත් හෙලා දකිනවා. මිනිස්සු සංවේදී වුනාට වරදක් නැහැ. ප්‍රශ්න ඇතිවෙන්නේ 'අධි-සංවේගී' වුනහමයි. බොහෝවිට අධිසංවේගී වෙන්නේ, නැත්නම් එහෙම පෙන්නමින් හැසිරෙන්නේ, බාහිර බලපෑම් නිසා. (නි)
ප්‍රේම ,කමල අරිය,පිටරට බැංකු ණයත් දුන්න වඩුවට-මේවා හොඳ පාඩම් අපිට.... ඡන්දය එනවා අත ළඟ -පනිනවා අලියෝ පුටුවට -නැත්නම් දනී මගේ වැඩ.... (නි)
ඔය ගැහැවේ මොරටුවේ වැඩ බැරි චන්ඩි ටික... (නි)
මේ දේශපාලකයන් කරන විනාසෙට මහජනතාව කේන්තියෙන් ඉන්නේ. මේ තමයි පටන්ගැන්ම (නි)
මෙතුමා ගැන අහිතක් හිතන්න එපා. පොලිසියේ ක්‍රියාවට තමා බලපෑම් නොකරන බවත් ඡන්දය දුන් මොරටු වැසියන් ගැන තමාගේ කිසිදු අහිතක් නැති බවත් ඔවුනට දඬුවම් කිරීමට අදහසක් නැති බවත් පවසන්නේ නැවත ඡන්දය ඉල්ලන්න යන්නේ මොරටු ජනතාවගෙන් වැනි පටු අදහසකින් නොවන නිසාත් ජනතා ඡන්දයෙන් පත්වුණු සංගයා වහන්සේලා පිළිබඳවත් මෙතුමා තුල ඇත්තේ එවැනිම අනුකම්පාවක් නිසා බවත් මොරටු ජනතාව කරුණාවෙන් සලකත්වා. (නි)
වරදක් වුනත් හිතකින් නෙවේ //... (නි)