මොරටුව වේල්ස් කුමර විදුහලේ හිටපු විදුහල්පති යළි ඉල්ලා මෙතෙක් පාසල ඉදිරිපිට ගෙනගිය උද්ඝෝෂණයේ ස්වරූපය අද වෙනස් අතකට හැරුණේය. නව විදුහල්පති වැඩ භාරගැනීමට ඉඩනොදී අවහිර කළැයි මොරටු පුරපති ඇතුළු පිරිසක් උසාවි කැඳවීමත් සමඟ භික්ෂූහු කිහිප නමක් පාසල් ගේට්ටුව ඉදිරිපිට පිරිත් දේශනා කරන්නට වූහ.
ගේට්ටුව වසා තිබූ අතර මව්පියන් ද සිසුහු ද එහි රැස්ව සිටියහ. තමා අද උසාවියන බව මොරටු පුරපති එසැණට කීවේය.
ඡායාරූප සුරංජිත් පෙරේරා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු දැන් මොනවා වෙයිද කියලා (නි)
ඔහොම කියමු හාමුදුරුවනේ දිගටම (නි)
සාමා වගේ බුද්ධිමතුනුත් ලොවේ ඉන්නවා නොවැ.(අ)
ඉස්තානයට සුදුසු නුවන කියා ආඩම්බර වෙනවද දන්නෙ නෑ? (ස)
අලුත් විදුහල්පති ඊට වඩා හොද වෙන්න පුළුවන්. එයාට අවස්ථාවක් දීලා බලන්න. හැකියාවන් තිබෙන තව අය ඉන්නවා (නි)
චන්දිමගේ කතාවේ ඇත්තක් තිබෙනවා නැතුවමත් නෙමෙයි.සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරලා ලොවට ලෝකෝත්තර නිවන් මං දොරටු විවර කරදුන් උත්තමයන් ලොවට දායාද කළ ත්‍රිවිධ රත්නයම අනේ අද ලෞකික දේවල් ලබා ගන්න ආයුධයක් හැටියට පාවිච්චි කිරීම තුලින් අඳ බාල ජාති උන්මත්තකයන් ලෙසින් අපිම අපේ ධර්මය කිලිටි කරනවා නොවේද? බුදුන්ගේ ධර්මය තියෙන්නේ අයිතීන් ලබා ගැනීමට පාවිච්චි කිරීමටද? නොඑසේ නම් මේ ඝෝර සසරෙන් එතෙර වීමටද කියලා ටිකක් කවුරුත් කල්පනා කරනවා නම් හොඳයි. (නි)
මොරටුවේ ඉන්න පියතුමන්ලා එලියට එන්නේ නැත්තේ මොකද? හැම ප්‍රශ්නයකදීම ඒ අය නැැහනේ. හාමුදුරුවරු මිනිසුන්ගේ හැම ප්‍රශ්නයකටම ඉස්සරහට පැමිණිලා නිකන් බැනුම් අහනවා. (නි)
නීල් රණා කියන්නේ මුස්ලිම් අයෙක්. එයාට ඔන වෙන දෙයක් (දී)
ඇත්තටම අපේ මිනිස්සුන්ට පිස්සුද නැත්නම් හැටිද? (දී)
විදුහල්පති වරුනට පඩි ගෙවන්නේ මුළු රටේම මිනිස්සුනේගේ බදු මුදල් වලින් එක නිසා රටේ කොතන උනත් ඉන්න දරුවන්ට සේවය දෙන එක මේ අයගේ වගකීම, මොකද අනෙක් ඉස්කෝලවල දරුවන්ට හොද විදුහල්පති කෙනෙක්ගේ සේවය ඕනේ නැද්ද (දී)
ඔය පාසලේ උත්සවයකට මමත් සහබාගි වුණා. එදා එතන හිටපු බොහෝ දෙනෙක් විදුහලේ වත්මන් දියුණුව ගැන කතා කළා. ඒ වගේම එම උත්සවය අමතා විදුහල්පතිතුමා කතා කළා. මමත් පාසලක සංවර්ධන සමිතියක ලේකම් විදියට කටයුතු කටයුතු කරලා හොඳට අත්දැකීම් තිබෙන කෙනෙක්. එතුමා ඇත්තටම දක්ෂයෙක් බව අපට වැටහුනා. එතුමා රැකගන්න දෙමාපියන් ගන්න උත්සාහය සාධාරණයි. හාමුදුරුවරු ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරන්නේ නැහැ නේද? හොද දෙයකට පිරිත් කිවුවහම මොකද ? (නි)
හැම දෙකටම බුදු හාමුදුරුවන් මුලට දා ගන්නේ ඇයි (දී )
එකනේ මේ විදියට අගම ගාව ගන්න හෝඳ නෑ හැම දේටම, (ස)
පිරිත් කිව්වට ේමවා කරන්න බැහැ. යක් බෙර ගහලා, දුම්මල ගහලා යකුන් යක්ෂණියන් පාසලෙන් එළවලා දමලා විදුහල යක්ෂ විමානයක් කරන්න මුල්වූ නායකයන් උසාවි දාලා දඟ ගෙට යවන්නයි ඕනා. (නි)
තැන නොතැන බලා පිරිත් කියන්න යෑමෙන් සාසනය හෑල්ලුවට ලක්වෙනවා. පිරිත් කියන එක හොඳයි. නමුත් උද්ගෝෂණය වෙනුවට පිරිත් කියනඑක හරිද? (ස)
මේ හාමුදුරුවරුන්ට පිරිත් කියන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද? (දී)
හාමුදුරුවන්ට වෙන වැඩ නැද්ද මන්දා? අන්තිමට හාමුදුරුවොත් ගිහියෝ ගානට වැටෙනවා මේ කරන වැඩ වලින් (නි)
මේ මෑතක සිට දේශපාලකයෝ අපේ බුදු දහමත්, භික්ෂූන් වහන්සේලාත් තමන්ගේ කූට දේශපාලන වැඩ සඳහා ඉතා කපටි ආකාරයෙන් යොදා ගන්නවා. මෙතන වෙන්නෙත් ඒ වගේ වැඩක් කියලයි මම නම් හිතන්නේ. පිරිත කියන්නේ, අපේ සංස්කෘතියේ ඉතා ගෞරවයෙන් සලකන දෙයක්. ඒතරම් උතුම් දෙයක් මේ වගේ වැඩකට යොදාගන්නකොට, මීට වඩා තව ටිකක් කල්පනා කළා නම් හොඳයි. තරුණ භික්ෂූන් වහන්සේලා මීට වඩා කල්පනාකාරීව, විමර්ශනශීලීව කටයුතු කරනවා නම් හොඳයි. මහානායක හාමුදුරුවරුන්ට ඉතා ගෞරවයෙන් මතක් කරන්න දෙයක් තියෙනවා, එනම් භික්ෂු කතිකාවතක් පවත්වා භික්ෂු ශාසනය ආරක්‍ෂා කරගන්නා ලෙසයි. (නි)
මෙතැන තියන්න ප්‍රශ්නය ඕක නෙමෙයි. ඇත්ත දන්නෝ දනිති (නි)
කට්ටිය හරියට කතා කරන්නේ මේ හිටපු විදුහල්පතිට සාමාන්‍ය ස්ථාන මාරුවක් ලැබිල වගේනේ. ..එහෙමනම් මේ උද්ගොෂණයට අපිත් එකග වෙනවා..වැඩක් කරන මනුස්සයෙක් තියාගන්න කව්රුත් කැමතිනේ...එ වුනාට වැඩේ තියෙන්නේ මෙයාට තියෙන චෝදනා සහ එවට කෙරෙන පරීක්ෂණ..එව ගැන කව්රුත් මුකුත් කියන්නේ නැහැනේ.මෙය වරද කාරයෙක් නෙමෙයි කියල ඔප්පු කරන්න..එතකොට අපි ඔය උද්ගෝෂණය සාදාරනීකරනය කරන්නම්..එහෙම නැතුව මොනවා කලත් වැඩක් නැහැ (දී)
පිරිත් කිව්වට වැරදි කරුවන් රකින්න බැහැ. යක් බෙර ගහලා, දුම්මල ගහලා යකුන් යක්ෂණියන් පාසලෙන් එළවලා දමලා විදුහල යක්ෂ විමානයක් කරන්න මුල්වූ නායකයන් උසාවි දාලා දඟ ගෙට යවන්නයි ඕනා. (දී)
ලංකාවේ පාසල් ඇකඩමිත් අධ්‍යාපනය සුද්දන්ට කත් අදින පරපුරක් බිහිකර ගැනීමට සුද්දන් විසින් ඇතිකරන ලද්දක්. එයින් වර්තමාන රැකියා වෙළඳ පොළ ඉලක්ක කරගත් වෘත්තිමය පුහුණුවක් ඇති මිනිසුන් බිහිවන්නේ නැහැ. එවැනි අධ්‍යාපනයක් තවදුරටත් නොමිලේ ලබාදීමෙන් පලක් නැහැ. අපේ සිංහල සම්ප්‍රදාය අනුව ඇකඩමික් අධ්‍යාපනය නොමිලේ දුන්නේ පන්සලේ පිරිවෙනේදී පමණයි. එයින් පරිබාහිරව සිදුවුනේ දරුවන් කුඩාකල සිටම පවුල හෝ කුලය ඇසුරුකොට ගනිමින් වැඩිහිටියන්ගෙන් වෘත්තිමය අධ්‍යාපනය ලබා ප්‍රායෝගික දක්ෂයන් බවට පත්වීමයි. එයින් අදහස්වුනේ ඔවුන් ඇකඩමික් අධ්‍යාපනයට නුසුදුස්සන් බවක් නොවේ. වැඩකට නැති සුද්දන්ගේ අධ්‍යාපනය අවශ්‍ය අයට ඒ සඳහා මුදල්ගෙවා ඉගෙනීමට පාඨශාලාත්, වෘත්තීය ඉගෙනුමක් හා රටට වැඩදායීවීමට අවශ්‍ය අයට නොමිලේ පාසලුත් ලබාදී පහ ශ්‍රේණියෙන් පසු එයින් එක මාර්ගයක් තෝරා ගැනීමට අවස්ථාව ලබාදීමත් සුදුසුයි. පහේ ශිෂ්‍යත්වය, ජනප්‍රිය පාසල්, පාසල් සංවර්ධන සමිති, ආදී ශිෂ්‍ය සංගම් ආදී මෙකී නොකී නොයෙක් දේ වලින් ඔද්දල් වී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය නගාසිටුවිය හැක්කේ එලෙසින් පමණයි. මා කුඩාකල සිටම පෞද්ගලික පාසලකට ගිය බැවින් එවැනි පාසල් වඩා හොඳ බව අත්දැකීමෙන් දන්නවා. (නි)
මෙතන කොමෙන්ට දාපු කවුරුත් කතාව හරියට දන්නේ නැහැ... ඔය කියන විදුහල්පතිතුමා එන්න පෙර වේල්ස් කුමර විදුහල සැහෙන පරිහානියකට පත්වෙලා තිබුනේ..... මෙතුමා තමයි පාසල දියුනු කරලා ආදිශිශයන් එකතු කරලා ලොකු වැඩක් කරමින් පවතිද්දී මේ ප්‍රශ්නය ආවේ.... මේ අවස්තාවේදී නගරාදිපතිතුමා ඇතුළු කිසිම පක්ශ බේදයකින් තොරව මොරටුවට ආදරයකරන ජනතාව කැපවී සිටිනවා..... අපේ සහොදර පාසලේ ප්‍රශ්ණයක් බැවින් අපත් මුළු හදවතින්ම ඔවුන්ගේ සටනට ආශිර්වාද කරනව...... (දී)
අහෝ ශ්‍රී විෂ්ණු දීව්‍ය රජෝත්තමයාණෙනි, අප සම්‍යයක් සම්බුදුරජාණන් වහන්සේ පන්දහසක් අවුරුදු ශ්‍රී සම්බුද්ධ ශාසනය ලංකාභ්‍යන්තරයෙහි ආරක්ෂා කිරීමට ඔබ වහන්සේට භාරකලෝ නොවෙත්ද? ඒ වගකීම ඉෂ්ඨ සිද්ධ කරන මෙන් ඔබ වහන්සේගේ දෙපා මුල වැටී අයැද සිටිමි. (නි)
චන්දිම, මේ අපේ මිනිස්සුන්ගේ හැටි. ඉස්කෝලේ ළමයින්ට පිරිත් කියනවා. ලංකාවේ අවුරුදු 2500 කියපු පිරිත් වලින් වැඩක් තියෙනවද? තාම ජනගහනයෙන් 50% සමෘද්ධි මත යැපෙනවා. මේකට හේතුව ලංකාවේ මිනිසුන්ගේ තියෙන දුෂ්ටකම. මේ රටේ අය පිරිත් අහන්නේ නැහැ. (නි)
මාත් හොද බෞද්ධයෙක් හේමන්ත සහ වන්නිගමගේගේ අදහස් ඉතා නිවැරදියි.(අ)
නොගැලපෙන වැඩක්! (ස)
අපේ මේ සාදුලට වෙන වැඩක් නැද්ද? (නි)
පස්වන ශ්‍රේණියෙන් පසු මුදල්ගෙවා සාමාන්‍ය පාසල් අධ්‍යාපනය ලබාගත නොහැකි ළමුන් සඳහා වෘත්තීය පුහුණු පාසල් දිවයින පුරා නොමිලේ ආරම්භ කිරීමෙන් දැනට වඩා වැඩදායී ප්‍රයෝගික පුරවැසියන් බිහිකළ හැකියි. මෙවැනි වෘත්තීය පුහුණු පාසල් තුල රැකියා වෙළඳපොල ඉලක්ක කරගත් විවිධ පාඨමාලා පැවැත්වීමෙන් දරුවන්ට තම රුචිකත්වය හා හැකියාවන් අනුව කුඩාකල සිටම ජීවිතය ගොඩනගා ගතහැකියි. (නි)
මම නම් ඇත්ත තත්වය දන්නේ නැහැ , ඒත් මට මජන විරෝදත නිසා, යම්කිසි ජනතාවගේ අතුප්තිකර තත්වයක් පෙන්වා, මෙය වෙනසකට මුල් විය හැකි. (දී)
මෙවෙනි ක්‍රියා මාර්ග ගැනීමන් දෙමව්පියන් කරන්නේ ළමයින්ට නරක ආදර්ශයක්. අන්තිමට දරුවනුත් අනුගමනය කරන්නේ මෙවැනි නොහික්මුණු ක්‍රියා මාර්ග. අඩු ගණනේ සංගය වහන්සේලාවත් කරුණාව මෛත්‍රිය නිසි ක්‍රියා මාර්ග ගැන අනුශාසන කරනවා වෙනුවට අපේ බුදු දහම පහත තත්වයකට ගෙන යාම කනගාටුදායකයි. ඉදිරියට අපේ රටට වන්නට යන දෙය ගැන මට මහත් සංකාවක් දැනෙනවා. ලංකාදීපයට බුදු සරණයි (නි)
ලංකාවේ මිනිසුන්ට හොදටම පිස්සු .(දී)
ඇයි මේ අය උද්ඝෝෂණය කරන්නේ ? එතුමා වෙන පාසලකට ගිහින් ඒකත් දියුණු කරයි කියලා බය හිතිලද ? එතුමා රාජ්‍ය සේවයට එනකොට ඕනෑම පාසලක සේවය කරන්න එකග වෙලා තියෙන්නේ. එතුමා හොදයි නම් එතුමාගේ සේවය ලබන්න වෙනත් පාසල් වලටත් අයිතියක් තිාබනවානේ? මේවා දැන් අපිට නම් විහිළුවක් වෙලා. (නි)
පාසැල ඉදිරිපිට අවහිරතා ඉවත් කරන්න පොලිසියට බලය තිබෙනවා. මොන කරුණු කාරනා තිබුනත් පාසල් පාලනය වියයුත්තේ අධ්‍යාපන බලධාරින්ගෙන් මිස සිසුන්ගෙන් හෝ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් නොවේ. කෙටිකාලයක් තුල අත්දකින දේ මත යම් යම් පොලිස් ප්‍රධානීන්, විදුහල්පතිවරුන්, හමුදා නායකයින් ඕනෑමයි, නැතහොත් සියල්ල හමාරයි කියා සිතන ප්‍රථමික, වැරදි ආකල්ප නොදියුණු සමාජයක ලක්ෂණයක් වුවත් එවැනි ඉල්ලීම් ලංකාවේ ඉතා සුලබයි. පස්වන ශ්‍රේණිය දක්වා පමණක් නොමිලේ අධ්‍යාපනයදී ඉන්පසු වාරික හෝ මාසික ගාස්තුවක් අයකිරීමෙන් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවී තිබෙන බොහෝ ගැටළු නිරාකරණය කරගත හැකියි. (නි)
දැන් මේ ක්‍රමය සෑම උද්ගොෂනයකටම යොදවීමට පක්ෂ,විපක්ෂ,විශ්ව විද්‍යාල,රජයේ පෞද්ගලික සේවක මණ්ඩල,පිකටින්,කරන්නත් පටන් ගත්තොත් හොදට තියෙයි නේද? (දී)
සෙබා කොල්ලා - ඔයාට ගොඩක් එස්තුති. එක ඇත්ත . මෙතන අදහස් දාන ගොඩක් අය දන්නේ නැහැ ඇත්ත තත්වය. (දී)
මෙතන අදහස් දක්වනගොඩක් අය ඇත්ත තත්වෙ දන්නෙ නැ. මේ විදුහල්පතිතුමා වසරක් තුල පාසැල ඉතා ඉහල මට්ටමකට ගෙනවා. දෙමව්පියන් මෙහෙම කරන්නේ මේක පළිගැනීමකට කරපු දෙයක නිසා. සාධාරණයක් වේවි කියල සිතනවා (දී)
පිස්සෝ වගේ කොමෙන්ට්ස් දානවා මිසක් මොකද මේ අය උත්ගොෂණය කරන්නේ කියල හොයල බැලුවද? ලංකාවේ ඉදන්ම ලංකාවේ මිනිස්සුන්ට පිස්සෝ කියන අයට තමා වැඩිපුර පිස්සු.. (දී)
නීල්රනා, වෘත්තීය අධ්‍යාපනය නොමිලේ දෙන්න යන මුදල් වලින් අර ළමයින්ට පස්වන ශ්‍රේණියෙන් එහාට උගන්වන්න පුලුවන්නේ. ඉගෙනගන්න සල්ලි නැහැ කියන්නේ ඇකඩමික් අධ්‍යාපනයට නුසුදුයි කියන එක නොවෙයි. මේවා පටලවා ගන්න එපා. (නි)
නීල්රනා, පිස්සු කතා කියන්න එපා (නි)
මොරටුවේ මිනිස්‌සුන්ට වෙන වැඩ නැතිව නොවේ උද්ඝොෂණ කරන්නේ. වෙච්ච ලොකු අසාධාරණයකට හා ළමයින් 4500 කගේ අනාගතය වෙනුවෙන්.(ස)
දෙශපාලන වාසි බලාගෙන වෙන්න ඇති ලකුණු දාගන්න ජනතා අතරට පැමිණිලා තිබෙන්නෙ(අ)
කරුණාකරලා ප්‍රශ්නය හොද හැටි බලලා කතා කරන්න කියලා මම අනික් අයගෙන් ඉල්ලා සිටිනවා. අපි කැමති නැහැ අපේ පාසැල අගාදයකට වැටෙනවට. (නි)
චන්දිම මටත් කියන්න තිබෙන්නේ ඕකම තමා ...හරි පුදුම රටක්...(ස)