මොරටුව මහ නගර සභාවේ රැස්වීම අද (22) පෙරවරු 11ට ඇරැඹිණි. එහි විදුලි අංශ සේවකයෝ උදෙන්ම වැඩ පටන් ගත්හ. ඔවුන්ගේ රාජකාරිය වූයේ ශබ්ද විකාශන යන්ත්‍ර හරියට ක්‍රියාත්මක වේදැයි පිරික්සීමයි. එසේත් නැත්නම් ටෙස්ට් කිරීමයි.
සේවකයෝ පිරිසක් ආහ. ඔවුහු මයික්‍රෆෝන ටෙස්ට් කළහ. මයික්‍රෆෝනය ළඟට කට තියා ටෙස්ටින් ටෙස්ටින් යනුවෙන් කියා එය ශබ්ද විකාශන පද්ධතියෙන් විකාශය වේදැයි තහවුරු කරගත්හ.
ඉන්පසු ඔවුහු ඉහළ මාලේ යන්ත්‍ර සූත්‍ර ඇති පැත්තට ගියහ. හිටි ගමන් නමෝ නමෝ මාතා වාදනය විය. එහි සිටි කිහිප දෙනෙක් ගීතයට ගරු කරමින් නැගී සිටියහ. පේළියක් දෙකක් වාදනය වීමෙන් පසු ජාතික ගීය අතරමග නතර විය. යළිත් එයම වාදනය විය. ඒ ආකාරයෙන් අටවරක් ජාතික ගීයට ඔවුහු දඬුවම් කළහ. ඒ ගැන ඇසූ විට නගරසභා සේවකයකු පැවසූයේ ‘අපි හැමදාම මෙහෙම තමයි ටෙස්ට් කරන්නේ‘ යනුවෙනි. ජාතික ගීය ඒ සඳහා යොදා ගැනීම හොඳ නෑ නේ දැයි ඇසූ විට ඔවුන්ගෙන් හරි පිළිතුරක් නොලැබිණි. එහි සේවකයකු පැවසූයේ ‘මිසී අද උදෙන් ආපු නිසා තමයි මේක දැක්කේ‘ යනුවෙනි.
ජාතික ගීය වාදනය කළ යුතු ආකාරයත් ඊට ගෞරව දැක්විය යුතු ආකාරයත් ස්වදේශ අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව මේ පිරිස නොදන්නවා විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩකරන අය ගැන ඉතින් කතාකරන්න දෙයක් නැහැ (නි)
ලංකාවේ සිංහලයන් වැඩි දෙනෙකුට ජාතිකත්වයක් තිබුනා නම් සිංහලයාට අද මෙසේ වේවිද? (නි)
තමන්ගේ ජාතියට ආගමට දක්වන නොසැලකිලිමත් කම මිසක් වෙන මොකවත් නෙමෙයි. (ර)
නීතියෙන් දඬුවම් කරමු. (ර)
දැන් විහිළුවක් වෙලා. (ර)
මේ අය කොහොමත් නගර සභාවේ තමන්ගේ රාජකාරී වෙනුවට කරන්නේ සින්දු ගහන එක තමයි. (කෞ)
ලංකාවේ අද ජාතිය ගැන කතාකිරීම ජාතිවාදයනේ. අපිට ඉන්නේ කවුද අපි ගැන කතාකරන්න? (නි)
දැන් ජාතික ගීය විහිළුවක් වෙලා. නගර මැද්දේත් උදේට වාදනය කරනවා. පයින් යන අය කෙළින් හිටගෙන ඉන්නවා. වාහන වල ඉන්න අය වාහන නතර කරගෙන ඉන්නවා. ඒ අතර ටිකක් නවතින්න බැරි හදිස්සිකාරයොත් පේන්න ඉන්නවා. කොහොම වුණත් මෙතන ප්‍රායෝගික භාවිතාව පිළිබඳව නම් ගැටළුවක් තිබෙනවා. (නි)
දැන් ඕක වෙනත් භාෂා වලිනුත් ගායනා කරන්න අවසර දීලා තිබෙන එකේ මෙහෙම කළහම මොකද වෙන්නේ කියලා හිතන්න ඇති. (නි)
අඩු ගන්නේ වෙන මොකක් හරි රටක ජාතික ගීයක් ගහන්න තිබුනනේ. ඇයි අප්පච්චියේ අපේ එකම ගැහුවේ? (කෞ)