IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මොරටු මහ සබෙන් ජාතික ගීයට අවමන්

මොරටුව මහ නගර සභාවේ රැස්වීම අද (22) පෙරවරු 11ට ඇරැඹිණි. එහි විදුලි අංශ සේවකයෝ උදෙන්ම වැඩ පටන් ගත්හ. ඔවුන්ගේ රාජකාරිය වූයේ ශබ්ද විකාශන යන්ත්‍ර හරියට ක්‍රියාත්මක වේදැයි පිරික්සීමයි. එසේත් නැත්නම් ටෙස්ට් කිරීමයි.

සේවකයෝ පිරිසක් ආහ. ඔවුහු මයික්‍රෆෝන ටෙස්ට් කළහ. මයික්‍රෆෝනය ළඟට කට තියා ටෙස්ටින් ටෙස්ටින් යනුවෙන් කියා එය ශබ්ද විකාශන පද්ධතියෙන් විකාශය වේදැයි තහවුරු කරගත්හ.

ඉන්පසු ඔවුහු ඉහළ මාලේ යන්ත්‍ර සූත්‍ර ඇති පැත්තට ගියහ. හිටි ගමන් නමෝ නමෝ මාතා වාදනය විය. එහි සිටි කිහිප දෙනෙක් ගීතයට ගරු කරමින් නැගී සිටියහ. පේළියක් දෙකක් වාදනය වීමෙන් පසු ජාතික ගීය අතරමග නතර විය. යළිත් එයම වාදනය විය. ඒ ආකාරයෙන් අටවරක් ජාතික ගීයට ඔවුහු දඬුවම් කළහ. ඒ ගැන ඇසූ විට නගරසභා සේවකයකු පැවසූයේ ‘අපි හැමදාම මෙහෙම තමයි ටෙස්ට් කරන්නේ‘ යනුවෙනි. ජාතික ගීය ඒ සඳහා යොදා ගැනීම හොඳ නෑ නේ දැයි ඇසූ විට ඔවුන්ගෙන් හරි පිළිතුරක් නොලැබිණි. එහි සේවකයකු පැවසූයේ ‘මිසී අද උදෙන් ආපු නිසා තමයි මේක දැක්කේ‘ යනුවෙනි.

ජාතික ගීය වාදනය කළ යුතු ආකාරයත් ඊට ගෞරව දැක්විය යුතු ආකාරයත් ස්වදේශ අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව මේ පිරිස නොදන්නවා විය හැකියි.

 



අදහස් (0)

මොරටු මහ සබෙන් ජාතික ගීයට අවමන්

සිසිර Wednesday, 23 December 2015 04:42 PM

මේ වගේ වැඩකරන අය ගැන ඉතින් කතාකරන්න දෙයක් නැහැ (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 23 December 2015 02:42 AM

ලංකාවේ සිංහලයන් වැඩි දෙනෙකුට ජාතිකත්වයක් තිබුනා නම් සිංහලයාට අද මෙසේ වේවිද? (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 24 December 2015 12:39 PM

තමන්ගේ ජාතියට ආගමට දක්වන නොසැලකිලිමත් කම මිසක් වෙන මොකවත් නෙමෙයි. (ර)

:       0       0

සංක Sunday, 27 December 2015 03:42 AM

නීතියෙන් දඬුවම් කරමු. (ර)

:       0       0

සොපි Sunday, 27 December 2015 03:42 AM

දැන් විහිළුවක් වෙලා. (ර)

:       0       0

සරත් Wednesday, 23 December 2015 03:49 AM

මේ අය කොහොමත් නගර සභාවේ තමන්ගේ රාජකාරී වෙනුවට කරන්නේ සින්දු ගහන එක තමයි. (කෞ)

:       0       0

ජයවීර Wednesday, 23 December 2015 11:52 AM

ලංකාවේ අද ජාතිය ගැන කතාකිරීම ජාතිවාදයනේ. අපිට ඉන්නේ කවුද අපි ගැන කතාකරන්න? (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 24 December 2015 03:34 AM

දැන් ජාතික ගීය විහිළුවක් වෙලා. නගර මැද්දේත් උදේට වාදනය කරනවා. පයින් යන අය කෙළින් හිටගෙන ඉන්නවා. වාහන වල ඉන්න අය වාහන නතර කරගෙන ඉන්නවා. ඒ අතර ටිකක් නවතින්න බැරි හදිස්සිකාරයොත් පේන්න ඉන්නවා. කොහොම වුණත් මෙතන ප්‍රායෝගික භාවිතාව පිළිබඳව නම් ගැටළුවක් තිබෙනවා. (නි)

:       0       0

ඇසළ Thursday, 24 December 2015 04:34 PM

දැන් ඕක වෙනත් භාෂා වලිනුත් ගායනා කරන්න අවසර දීලා තිබෙන එකේ මෙහෙම කළහම මොකද වෙන්නේ කියලා හිතන්න ඇති. (නි)

:       0       0

රොකී Thursday, 24 December 2015 08:43 AM

අඩු ගන්නේ වෙන මොකක් හරි රටක ජාතික ගීයක් ගහන්න තිබුනනේ. ඇයි අප්පච්චියේ අපේ එකම ගැහුවේ? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site