එගොඩඋයන සුනන්දෝපනන්දාරාමා හිමි නම ඝාතනය සැකකාර මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර පසුගියදා රිමාන්ඩ් බාරයේ සිට නගරසභා රැස්වීමට ගෙනා දිනයේ ඔහුට බාධා කළැයි කියන හිමිවරුන් හය නමකගේ නම් පමණක් ඉදිරිපත් කර නොතිසි ගැනීමට මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්. මිහායිල් මහතා මොරටුව පොලිසියට දොස් කීවේය.
ලිපිනයන් නැතිව හිමිවරුන්ගේ නම් ඉදිරිපත් කිරීමත් උප පුරපතිට ආරක්ෂාව සැලසීමට නොහැකිවීමත් පොලිසියේ දුර්වලකමක් බව මහේස්ත්‍රාත් පැවසීය. උසාවි වැඩවලදී මීටවඩා සැලකිලිමත් වන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ නම කන්නෙත් පොලිසියේ අයම තමයි. දැක්කානේ කලින් පොටෝ එකක් ගියා පොලිස් ලොක්කෙක් යුනිෆෝර්ම් පිටින් ඉන්න පොලිස් පොඩ්ඩෙක්ට කියො කකුලේ දාගෙන ඉන්න සපත්තුව පොලිෂ් කරගන්නවා (නි)
අපි අද ජීවත් වෙන්නේ මිනීමරුවන්ට කුඩ අල්ලන යුගයක. (නි)
එදා හාමුදුරුවරු දක්වපු විරෝධය හරියට හරි. නීතියෙන් යුක්තිය ඉටු නොවේ නම් මහජනයා නිතිය අතට ගැනීමට පෙලබීම සාමාන්‍ය දෙයක්. (නි)
මහා සංඝයා මොරටු උප නගරාධිපතිට විරෝධය දැක්වීම සාධාරනයි නේද? පොලීසිය මීට වැඩිය වගකීමෙන් කටයුතු කළා නම් හොඳයි. (නි)
කසුන්, ඔක තමයි අසාද් සලිත් කියන්න ඇත්තේ.(නදී)
රටේ නීතිය වල් වැදිලා. (නි)
බලන් යන කොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ....මෙහි "හාමුදුරුවෝ" යනු පන්සලේ හාමුදුරුවෝ නොවෙයි හොදේ. (නි)
ඇයි කෙලින්ම කියන්න බැරි මෙවන් පුද්ගයින් මහජන සේවයට සුදුසු නැහැ කියලා. (නි)
බලය අතට ගත්තු අය කරන හැම දාමරික වැඩකටම ටික දවසක් ගිහින් සමාව ලැබෙනවා. අනේ මන්දා මෙහෙම ගියොත් අපේ ධර්මද්වීපයට මොනවා වෙයිද මන්දා. වග කිවයුතු අය ඇයි මේ අද ගැන පමණක් හිතන්නේ? (නි)
පොලිසියේ අයටම දොස් කියලා වැඩක් නැහැනේ. ඊට ඉහළින් තියෙන ආයතන වලත් අද නීතිය වල්වැදිලා (නි)
ඔය පවු වලට හවුල් අයට අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙයි ස්වභාව ධර්මෙන්ම (නි)
අපිටත් පතරොම් පහක්වත් දෙන්න, හරියට වැඩ නොකරන පොලිස් කාරයෝ ගැන බලාගන්න (නි)
නීතිය ගැන අපේ විශ්වාසය බිදිලා ගොඩක් කල් (නි)
වරුන,සීලිය,කසුන්,ෂෙරිෆ් ඔබ හතර දෙනාගේම අදහස් 100%ක් නිවැරදියි (නි)
දේශපාලන කෙරුමෝ කියන විදියටයි පොලිසියත් දැන් වැඩ කරන්නේ (නි)
හාමුදුරුවෝ ඉන්න තැන ලිපිනයවත් දන්නේ නැතිද ඇස්.අයි. මහත්තයෝ? (නි)