මොරටුව දිගරොල්ල පාලම අලුත්වැඩියා කිරීමෙන් පසු අද විවෘත කළේය. බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකළ මෙම පාලම මීට මාස හයකට පමණ පෙර අලුත්වැඩියාව සඳහා වසා දැමිණි. ඒ සඳහා ලක්ෂ 30ක් පමණ වැය කෙරිණි. පාලම විවෘත කිරීමේ අවස්ථාවට මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා ද එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම නමුත් වැඩේ අවසන් කරපු එක ගැන සතුටුයි (නි)
ඒක හරිම ලස්සනයිනේ. (ස)
මෙතෙක් අඩුම මුදලක් වියදම් කරපු වැඩක් ?ඒකයි පුදුම. ලක්ෂ 30. (ස)
ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම වෙනුවෙන් ස්තුතියි. නමුත් අවුරුදු 130ක් පැරණි මෙම පාලම මෙතරම් ඉක්මනින් නිම වීමට ස්තුතිය නැවත එය නිර්මාතෘ ඉංජිනේරුවන්ට හා එම කාර්යයට මුල් තනාදුන් එවකට ඉංග්‍රීසි ආන්ඩුකාරවරුන්ට හිමිවිය යුතුයි. එතරම් බලසම්පන්න ලෙස මෙම පාලම නිමවා තිබීම එයට හේතුවයි. මෙම පාලම උපයෝගී වුනේ වැඩි හරියක්ම ටොන් දහස් ගණන් බර සහිත වාහන හුවමාරුවටයි. වෙරළ තිරයට සමගාමිව නව ගාලු පාර ඉදි වුවත් මෙම පරණ පාර හා පාලම වඩාත් උපයෝගී වුනේ මොරටු ප්‍රදේශයට ආවේනික දැව කර්මාන්තය හා නිෂ්පාදන වගේම බයිසිකල් කර්මාන්ත සදහා ප්‍රවාහනය වූ දීර්ග හා බර කන්ටේනර් ප්‍රවාහනය වැඩි හරියක් ප්‍රවාහනය කරවීමටය. මින් පෙර කිහිප වතාවක් සුළු සුළු අලුත් වැඩියාවන් කල නමුත් මෙම පාලමට සමගාමිව දෙපස දිවෙන පයින් ගමන් ගන්න මගීන් ගේ තීරුව බොහෝ කල් පටන්ම අබලන්ව තිබීම, පාලමේ දෙපස ආරුක්කු යකඩ දිරාගිය කොටස් අලුත්වැඩියා කර නඩත්තු කර පාලම ආරක්ෂා කරගැනීමේ උවමනාව නගර සබාවට හෝ ප්‍රාදේශීය බල මණ්ඩලයට උවමනාවක් නොවුයේ එදා එහි නිර්මාතෘවරු ඇතුළු ඉංජිනේරුවන් මෙම පාලම තනා තිබු ශක්තිමත් භාවය අද තාක්ෂණයෙන් ඉටු කරගැනීමට අපොහොසත් බව මොනවට කියා පායි. මෙම පාලම පමණක් නොව මොරටු නගර සබාව අසලින් පටන් ගන්න පරණ ගාලුපාර එදා සිට අද දක්වා මගී ප්‍රවාහනයට කෙතරම් දායකත්වයක් දැරුවාද? අද අලුත් පාර උපයෝගී වුනත් එදා දකුණ යා කල ප්‍රදාන මාර්ගය පැරණි ගාලු පාරයි. අදත් මගී ප්‍රවාහනයට්ත් ඉමහත් සේවයක් සැලසෙන පැරණි ගාලු පාර ඇතුළුව විකල්ප ප්‍රසිද්ද නගර යාවෙන මාර්ග ගණනාවක් මෙම මාර්ගයට ඒකා බද්දවෙන්නේ මෙම මාර්ගය කවරදාකවත් අමතක කරවන්නට බැරි හෝ ලක්ෂ සන්ඛායාත ජනතාවකගේ, දහස් ගණනකගේ පාසල් දරුවන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ ඕන එපාකම් ඉටුකරන නිසාවෙනි. නමුත් මේසා ප්‍රදාන මාර්ගයේ වෙසෙන ජනතාව වර්ෂා කාලයකට පීඩා විදින්නේත්, වාහන ගමනා ගමන දුෂ්කරතා විදින්නෙත්, අප රටේ දේශපාලකයන්ගේ කුඩම්මාගේ සැලකිල්ල නිසාවෙනි. දේශපාලකයන් දිනවන්නට පමණක් වලවල් වසන, දිනුවායින් පසුව හෑරෙන හා දෙපස ජලය බැසීමට නිසි පරිදි කාණු පද්දති නොමැති පරණ ගාලුපාර දේශපාලකයන්ට අරහන් වී ඇත්තේ මේ ප්‍රදේශයේ ජනතාව කතිරේ ගහන විදිහ වැඩි හින්දද? නැතිනම් මෙහි ජනතවගේ බදු මුදල් ගෙවන්නේ වලංගු මුදලින් නොවෙයිද? මේ ප්‍රදේශයේ ඉන්න ප්‍රකොටිපතියනුත් ගමන් ගන්නේ මෙම මාර්ගයෙන් නමුත් ඔවුන්ගේ වාහන වල තාක්ෂනය අනුව ඔවුන් පාරවල්,වලවල් උඩින් යාමේදී නැවකින් ගමන් කරන්නක් සේ හැගෙන නිසාවෙන්ඊට අවනතවී සිටියි. වැහි කාලෙකට ජනතාව හා පාසල් දරුවන් විදින දුක විද්‍යුත් මාධ්‍යයන්ටත් තවම දෘශ්‍ය මාන නොවුයේ දේශපාලකයන්ගේ පිනටද?(නදී)
කිව්වෙ නම් මාස හයකින් අලුත් පාලමක් හදනවා කියලයි. පරණ එකට තීන්ත ගාන එකක් ගැන නම් කිව්වේ නැහැ.(නදී)
ඔය විදියට හරි ඉවර කරපු එක ලොකු දෙයක්.කරුණාකරලා පරණ පාර හදල දෙනවද? නැත්නම් කිසිම දේශපාලුවෙකුටවත් ඡන්දෙ ඉල්ලගෙන නම් එන්න දෙන්නේ නැහැ. කවදාවත් හරියට ඔය පාර හැදුවේ නැහැ කිසිම ආණ්ඩුවකින්, ප්‍රාදේශීය සභාවකින්, පළාත් සභාවකින්.... (නි)
ලොකු දෙයක්. (නි)
ආ... ඒක හොදයි (නි)
අස්මිත ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. අපි හැමෝම එකතු වෙලා ඉන්න ඕනේ. අපේ පාර හදනකන් කිසිම කෙනෙක්ට ඡන්දෙ නම් දෙන්නේ නැහැ කියල හැම කෙනෙක්ම එකම තිරණයක ඉන්න ඕනේ. අපි හැමෝම දන්නවා කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න ඇමතිවරු ගණන. ඒත් ඡන්දෙට පමණි ඔය හැම දෙනාම එන්නේ.(නදී)
පරණ ගාලු පාරත් හදලා දාන්න ගරු ඇමති තුමනි.(නදී)
ලක්ෂ 30කින් හදපු එක හොදයි (නි)
පින්තුරයක් වත් දාල නැත්තේ ඇයි?(නදී)
ඔක්කොම කෝටි ගණනින්.ඇයි මේක විතරක් ලක්ෂ 30 කින්? (නි)
මහජන මුදලින් අලුත්වැඩියා කරපු එකක් නේද? (නි)