නව විදුහල්පතිට වැඩ බාර ගැනීමට නොහැකි වන අයුරින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රණාන්දු ඇතුළු නව දෙනකුට අද උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර ඇත.
මේ අතර විදුහල ඉදිරිපිට ඉදි කර තුබූ අට්ටාලය ද අද උදෑසන වන විට ඉවත් කර තිබේ.
අද උදේත් මව්පියෝ සියයක් පමණ පාසල ඉදිරිපිට රැස්වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු විදුහල්පති විනය පරීක්ෂණයකින් වරදකරු වීම නිසා ඉවත්කලා කියල නේද කියන්නේ? අනේමන්ද, අපේ මිනිස්සුමයි රජය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියල උද්ඝෝෂණය කරන්නෙත්. නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියල උද්ඝෝෂණය කරන්නෙත්. (දී)
වේල්ස් කුමර දෙමව්පියන් ලෙසට අප මේ කරන උද්ඝෝෂණය ගැන මේ කවුරුවත් කරුණූ නොදන්නා නිසා තමයි මේ විදියට අදහස් දක්වන්නේ. නමුත් සම්පත් වේරගොඩ මහතා විදුහල්පති තනතුරට පත්වී පැමිණීමට පෙර විදුහල පත්ව තිබූ අන්ත අසරණ තත්වය ගැන මේ කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. අපට විදුහලට අපේ පුතාලව යවන්නට පවා තිබුනේ බියක්. පෙර සිටි එකම විදුහල්පති කෙනෙකුටවත් මේ තත්වය නැති කරන්න පුළුවන් වූයේ නැහැ. එවන් යුගයක අපේ සම්පත් සර් පැමිණ මාස කිහිපයක සුළු කාලයක් ඇතුලත පාසලේ විනය ඉතාමත් ඉහල තත්වයකට ගෙන ආවා. ඉතින් නැවතත් අපේ පුතාලා ඉගෙන ගන්නා මොරටුවේ තිබෙන හොදම පාසල නැවතත් ඒ තත්වයට එනවා දකින්න අපි කැමති නැති නිසා තමයි අපි මේ උත්සාහ කරන්නේ සම්පත් සර්ව නැවත ලබා ගෙන මේ තත්වය නොවෙනස්ව පවත්වා ගෙන යන්න. අවංක සේවයක් කරපු, තඹ දොයිතුවක්වත් තමන්ගේ සාක්කුවේ දමා නොගත් සම්පත් සර් පැමිණ මාස පහලොවට කරපු සේවය අති ඉමහත් එකක්. එතුමාට කරන්න තිබෙන වැඩ කටයුතු බොහොමයි. එනිසා මේ කියවන පාඨකයන් තේරුම් ගන්න 4000 කට වඩා සිසුන් ඉන්නා තැනක දෙමාපියන් මේ කරන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය රැකගන්නට බව. (නි)
වැරදි කරු වෙලා රාජ්‍ය සේවා කොමිසමෙන් අයින් කල කෙනෙක් තියා ගන්න මෙච්චර දඟලන්නේ හේතුවක් නැතුවම වෙන්න බැහැ මයෙ හිතේ. (දී)
උපාලි මම කියන්නෙත් ඔයා කියපු දේමයි (දී)
හිටපු විදුහල්පති කියන දේ කොහොමද විශ්වාස කරන්නේ? මොකද හිටපු විදුහල්පති විනය පරීක්ෂණයකින් වරදකරු වීම නිසා ඉවත්කලා කියල නේද කියන්නේ? (නි)