
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට නිල සංචිත 5.99 ක් වූ බවත් ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී මෙරට නිල සංචිත සියයට 7.9 ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් ෆිච් රේටින්ග්ස් සමාගම පැවැසුවේය. එසේම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට නිල සංචිත සියයට 81 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එම සමාගම පැවැසුවේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක නිල සංචිතවලට චීනය මෙරටට ලබාදී ඇති විදේශ මුදල් හුවමාරු පහසුකමද ඇතුළත් වේ.
මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචිත ඉහළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති සහාය බෙහෙවින් බලපා ඇති බවද ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
ෆිච් රේටින්ග්ස් යනු ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ සමාගමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ කැනඩාවෙන් එවනවා කියපු ඩොලර් මිලියනය එවලා, අනික් සහෝදරගලෙයි ලත් මාස් පතා ඩොලර් 500 ගානේ එවලා ඇති