ඕස්ට්‍රියාවේ පැවැති ජගත් ලෝක කුසලාන නැටුම් තරගාවලියේ ජාතික නැටුම් හා ගැමි නැටුම් ඛණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවෙ නියෝජනය කළ මොරටුවේ දිලුකා මෙන්ඩිස් සමත් වුවාය. රටවල් 69කින් ශිල්පීහු 200දෙනෙක් ඊට සහාභාගී වූහ. ඇගේ නැටුම් ගුරුවරිය ජනාදරී සල්ගාදු හා මව දේවිකා පීරිස් නටුනායක දී ඇය පිළිගත්හ. දිලුකාගේ ජයග්‍රාහී රංගනය වූයේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දක්වන උඩරට නර්ථනයකි. එය නම් කර තිබුණේ ‘ශ්‍රී ලංකාවේ රිද්මය‘ යනුවෙනි. වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක වන දිලූකා මොරටුවේ පදිංචි කාරියකි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් 7යි
හදවතින්ම සුභ පතනවා...
නියමයි, මගේ සුභ පැතුම් දිලූකා දුව....
ශ්‍රේෂ්ටයි. සුභපතනවා ඔබට දිලුක දුව
නියමයි.මගේ සුභ පැතුම් දුවේ
අපේ මුළු රටටම ආඩම්බරයි තව තවත් ධෛර්ය ශක්තිය ලැබේව බුදුසරණයි
දුව , ඔය රන්පදකක්ම ගත්ත වගේම ඉදිරි අනාගතය රත්රන් එකක් වේවා කියලා සුබ පතනවා .
දුවා, ඔයා රන් පදක්කමක් ගත්තා වගේම ඔයාගේ ජීවිතෙත් රත්තරන් වගේ බබළව ගන්න....සුභ පැතුම්...
අපෙනුත් සුභ පැතුම් !!!..
මම ඔබගේ නර්තනය සජීවිව නැරබුවා හරිම අලංකාරයි. මාගේ සුභ පැතුම්. තිලක් ගමගේ ත්‍රෙවිසෝ ඉතාලිය.
අපේ කෙල්ලෝ අතරේ වැඩ පෙන්නල ජය ගත්ත නංගියෙක්..ජය වේවා !
දියණියනි ඔබ අපරටට වසනාවන්
ජනාධිපති තුමනි, මෙවැනි අය දෙස බලා මෙවැන්නන්ගේ අනාගතයට පිහිට වන්න....
බොහොම පින් අපේ රටේ නම බබලවනවට .මේ වගේ පුවත් ගොඩක් වටිනවා අපි වගේ වෙන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට.සුභ පැතුම්
ඔබට ජය!
ලංකාවේ නම ඉහලින් ඔසවා තැබුවාට ස්තූතියි. සුභ පැතුම්.
මගේ සුබ පැතුම් සොයුරිය! ඔබට ඔබ වැනි දුවා දරුවන් ලක්මවට ආඩම්බරයක් මෙය සදහාත් ඔබගේ සහයෝගය පළ කරන මෙන් ලංකාදීප පාඨක ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලමී..... රටවල් 60 ක් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට ලොව වැඩිම රටවල් ගනනාවක් සහභාගී වන තොරතුරු තාක්ෂණ තරගාවලිය ලෙස සැලකෙන Microsoft Imagine Cup තරගාවලිය මෙවරත් රටවල් 75ක සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජූලි 6 වන දින සිට ජූලි 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර එම තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සහභාගී වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසකි. මෙම තරගාවලියේ එක් අංගයක් වන People’s Choice අ වර්ඩ් සදහා රටවල් 60ක් සහභාගීවී ඇති අතර ඒ අතරින් ජනප්‍රියතම කණ්ඩායම ලෙස මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමයි. මනාප පල කිරීම ජූනි 20 වන දින සිට ජූලි 9 වන දින දක්වා සිදුකල හැකි අතර පැය කිහිපයකට වරක් එකම IP ලිපිනයෙන්ද මනාප පලකල හැක. ශ්‍රීලංකා කණ්ඩායමට මනාප පලකොට ඉදිරියට ගෙන ඒමට පහත සබැඳිය වෙතට ගොස් වීඩියෝව යටතින් මතුවන "VOTE" බොත්තම ඔබන්න. http://www.imaginecup.com/Competition/PCATeam.aspx?Competitionid=71
ඔය නංගි අපටත් ලංකාවටත් ලොකුම ලොකු ආඩම්බරයක්.. තව ඉදිරියටම යන්න.. දෙවියන්වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි පතමි..!!
සුබ පැතුම් නංගි ඔයාට
ලක් මවගේ නෙත් සතුටු කදුළින් තෙත් වෙන්නෙ.. ඔබලා වැනි අගනා දියණියන් ඇයට සිටින නිසයි....
සුභ පැතුම් අක්කි!
අපිට සතුටුයි....නැටුමෙනුත් ලංකාවට ජය....
නියමයි නංගි.රටටම ආඩම්බරයක්.
සුබ පැතුම් නංගි ඔයාට
ලංකාවේ නම ඉහලින් ඔසවා තැබුවාට ස්තූතියි. සුභ පැතුම්.
රටට රන්පදක්කමක් ගෙනවිත් ලබා දුන් කීර්තියට අපේ සුභ පැතුම්....
සුභ පැතුම්.. සතුටුයි.
ජය වේවා !
මම ඔයාට හදවතින්ම සුභ පතනවා...
රටටම ආඩම්බරයක් .සුභ පැතුම්......
ලක්මව සැරසුව මොරටුව අපේ ගම....
නංගියෝ ඔයා ලෝකෙම හොල්ලන්න භූමි කම්පාවක්ද ?
ඉතා හොදයි
මොරටුව කවදත් ලොව මවිත කරනවා...
එල නංගී.. ඔයානම් මාරයි ආ.... ලොවෙත් නෑ....
වාව් නියමයි !!
ඔබ ගැන ආඩම්බරයි..
මෙවැනි දරුවෝ ජාතියට වාසනාවක් . මේ දක්ෂයින්ට අත දිය යුතුයි..
මොරටුව නම් ඉතින් අහන්න දෙයක් නෑ....එලකිරි තමයි මොන දේ කලත්.......
දැන් ඉතින් පරිස්සමින් ඉන්න වෙයි නංගියෝ..
බොහොම සතුටුයි...ඉදිරියටත් ලක්මවගේ නාමය බබළවන්න, දිරිය දියණියක් වන්න වාසනාව, ධෛර්‍ය, ශක්තිය , ලැබේවා !!!!
සම්මා සම්බුදු සරණයි දුවේ ඔයාට
සතුටේ බෑ නගෝ...අපි දැන් හැම දේකින්ම එක වෙනවා නේද කියලා හිතෙනවා
නියමයි පොඩි පැටියෝ. ලංකාවේ නම ඉහලින් ඔසවා තැබුවාට ස්තූතියි. සුභ පැතුම්.
සොයුරිය ඉදිරියටම යන්න සුභ පැතුම්..
මොරටුවේ අපිටත් රටේ සැමටත් ආඩම්බරයි
මොරටු කෙල්ල ලොව කළඹයි කියල දැම්මනම් හොද නැද්ද ......
නියමයි.අපි ආදරෙයි ඔබට
මරුනේ නගා
කෝ ඇමතිල කවුරුත් ගිහින් නැද්ද මෙයාව පිළිගන්න ?