අපරික්ෂාකාරී ලෙස මාර්ග නීති නොතකමින් රිය පදවමින් රජයේ දේපලක් වූ රථයක් අනතුරට පත්කිරීම සම්බන්ධයෙන් මොරටුව මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඩී.එම්.කරුණාරත්න රුපියල් 5000.00 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්.මිහායිල් මහතා අද නියෝග කළේය.
කොමසාරිස්වරයා අධිකරණයේ දී කියා සිටියේ මේ චෝදනාවලට තමන් නිවැරදිකරු බවයි.
මේ අතර බස්නාහිර පළාත් වැඩබලන ආණ්ඩුකාර ලේකම් පී.සෝමසිරි මහතාගේ විසින් නාගරික කොමසාරිස් ඩී.එම්.කරුණාරත්න මහතා සේවා අවශ්‍යතාවක් මත යැයි පවසමින් බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති අතර නාගරික කොමසාරිස් ධූරයේ වැඩ බැලීම සඳහා එස්.ඩී.තෙවරප්පෙරුම මහතා පත්කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පණ නැති අය මහපුටුවල ඉන්නකම් නිතිය වල්වදිනවා ඔය මොන පුරසාරම් දෙඩුවත්. (බ)
අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා (නි)
ඉසුරන්දි, දැන් දැන් ඔයා කියන තත්වය ටිකෙන් ටික මග ඇරෙනවා. කොන්ද පණ නැහැ නෙමේ, ඉහළ නිලධාරීන් ගේ කොඳු බිඳලා තිබුනේ පහුගිය ආණ්ඩුවෙන්. (බ)
දැන් තුන් වරක් පෙරන ලද කෙනෙක්, තෙවරක්පෙරුම. (ස)
රටේ වාහන තදබදයට ප්‍රධානම හේතුව ස්ථානෝචිත ප්‍රඥාව නැති, ඉක්මන් තීරණ ගත නොහැකි, බුද්ධි මට්ටමෙන් අඩු, තම නිල ඇඳුමෙන් ඔලුව උදුම්මවාගත්, තමන්ගේ පුද්ගලික අවශ්‍යතා මත වාහන හසුරුවන පොලිස් නිලධාරීන් කියලා අද තියන තත්වය දිහා ටිකක් උවමනාවෙන් බලද්දී පෙනී යනවා. (නි)
නීතිය කාටත් පොදුය (නි)