මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර පානදුර මහාධිකරණයේ ඇප නියෝග පරිදි රුපියල් පන් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් සහ රුපියල් විසි පන් දහසක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස මොරටුව මහේස්ත්‍රාත් එම් එම් මිහාල් මහතා නියෝග කළේය.
සෑම මසකම අවසන් ඉරුදින මොරටුව පොලිසියේ පෙනී සිටින ලෙස ද, තුන් මාසයකට වරක් කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද, ගුවන් ගමන් බලපත අධිකරණය භාරයේ තබන ලෙස ද නියෝග කැරිණි. ඔහුට ඇප කොන්දේසි හයක් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මේකට සම්බන්ධයක් නැහැ කියලා නේද කියන්නේ? (නි)
මම නම් දැනගත්තා මෙයා එළියට එයි කියලා. (නි)
නීතියෙන් ගැලවුණත් ස්වභාව ධර්මයෙන් ගැළවෙනවා බොරු (නි)
මේ වගේ අයට මල් මාලා දාලා පිළිගන්න අයත් ඉන්නවනේ? අනේ ලංකාවට ගිය කලක්. (නි)
ලාල් කැන්ඩි අපි නම් බය නැහැ මේ අයට. නියම චන්ඩි මේ වගේ නිරායුද මිනිස්සු මරන්නේ නැහැ. උඩ සිට පහලට යනකම් හොරු ඉන්නවා. පේනවා නේද මල්මාලා දාලා පිලිගන්න යන හැටි. (නදී)
මේවට ඇප දෙන්නත් මිනිස්සු ඉන්නවානේ.ඇපයක් තියා ගන්න නොහැකිව,දඩ ගෙවාගන්න නොහැකිව කොයිතරම් දුප්පත් මිනිස්සු සුළු වැරදි වලට හිරබත් කනවා ද ? (නි)
අපි දැනගෙන හිටියා මීට කලින් එලියට ඒවි කියා.පොඩ්ඩක් පරක්කු වෙලා.අනේ කලේ වනේ වාසේ.!!! (ස)
සුදු ඇඳල, මල් මාලත් දාලා, ලස්සනේ බැ (දිල්)
මල් මාල දාලා පිළිගන්න කට්ටියත් ඉන්නවා වගේ. කාට කියන්නද මේවා.(නදී)
මෙයා එළියේ. අර දෙන්නා තාම ඇතුලේ. (ස)
මධූ, ඔයාලා වගේ අය ඕනෑ තරම් ඉන්නවා (නි)
ලාල් නුවර, ඔයා කෝකටත් පරිස්සමෙන් ලංකාවට එන්ඩ මොකද ඔයා දාන අදහස් කොහෙන්ද හා මොන කොම්පියුටර් එකෙන්ද කියල දැනටමත් විස්තරේ හොයාගෙන ඇති පරිස්සමෙන් එන්ඩ පැටියෝ.. (ස)
ඕනෑම අපරාධයක් කරලා නිදහසේ ජීවත්වන වාසනාවන්තයෝ වැඩියෙන්ම ඉන්නේ ලංකාවේ වගෙයි. (නි)
ඔය ඉන්නේ දේශපාලන වහල්ලු ටික මල් මාල අතැතිව. මේ ගොල්ලන්ගේ කෙනෙකුට මේ දේම වෙන්න ඕනා. පුදුමය පිරිත් නුලකුත් ගැට ගහන්න හාමුදුරු කෙනෙක් නැති වෙච්ච එකයි.(නදී)
මෙවන් රටක ආශ්චර්යය! මොවුන්ට මල් මාලා දාන අයත් ඉන්නවනේ? (නි)
ෂා නියමයි, මල් මාලත් දාලා. ඉතින් අපරාධ අඩු වෙයිද? (නි)
ජෙනරල් සරත් ෆොන්සේකා හිටියා නම් ඔහොම වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හොදටම විශ්වාසයි. කියන දේ කරන, කරන දේ කියන හොද නායකයෙක්.(නදී)
සරත් ෆොන්සේකා මහතා හිටියා නම්....? මට දැන් බනීවි අදහස් දාන අය.ඒත් මම කියන්නේ සත්‍යයයි. තේරුම් ගැනීම ඔබ අතයි (නි)
"පළමුවත් රට ,දෙවනුවත් රට,තෙවනුවත් රට...."
හාමුදුරු කෙනෙක් කපලා කොටලා මැරුවා කියන්නේ වදාපු අම්මාව කපලා කොටලා මැරුවා හා සමාන දෙයක්. කියන්නත් ලැජ්ජයි. (නි)
ආසියාවේ ආශ්චර්ය සදහා අනිවාර්යයෙන්ම මේ වගේ මහත්වරු පාර්ලිමේන්තු යැවීමට සියලු දෙනා මහන්සි වියයුතුයි. සියලු දෙනාට සුභ අනාගතයක්,(නදී)
මෙය වැරදිකරු නොවේද? එතකොට කවුද වැරදිකරු? (නි)
ඔය ඉන්නේ කට්ටිය මල් මාලා දාන්න බලාගෙන.ඇත්තටම හරි ටිකිරි බණ්ඩා ඔයා කියන දේ. හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දේශපාලකයාට එකක්,ඔවුන්ට කතිරය ගහපු අයට තව නීතියක්.මේ මිනිමැරුම් නවත්වන්න නම් එක්කෝ ජේ.වී.පි එක එන්න ඕනෑ, නැත්නම් ජෙනරාල් සරත් ෆොන්සේකා එන්න ඕනෑ. (නි)
කෝ අපේ සේනාව? මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
බෞද්ධ රටක ආශ්චර්යය! (නි)
මිනීමරුවන්ට මල්මාලා දාලා පිළිගන්න රටක් මේක. කවුද මේ මල්මාලා උස්සගන ඉන්න ලැජ්ජනති මෝඩයෝ දෙන්නා? මටනම් මේවා දැකලම අප්පිරියයි.මිනීමරුවාට ලගදීම අපායට වීසා ලැබේවා. (අ)
පුරපති නිදහස ලැබීම අපට සතුටක්. (ස)
ඇවිත් අලුත් සුදුසුකමක් එක්ක ,එම නිසා මාල දාල පිළිගැනේ,මිනිමරලා හිරෙගිහින් ඇප අරන් නිදහස්වේම හැමෝටම කරන්න බැහැනේ. (අ)
වැඩක් නෑ, මේ මිනිහා නිදහස් වෙනවා. ඒත් ඉතින් තමන් කරපු පාපය නම් ආත්ම ගණනාවක්ම පස්සෙන් එයි. (නදී)
ධර්ම රාජ්‍යයක් උදෙසා පාර්ලිමේන්තු ගිය අයට දැන් මොනවා හිතෙයිද දන්නෙ නැහැ (නි)
ඇයි බොදු බල සේනාව නිහඩ. කැසිනෝ මිනමරුවන්ට කුඩු කායින්ගේ වැඩ වලට නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන එන අපි කාටත් ප්‍රශ්නයක්? (නදී)
වැඩකාරයෝ අවශ්‍ය වෙලාව. (ස)
ටිකිරි බණ්ඩා,එයාලා මේ වගේ දේවල් වලට අත දාන්න අකමැති ඇති (නි)
අනේ සාදු. පව් වැඩ කරලා දැන් නම් සුදනා වගේ. ආත්ම ගණනාවකට ඵල දේවි.(නදී)
අපිත් එක්ක හැප්පිලා කවුද දිනන්නේ. ජයවේවා අපේ පුරපතිට.ආ මේ ඔයාලට කියන්න බැරි උනානේ.මේ ලඟදි කෙසෙල් කැනක් කපල අහුවුන හොරෙක් රුපියල් 3000 දඩ ගහල මාස තුනක් හිරේ දැම්මනේ. හොඳ වැඩේ නේද??? (ස)
මෙවන් පුද්ගලයින් මෙහෙම පිළිගන්න රටක ඉපදීමත් දුකක්! (නි)
කළ කළ දේ පල පල දේ.(නදී)
ලගදි මම ලංකාවට යන්න ඉන්නේ මේවට අදහස් දන මගේ විස්තර නම් කාටවත් දෙන්න එපා මගේ දෙයියෝ .මට දරුවෙකුත් ඉන්නවා . (නදී)
වීර පුරනප්පු ඉපදුන ගම්මානයේ ගැමියන්ද ,මෙසේ මල්මාලා උස්සාගෙන සිටින්නේ ? වස ලැජ්ජයි .(අ)
මට හිතෙනවා බුදු හාමුදුරුවෝ මරන්න ගලක් පෙරළපු දේවදත්තයාව. එයා හිටියා නම් අද කොහොම පිළිගැනීමක් කරයිද? (නි)
හාමුදුරු කෙනෙක් කපලා කොටලා මරපු නඩුවකට සම්බන්ධ සැකකරුවෙක් නිදහස් වෙද්දීවත් අැහක් ඇරලා නොබලන සමහර වගකිවයුතු පිරිස් අසරණ බෞද්ධ ජනතාව ගැන බලයිද? (නි)
මෙයා ආයිමත් ඇතුලට නම් යන්නේ නැහැ. (ස)
රටේ ජනතාවෙන් කොටසක් අද වනවිට කොයිතරම් පිරිහිලා පහත් තත්ත්වයට පත්වෙලාද? (නි)
අර රතුපස්වල බන්දුල පෙරේරාගේ අදහස් දැනගන්න කැමතියි. (ස)
ලංකාවට ගිය කලක්? (ස)
අපි හැමදාමත් බොරුවට රැවටෙනවා අනේ මෙහෙම රටක් (නදී)
දැන් ආයිත් ඡන්දේ ඉල්ලයි. අපේ මිනිස්සුන්ට යන කල දසාව. (නදී)
වරදට මල් දම් දාලා... රකුසන් පුදදී මිනිසුන් සැනසෙනවා. (ස)
මෙයාලට ඇප. දුප්පත් මිනිහෙක් හොරෙන් පොල් ගෙඩියක් කැඩුවොත් අඩුමගානේ අවුරුද්දක් හිරේ. (ස)