ව්‍යාජ උද්ඝෝෂණ හේතුවෙන් මොරටුව වේල්ස්කුමර විදුහලේ විදුහල්පති සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන නතර නොකරන ලෙස කියමින් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතාට ලිඛිතව දන්වා ඇත.
මේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ඇරැඹි අතර ඒ සමග පරීක්ෂණවල සාධාරණත්වය සඳහා අමාත්‍යංශයට අනුයුක්ත කළත් එය ද ක්‍රියාත්මක නොවූ බවත්, ඔහු විද්‍යාලයයේ කටයුතු කරන්නේ වැඩබලන පදනමෙන් බවත්, ඔහු ගැන කරන විමර්ශන දිගින් දිගටම ප්‍රමාද කළ බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යැවූ ලිපියේ සඳහන්ය.
විදුහල්පතිගේ වැඩ තහනමට විරුද්ධ පිරිසක් පසුගියදා උද්ඝෝෂණයක් සිදු කළ බව ද, විදුහල්පතිට එල්ල වී ඇති චෝදනා එයින් යටපත් නොවන හෙයින් රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කොට පාසල් පද්ධතිය තුළ ඔඩු දුවන දූෂිත තත්ත්වය නතර කරන ලෙස ඉල්ලා සිටි බව ද, කිසිදු චෝදනාවක් නැතිව පසුගියදා තර්ස්ටන් විදුහල්පති මාරු කළ අමාත්‍යංශය මෙම ව්‍යාජ උද්ඝෝෂණයට නිලධාරීන් යැවීම මවිතයට කරුණක් බවත් අධ්‍යාපන ලේකම්ට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණය කළා කියලා පරීක්ශන නවත්වන්න කියලා එතන හිටපු මව්වරු, පියවරු ඉල්ලුවෙ නැහැ. පෞද්ගලික ගිනුම් වලට සල්ලි දාගෙන නම් මේ මනුස්සයගෙ වැඩ තහනම් කළ යුතුයි. ඒත් මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. හම්බුන සල්ලි ප්‍රධාන ආදි ශිෂ්‍ය ගිනුමට බැර නොකර වෙනත් ආදිශිෂ්‍ය ගිනුමකට බැර කිරීම නිසා ප්‍රධාන ආදිශිෂ්‍ය සංගමයේ හවුලේ කිහිප දෙනෙක්ගෙ කුමන්ත්‍රනයක් නිසා සිදුවුන දෙයක් මේක. (නි)
ආදි ශිෂ්‍ය සංගමයෙත් ,සංවර්ධන සංගමයෙත් ඉන්නේ ලී මොල් මුදලාලිලා, බිල්ඩින් කොන්ත්‍රාත්කාරයෝ, ලී බඩු මුදලාලිලා.... උසස් පෙල සමත් අය ඉන්නේ අතලොස්සක්. කිසිම වෘත්තිය වේදියෙක්වත් උපාධිධරයෙක්වත් නැහැ. මේ අයගේ උපදෙස් පිලිපදින්න ගිහින් මේ අතිදක්ෂ විදුහල්පවරයා අමාරුවේ වැටුනේ. උගත් මිනිස්සු පාසලේ නැතුව නෙමෙයි ඒ අයට එන්න දෙන්නේ නැහැ. ආවත් එලවා ගන්නවා. ඉන්න දෙන්නේ නැහැ (නි)
ඉස්කෝලෙකට ළමයෙක් දන්නා ගියාම සල්ලි ඉල්ලන්නේ නැතුව වෙන මොනවා ඉල්ලන්නද ..? සල්ලි ඉල්ලන්නේ පාසැල දියුණු කරන්න මිසක් වෙන මොහොකටද ? සම"හරක්" අයට ඒක තේරෙන්නේ නැති හැටි. අනිත් එක "ලංකා ගුරු සංගමය" දැන්ද කොහෙද නින්දෙන් නැගිටලා තියෙන්නේ. (දී)
මේ විදුහල්පති තුමා පාසැලට එන්නට කලින් පාසල හැම අංශයකින්ම පිරිහී තිබුනා. " ලංකා ගුරු සංගමය " කොහෙද දන්නේ වැහැ හිටියේ. ගුරු සංගම් සැබෑ ලෙසම අධ්‍යාපන සහ ගුරු වෘත්තිය නියෝජනය කරනවා නම් පරාජිත දේශපාලන අතකොලු නොවිය යුතුයි.(නදී)
සල්ලි දිලා පාසලට ළමයි දාගෙන තියෙන්නේ වැඩිපුර අන්‍යආගම් මුදලාලිලා. අහිංසක දුප්පත් සිංහල දරුවන්ට අවස්ථාවක් ලැබිලා නැ. පුදුමයි සිංහල සංවිධාන තාමත් කටපියාගෙන ඉන්නවා.(නදී)
මෙයට වසර කිහිපයකට පෙර සිට පාසලේ කඩා වැටීම අපි ආදි ශිෂ්‍යයෝ ලෙසත් දෙමවුපියන් ලෙසත් දැක්කා. නමුත් මෙම විදුහල්පති පැමිණි කෙටි කාලයේදී පාසැල කොපමණ දියුණුවක් ලබා තිබෙනවද කියා අපට හොදින්ම පෙනෙනවා. ඒ නිසා තමා අපි විදුහල්පති ඉල්ලා පාරට ආවේ. කලින් සිටිය සමහර විදුහල්පතිවරු පාසැල හුරා කනකොට කතා නොකරපු අය දැන් කතා කරන්නේ තමන්ට වුවමනා දේ මේ විදුහල්පති මගින් කරගන්න බැරි නිසා වෙන්න ඇති. විදුහල්පති පාසැලට වැඩ නොකෙරුවා නම් මේ තරම් පිරිසක් පාරට බහිවිද? පාසලේ හැම අංශයකම සංවර්දනයක් නොමැති නම් ශිෂ්‍යත්වය පාස් වුන දරුවෝ මේ පාසලේම තියාවිද? (නි)
මෙම විදුහල්පතිතුමා මෙම පාසලට විශාල සේවයක් කර ඇත. නමුත් මෙතුමා පැමිණිදා සිට සමහර පුද්ගලයින්ට තම පෞද්ගලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට නොහැකි වි ඇත. මෙතුමා සිටිනතාක් එසේ කිරීමට නොහැකි බව වටහාගත් නීච පිරිසක් මෙතුමා ඉවත් කිරීම විවිඩ ක්‍රියාමාර්ග ගනිමින් සිටි. නමුත් ඒ කිසිවෙකුට මෙතුමාව විනාශ කල නොහැක. (නි)
මෙතුමාව ඉවත් කිරීමට කිසිදු බලවේගයකට ඉඩදිය නොහැක. මෙම උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය තව දුරටත් ක්‍රියාත්මක කළ යුතුය. ඇයි ලංකාව තුල සාදාරනව තම රැකියාවේ නිරත වෙන පුද්ගලයන්ටම මෙහෙම වෙන්නේ? ඇත්තටම හරිම කණගාටුයි (නි)
දෙමුපියන් සහ ආදී සිසුන් ඉතා සාර්ථක උද්ඝෝෂණයක් කරලා තරමක් සාර්ථක පිළිතුරක් ලබාගත්තා. සිසුන් සහ ගුරුවරු පාසල් කටයුතු නිසි පරිදි කර ගෙන ගියා. සමහර මාධ්‍ය බොරු ප්‍රවෘත්ති කිව්වා ළමයි පාරේ කියලා. ආපු අධ්‍යාපන මහත්වරු දුටුවා සත්‍ය. ආවේග ශීලි ටික දෙනෙක් ඉතා සුළු කාලයකට පාර අවහිර වෙන පරිදි හිටියා තමයි. මොරටුවේ අයගේ වෙනස සහ මෙවැනි උද්ඝෝෂණ කරන හැටි අපි නැවත පාසැල ට අද ගිහින් පෙන්නලා දුන්නා. සමහර මාධ්‍ය කට්ටිය පවා බලන් ගිටියා ගිනි ඇවිලෙන තුරා. වෙලස් කුමාරයෝ එහෙම නොවේ. (අ)
ගුරු සංගමය මීට වඩා සැළකිල්ලෙන් වැඩ කළයුතුයි (නි)
මෙතුමා මේ සුළු කාලයට කරන ලද සේවය සලකා එතුමාව තව දුරටත් පාසලේ රැඳවීම සියලු දරුවන්ටත් පාසලටත් කරන උතුම් සේවයක්. (නි)
ආදි ශිෂ්‍ය සංගම් කියන එකෙන් පාසල් දියුණුවෙනවා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. ඒ වුනාට ඒක නිසා පාසලක් ඒ අයටම භාර දෙන එක සාධාරන නැහැ. මොකද ඔය පාසලේ ගුරුවරුන්ට වැටුප් ගෙවන්න රටේ සෑම දෙනාම ගෙවන බදු වලින්. ඒක නිසා හැමෝටම සම අයිතිය තියෙන්න ඕනෑ. අපි පාසැලෙන් ඉවත් වුනාම ඒක ඉදිරි පරම්පරාවට භාරදෙනවා ඇරෙන්න බමුණු කුලය ඉදිරියට ගෙනියන ආදිශිෂ්‍ය සංගම් තහනම් කරන්න ඕනෑ (දී)
මට කියන්න තියන්නේ කරන පරීක්ෂණ හරියට කරන්න. දන්නා ඔක්කොම දන්නවා විදුහල්පතිතුමා හොදට වැඩ කළා කියලා. ආදී සිසුවෙක් හැටියට මම කැමති නැහැ අපේ විදුහලින් මේ විදුහල්පති අයින් කරනවට. හොද වැඩ කරනකොට ඉවසන්න බැරි අයත් ඉන්නවා කියන එක තමයි මට කියන්න තියන්නේ. (නි)
අපට තවත් නව යුගයක් ආරම්ඹ කලා පමණි. (නි)
ගුරු සංගමය බොරුවට කියවන්නෙ නැතුව ඉස්කෝලෙ ඕනෑම ළමයෙක්ගෙන් අහන්න සම්පත් සර් ගැන. අපේ සර්ව අපි කොහොමත් බොරුවට යවන්න දෙන්නෙ නැහැ (නි)
සමහරුන් ඉස්කෝලෙට ආධාරයක් දෙන්නේ නැතුව ඉස්කෝලෙන් ආධාරයක් එයාලට දෙන්න වගෙයි කතාව. ඔක්කොම නිකන් හම්බවෙනවා නම් ඒ වගේ නිකම්මුන්ට පින් බත් කකා ඉන්න පුළුවන් (දී)
සම්පත් සර් කියන්නේ අපේ පාසලට දෙවියෙක්. ඕනෑම ළමයෙක්ගෙන් අහන්න සම්පත් සර් ගැන (දී)
පාසලේ දියුණුව අතරමග නතර නොකරන්න.මෙම විදුහල්පතිතුමා කරන්නා වූ ඉමහත් සේවය ඉදිරියටම කරගෙන යාමට ඉඩදෙන්න.තව නොබෝ කලකින් පාසලේ තත්වය ඔබ සියලුදෙනාටම දැකගත හැකිවේවි. (නි)
මෙතරම් සේවයක් කරන ලද විදුහල්පතිවරයෙක්ට විරුද්ධව කිසිම සාධාරනයකින් තොරව මෙම ලංකා ගුරු සංගමය ගෙන යන කුමන්ත්‍රණය ගැන ඇත්තටම දුකයි. මෙතෙක් කල් මෙම විදුහල අන්තයටම පිරිහිලා තිබියදී ලංකා ගුරු සංගමය කලේ කුමක්ද ? ළමයින්ගේ සහ මෙච්චරක් දෙමාපියන්ගේ ඉල්ලීම් වලට එරෙහිව යන ලංකා ගුරු සංගමය මෙම වැඩ නතර නොකරන්නේ නම්, විදුහලට ආදරය කරන මොරටුවාසී සියල්ල මින් පසු ජේ.වී.පී. එකට කිසිම ඡන්දයක් නොදිය යුතු සේම දෙන්න ඉන්න අයවත් වැළක්විය යුතුයි. (නි)
මගේ දරුවා 2 වසරට ඇතුලත් කිරීමට සම්මුක පරීක්ෂණයට ගියාම ඉස්සෙල්ලම ඇහුවේ ආධාර කීයක් දෙනවද කියලා. ඉතින් මෙහෙම උන එක හොදයි. ඔය ආදී ශිෂ්‍යෂයෝ තමයි එතනත් හිටියේ.(නදී)
කලබලේට මම හිතුවේ අනිත් කෙනා කියලනේ. තෑන්ක්ස් ලෙස්ලි මහත්තයෝ මාව දැනුවත් කලාට (දී)
අපේ පාසැල මේ තරම් දියුණු කරපු විදුහල්පති කෙනෙක් මේ දක්වා පහල වී නැහැ. ඒ නිසා මෙවැනි පටු අදහස් ඇති උදවියට අපේ විදුහල්පතිතුමාව නෙරපන්න ඉඩදෙන්නේ නැහැ. (දී)
මේ සටනින් දෙමවිපියන් දිනන එක සුවර්. මොකද ගුරුසංගමය වැඩකට බැස්සොත් අනිවාර්‍යෙයන්ම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැක්කනේ අර ආනමඩුවේ ගුරිවරියගේ වැඩේට බැහැලා එතුමියට තිබුන තැනත් නැතිකරලා දැම්මා.(නදී)
ගුරු සංගමයට කියන්න තියෙන්නේ අතලොස්සකගෙන් ජරාව කාලා බොරුවට කියවන්නේ නැතුව පාසලට ගිහින් දියුණුව දෙනෙත් වලින්ම බලාගෙන කතා කලොත් හොදයි කියලා. පගා ගහන විදුහල්පතිලා ආරක්ෂා කරන්න නම් මෙතරම් දෙමාපියන් පිරිසක් ඉන්නවා කියන එක මතක තියාගෙන මීට වඩා වගකීමෙන් වැඩ කලොත් හොදයි.(නදී)
විදුහල්පති කම මේ වන විට විගණනය කල නොහැකි ලෙස මුදල් උපයා ගත හැකි පහසුම ක්‍රමයකි. එවැනි විදුහල් පතිවරුන් දෙමපියන්වත් ගොනාට ඇන්දවීමට දක්ෂයෝය. එබැවින් ඉහත කී ආදි සිසුන් නිවැරදි බව මගේ අදහස වේ. ලංකා ගුරු සංගමය නිතරම පීඩිත පන්තිය නියෝජනය කරන සංවිදානයකි.(නදී)
සම්පත් සර් දක්ෂයටයි තැන දෙන්නේ.වැදලා කියන්නේ සම්පත් සර්ට කරදර කරන්න එපා. (නි)
පාසලේ දියුණුව අතරමග නතර නොකරන්න. පාසලට ඉමහත් සේවයක් කරමින් සිටින විදුහල්පතිතුමාට තවදුරටත් පාසැල දියුණු කරන්න ඉඩ දෙන්න. තව නොබෝ කලකින් පාසලේ තත්වය ඔබ සියලු දෙනාට දැක ගන්නට හැකිවේවි. (නි)
අපේ ඉස්කෝලෙට ලොකු අපලයක් තියෙනවා . හොඳ විදුහල්පති කෙනෙක් ඇවිත් ඉස්කෝලේ ගොඩ ගන්න හදනකොට මොකක් හරි ප්‍රශ්නයක් කඩාගෙන වැටෙනවා.මේ විදුහල්පතිතුමා මේ සල්ලි තමන්ගේ ගිණුමට දාන්නේ නැතුව කනිෂ්ට ආදිශිෂ්‍ය සංගමයක දාපු එකද වරද? කවුරුවත් පරීක්ෂණ නවත්තන්න කියලා උද්ඝෝෂණයේදී කිව්වේ නැහැ.අනෙක පරිපාලකයෝ ඇවිත් බලන්න ඉස්කෝලේ වෙනස..මේ වගේ දේවල් බුද්ධිමත්ව බලන්න. (නි)
ආදි ශිෂ්‍යෙයෝ වියදම් කරලා පාසැල උසස් තත්වයට ගෙනාවම හැමෝම උත්සහ කරනවා තමන්ගේ ළමයිවත් දාගන්න. හැබැයි නිකම්. මේක මාර නීතියක්කේ ආණ්ඩුව දෙන සල්ලි වලින් මෙච්චර ලොකු පාසැලක් දුවන්න බැහැ. ක්‍රීඩා විතරක් 20කට වැඩි ගානක් කරනවා. කොහොමද සල්ලි හොයන්නේ ආධාර ගන්නේ නැතුව.(නදී)
ජෝසප් ස්ටාලින් මහත්තයෝ, එදා තිබුන උද්ඝෝෂණය නිකම්ම නිකම් උද්ඝෝෂණයක් නෙවෙයි. ඒක ඔය ඔයාල නිතරම තියෙන දේශපාලණ උද්ඝෝෂණයක් නෙවෙයි. ඒකට ආපු අයගෙන් අහල බලන්න. ඒ අය ඇවිත් තිබුනේ අවංකවම තමන්ගේ දරුවන් වෙනුවෙන්. මේ විදුහල්පති තුමා මේ ටික දවසට පාසලේ බරපතල වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා. ඒක දන්නේ දෙමව්පියෝ වන අපියි, දරුවොයි තමයි. මේ පාසලේ විනය සියයට දෙසීයක් පිරිහිල තිබුනේ. මේ විදුහල්පති තුමා සිසු විනය විතරක් නෙවෙයි, ගුරු විනයත් ඉහළ මට්ටමකට ගෙනාවා. ඕනෑම ආයතනයක මුලිනම තියෙන්න ඕන කරන්නෙ විනය. විනය නැති වුනාම අනිත් සියළු දේම කඩා වැටෙනවා. දැන් පාසලේ විනය තියෙන නිසා අනිත් දේවල් නගා හිටුවන එක හරිම පහසුයි. අධ්‍යාපනය නගා හිටුවන්න පටන් ගත්තා විතරයි. හෙණයක් පාත් වුනා වගෙයි. විදුහල්පති තුමා එළවන්න දත කන ආදි ශිෂ්‍යයන් ටික දෙනාටත් යමක් කියන්න ඕනෙ. ඒ අයට පාසලට හෙණ ගැහුවත් කමක් නැහැ ඕන වෙලා තියෙන්නෙ ඒ අයට ඕනා විදිහට පාසලේ සියළුම වැඩ ටික කෙරෙන්න. එහෙම නැතිනම් පහුගිය කාලෙ පාසලේ ගුරු සිසු විනය පිරිහෙනකොට අධ්‍යාපනේ බල්ලට ගිහින් තියෙන කොට මේ කට්ටිය මේ ලෝකෙ හිටියෙ නැද්ද? ඒ දවස්වල තමන්ගෙ පාසල ගැන අද වගේ ආදරයක් තිබුනෙ නැද්ද? තමන් මෙතෙක් කල් තියාගෙන හිටපු තමන්ගෙ අධිකාරි බලය සම්පත් සර් ආවට පස්සෙ නැතිවෙනකොට නේද පාසල ගැන ආදරේ ඇතිවුනේ? නිකම් බොරු එපා හලෝ. (නදී)
අද උද්ගෝෂණය සඳහා මෙතරම් පිරිසක් පැමිණියේ බත් පැකට් එකටවත්, රු 500 ක් ගන්නවත් නෙමෙයි. විදුහල්පති තුමා මේ ටික කාලය තුල විදුහලේ කල දියුණුව සියැසින් දැකලා එතුමා තව දුරටත් පාසලේ විදුහල්පති වශයෙන් සේවය කිරීට ලැබීම සියලු සිසු දරුවන්ටත් මොරටු ජනතාවටත් සිදුවන යහපතක්.(නදී)
අපිට සිංහල පාසල් හොද නැත්ද? සිංහල අයට වඩා අපිට සල්ලි තිබුනට අපි මොනවකරමුද? වැඩිම ගානට අපි ලමයා දැම්මේ. (අ)
මම දන්නා තරමින් නම් ඒ මහත්තයා ඉන්නේ ආරක්ෂාව සම්බන්දයෙන්. මේ ගැන පැමිණිලි කොරන්න ඕනේ අධ්‍යාපන ඇමතිට නේද ?(නදී)
ජයරත්න මහත්මයාණෙනි, ඕනෑම ආයතනයක සංවර්දනය තීරණය වන්නේ එම ආයතනයේ ප්‍රධානියාගේ තිබෙන දැක්ම මතය. සම්පත් වේරගොඩ මහතා යනු එවැනි සංවර්දිත දැක්මක් ඇති මනා පෞරුශත්වයක් ඇති පුද්ගලයකි. එය පසුගිය වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල මොරටු ජනතාවට පමණක් නොව මුළු මහත් විශ්වයටම පෙන්නුම් කලේ අප පාසැල කෙටි කාලයක් තුල ලද සංවර්ධනයයි. එහි සත්‍යතාවය එදා උද්ඝෝෂණයේදී මනා ලෙස දැකගන්නට ලැබුණි. කරුණාකර පටු අදහස් ඇති පරාජිත දේශපාලන හෙන්චයියන්ට හසු නොවී සාදාරන තීරණයක් ගන්නා ලෙස ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලමි. (නි)
සම්පත් වේරගොඩ යනු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කිවහොත් වේල්ස් කුමාර විදුහල් මාතාවට සම්පතක්. තම තමන්ගේ බඩ වඩා ගන්න උත්සහ දරන අධමයන්ගේ වුවමනා එපාකම් වලට කඩේ යන එක වැරදියි. කරුණාකරලා දැන්වත් ඔය පහත් වැඩ නවත්වන්න කියලා ඉල්ලනවා. අපේ විදුහල්පතිතුමන්ව අපේ පාසලෙන් නෙරපන්න සිහින දකින අය කරුණාකරලා තමන්ගේ නිරුවත වහගන්න (දී)
ගෝඨාභය ජයරත්න මහතාණෙනි, ඇවිත් පාසලට බලන්න නියම තත්ත්වය. අතලොස්සකගේ මඩිය තර කරගැනීම නතර කර පාසල මාස එකලොහක් වැනි සුලු කාලයකදී ඉතාමත් උසස් තැනකට ගෙන ආ විදුහල්පති තුමාගේ වැඩ නතර කිරීම හෝ එතුමා එම පාසලෙන් මාරු කිරීම කොතරම් ආසාධාරණද ? අතලොස්සකගේ පෙත්සමකට හෝ හාරදහසක සිසුනගේ අනාගතය වැලදැමීම හරිද ???? ලංකා ගුරු සංගමය මීට වඩා සැලකිල්ලෙන් වැඩ කලයුතයි නේද ? හාර දහසකගේ දෙමව්පියන් විදුහල්පතිතුමා දූෂණ කර ඇත්නම් ඔහු වෙනුවෙන් පාරට බහියිද? මෙය ව්‍යංජ උද්ඝෝෂණයක් නොවන බව එය දුටු දෙනෙත් වලට මනාව වැටහෙනවා ඇත.(නදී)
ප්‍රසා , ඔයාගෙන් මේ පාසැල විතරද මුදල් ඉල්ලුවේ ?අනිත් පාසල් මුදල් ඉල්ලුවේ නැද්ද ?ඒවා නොමිලේද? (නි)
අපෝයි අපෝයි! පිටබෙද්දර ජයාට සිංහල කියවන්න බැරිද? නැත්නම් එදිනෙදා දේවල් පිලිබදව දැනුමක් නැද්ද ? (නි)