කොල්ලුපිටියේ ස්ථාන කිහිපයකදී මරිජුවානා බිවු තරුණයන් පනස් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 260000 ක දඩ ගැසීය.එක් අයකුට නියම වු දඩය රුපියල් පන්දහසකි.
ඔවුහු වයස අවුරුදු 18 -21 තරුණයෝය.සියලු දෙනා වරද පිළිගත්හ. මෙම තරුණයන් වැඩි දෙනා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන බව පොලීසිය කියයි. රජයේ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් ද ඒ අතර විය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මරිජුවානා ගැසු 52 කට දඩ
දම්මික Thursday, 09 January 2014 03:26 PM
ඇත්තටම නොදන්නා කමට අහන්නේ මරිජුවානා කියන්නේ මොනවාද (දී)
දිනුශිකා Thursday, 09 January 2014 03:43 PM
මේවා බොන්නෙත් මත් වෙන්නද (දී)
ජයතිලක Thursday, 09 January 2014 03:54 PM
දම්මික, මරිජුවානා කියන්නේ ගංජා වලට. (දී)
සෙනරත් Thursday, 09 January 2014 11:41 PM
මරිජුවානා මිල දී ගත්තේ කාගෙන්දැයි කියා බැලුවේ නැතිව ඇති. මරිජුවානා බිව්වත් ගංජා ලෙස අප හඳුන්වන දේ ලෙසම මත වන අතර එයට ඇබ්බැහි වීමද සිදු වෙනවා. මම නම් බීල නැහැ.(නදී)
සමිර කුවේට් Thursday, 09 January 2014 11:42 PM
ඇයි මරිජුවානා කියන්නේ ගංජා කිව්වම ලැජ්ජයිද? (නධී)
පෙරේරා Friday, 10 January 2014 02:07 AM
ඇමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තෙ නම් මේවා නීතිගතයි දැන්.(දිල්)
බමුණු Thursday, 09 January 2014 06:08 PM
කැනබිස් හෙවත් ගංජා වලට තවත් නමකි මරිජුවානා. මෙය මෙක්සිකෝ ස්පාඥ භාෂාවෙන් කියන මරිජුවානා යන්නෙන් බිඳී ආ වචනයකි. (නදී)
සෑම් Friday, 10 January 2014 03:23 AM
මොකද මේ වෙලා තියෙන්නේ? ගංජා ගැහුවා කියලා කියනවට වඩා මරිජුවානා බිව්වා කිව්වම නම්බුකාර නිසාද? කැනබිස් සැටයිවා කියලා විද්‍යාත්මකව හඳුන්වන ගංජා නොහොත් කංසා ඉංගිරිසියෙන් කැනබිස් හෝ මරිජුවානා කියා හඳුන්වනවා. මරිජුවානා වචනය ඉංගිරිසියෙන් ලියද්දී ජේ අකුරක් තිබුනට උචචාරනයේදී ඒක ශබ්ද වෙන්නේ නැහැ. මරුවනා ලෙස තමා කියවෙන්නේ.(නදී)
සතයයා Friday, 10 January 2014 04:50 AM
යකාගේ හැටියට විමානේ කිව්වා වගේ අධ්‍යාපනයට පත්වෙලා ඉන්න යක්කුන්ගේ හැටියට ශිෂ්‍ය පරම්පරාවද හැඩ ගැසී ඇති බව පේනවා. වැඩිකල් නොගොහින් මේක යක්ෂ දුපතක් වෙනවා. (දැනටමත් වෙලා කියල සමහරු කියනවා).(නදී)
චින්තක Friday, 10 January 2014 06:17 AM
දඩ ගහලා මදි අල්ලලා හිරේ දාන්න ඕනේ (දී)
චානක Friday, 10 January 2014 06:18 AM
ලංකාව මත ද්‍රව්‍ය වලින් තොර රටක් කරන්න කොහොමටවත් බැහැ (දී)
සංජය Thursday, 09 January 2014 09:41 PM
කංසා වලට ? (නදී)