මොරගහකන්ද කළුගග ජලාශ යෝජනා ක්‍රමය යටතේ කළුගඟ ජලාශයට යට වන පවුල්වල සාමාජිකයෝ ද ලග්ගල පල්ලේගම ව්‍යාපාරිකයෝ ද අද (11) ලග්ගල මහියංගණ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැඹුහ.
කළුගග යෝජනා ක්‍රමය සදහා යට වන ඉඩම්වල පදිංචි පවුල් වලට සාධාරණ වන්දි ,විකල්ප ඉඩම් නැවත පදිංචිකරන ප්‍රදේශවලට පොදු පහසුකම් ,නව නගර, නිර්මාණයේදී ව්‍යාපාරික ස්ථානවලට සාධාරණ ස්ථාන ලබා දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලති.
ලග්ගල සහකාර ප්‍රාදේශිය ලේකම් ඩි එම් ඒ දිසානායක මහත්මිය ඊට විසඳුමක් ලබා දීමට ලබන බදාදා (13) සාකච්ඡාවක් පවත්වන බවට පැවසීමෙන් අනතුරුව උද්ඝෝෂණය අවසන් විය.
මේ හේතුවෙන් මාතලේ හදුන්ගමුව ප්‍රධාන මාර්ගයේ පැය තුනක පමණ වාහන ගමනා ගමනයට දැඩි බාධවක් පැවතියේය. පොලීසිය කැරලි මර්දන ඒකකද ගෙන්වා තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැලි ලොරි නවත්වන්ඩ ඕනා. හරිම මාරයෙක්. (නදී)
මාරයෝ එකෙක් නෙමෙයි එක දිගට පේලියක්ම ඉන්නවා පින්තුරේ.(නදී)
උද්ගෝෂණයක් කීවට අපේ කාන්තා පාර්ශවය නියෝජනය කරන අයනම් ඉන්නේ හරිම සතුටින් වගේ.(අ)
මිනිසුනේ, නාසයෙන් ඉහළට වතුර නඟිනතුරුද බලාසිටින්නේ? (නි)
මමත් මේකේ වැඩ කළා අවුරුදු 5 කට පෙර. ඔය කැලේ හැමතැනම ඇවිද්දා මැනුම් වලට. මේ කැලෑවල තිබෙන සුන්දරත්වය ඔය ජලාශය හැදුවට පස්සේ නැතුව යාවි.ලංකාවේ ලස්සන තියෙන්නේ ඔය වගේ පළාත් වල.මම අද ගොඩක් පසුතැවෙනවා මමත් ඊට දායක වූ එක ගැන (නි)
අසාන් , ඇත්තටම සුන්දර පරිසරයක්. ව්‍යාපෘතිය ඉවර උන ගමන් දෙකක් නැහැ කාගේ හරි හෙන්ච්යියෙක් හෝටලයක් අටවා ගනී. මේ මිනිස්සුන්ට ටිකක් මොලේ තියෙනවා (නදී)