IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මීරිගම සර්කිට් රේස් දෙවැනි අධියර ස්පීඞ් වෙඞ්ස් ධාවන පථයේදී හෙට

‘මීරිගම සර්කිට් රේස්’ තරගාවලියේ දෙවැනි අදියර හෙට (14 වැනිදා) මීරිගම ‘ස්පීඞ් වෙඞ්ස්’ යතුරුපැදි ධාවන පථයේදී පෙ. ව. 9.00 සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දෙවැනි අදියරේ පුහුණුවීම් කටයුතු ජූනි මස 22, 30 සහ 07 යන දින වලදී සාර්ථකව පැවැත්විණ.

යතුරුපැදි තරග ඉසව් 16 කින් සමන්විත මෙම තරගාවලියට, අවුරුදු 45 ට වැඩි ප‍්‍රවීණ යතුරුපැදි ධාවකයන්ගේ තරගයක් සහ සිලින්ඩර ධාරිතාව 1000 දක්වා වන අධිබලැති යතුරුපැදි ධාවන තරගයක්ද අන්තර්ගතවේ.

මාර්ග යතුරුපැදි කී‍්‍රඩාවට නව ජීවයක් ලබාදීම සහ නවක යතුරුපැදි ධාවකයන්ට තම දස්කම් දැක්වීමට ඉඩ හසර සකසාදීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප‍්‍රධාන අරමුණ බව ස්පීඞ් වෙඞ්ස් රේසිං කණ්ඩායමේ ප‍්‍රධානී, සුපිරි යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහ පවසයි.

ආනන්ද වෙඩිසිංහ, උදේෂ් වෙඩිසිංහ, තුසිත ගුණසේකර, සුරාජ් පෙරේරා, නෙඞ් ඩැනියෙල්, මඳුරංග කල්දේරා, ශි‍්‍රයාන් සැමුවෙල්, පූර්ණක අලූත්ගේ සහ ප‍්‍රසන්න සුබසිංහ වැනි ප‍්‍රභල කී‍්‍රඩයන්ද ඇතුළත්ව කී‍්‍රඩකයන් 150 කට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විටත් තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර තිබේ.

අදියර 3 කින් සමන්විත මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය ජනවාරි මාසයේ පැවති අතර තුන්වැනි අදියර එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

ස්පීඞ් වෙඞ්ස් රේසිං කණ්ඩායම විසින් ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි සංගමය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

 



අදහස් (0)

මීරිගම සර්කිට් රේස් දෙවැනි අධියර ස්පීඞ් වෙඞ්ස් ධාවන පථයේදී හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site