මීරිගම කණ්ඩලම හන්දියේ නිවසක අනවසරයෙන් රඳවාගෙන සිටි අලි පැටවා උඩවළව ඇත් අතුරු සෙවණට ගෙනගිය බව වනජීවී නිලධාරීන් පවසයි. එම අලියා වෙනුවෙන් ලබා දී ඇතැයි කියන 2012 දී නිකුත් කළ බලපත්‍රය පිළිගත නොහැකියැයි වනජීවී නලධරයෝ කියති.
මේ නිවසේ වයස අවුරුදු 35ක පමණ හීලෑ අලියෙක් සිටිය ද එම අලියා වෙනුවෙන් නිකුත් කළ බලපත්‍රය ඉදිරිපත් කිරීමට ද නිවැසියන් අපොහොසත් වී ඇත. එම අලියාට අයත් බලපත්‍රය ඉදිරිපත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවැසියන්ට පැය 12ක කාලයක් ලබාදී තිබේ. එසේ බලපත්‍රය ඉදිරිපත් නොකළහොත් එම අලියා පින්නවල අලි අනාථාගාරයට ගෙන යාමට නියමිතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා චන්ද ලකුණ ඇති එක්සත් ජාතික පක්ෂයේ මව්බිම වන බෝතලේ ග්‍රාමය ඇත්තේ කන්ඩලමට නුදුරින්..අලියා කරුණාකර මීරිගම බෝතලේ කෙනෙක් ලබා ගන්න. (නදී)
අලි හොරෙක් ද ?(දිල්)
හොද වැඩක් ඔබ තුමන්ලට පිං.අසරණ සතුන්ට හිංසා කරනන් කවරකුට වුවද නීති දඩුවම් දිය යුතුයි (දිල්)
මේ සතාව අනාත කරලා, දුක්දී මනුසත්කමට නිගා දෙන මීට වගකිවයුතු සියලු හවුල්කරුවන්ට ශාප වෙන්ට ඕනා.(නදී)
අලි පැටියා පටවන්න යන්නේ ඩිමෝ බට්ටෙකුට නේද ?. (නදී)
අලියා පොඩි හින්දා සාක්කුවේ දාගෙන එන්න ඇති. ඒකනේ අහුවුනේ නැත්තේ? (නදී)
එතකොට මේ අලිපැටියා මෙයාලා අල්ල ගත්තේ කොහෙන්ද කියලා හොයලාබලන්නේ නැතිද? අලියකුව අනවසරයෙන් තියාගන්න එකට දඩුවම්කිරීමක් නැද්ද මෙයාලාට.(නදී)
ඩිමෝ බට්ටගේ අලි පටවන්න පුලුවන්ද. පාන් වගේ දෙයක් නම් කමක් නැහැ.(නදී)