මහනුවර බෝගම්බර බන්ධනාගාරය පල්ලකැලේ දුම්බරට ගෙන ගිය නිසා හිස්වු බෝගම්බර බන්ධනාගාර භූමිය ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරන බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිට රුපියල් මිලියන 26 ක් වියදම් කරමින් කළුගල් අතුරා සංවර්ධනය කිරිම අරඹමින් අමාත්‍යවරයා අද (06) මහනුවරදී එසේ කීවේය.
අවිධිමත් නගර සංවර්ධනයේ හා සමාජ ක්‍රියාවන් හි ප්‍රතිඵලයක් ලෙස වාහන තදබදය ඇතිව ඇති බවත් ලංකාවේ දෙවැනි අගනගරය වන මහනුවර නගරය උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කරන බවත් රණවක මහතා කීවේය.
මාර්ග ගැටළුව මහනුවර නගරයට පමණක් නොව සියලු නගරයන්ට බලපාන කරුණක් බවත් මේ සඳහා මාර්ග විනය ඇති කිරිම අතව්‍යශ්‍ය කරුණක් බවත් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධිමත් මාර්ග පද්ධතියක්, රියදුරන්ගේ හා පදිකයන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් මාර්ග විනය ඇතිකළ හැකිය. (බ)
ඔබතුමන්ලා ඔක්කොම කළ යුතුය කළ යුතුය කිය කිය ඉන්න. එතකොට හරියටම හරි යයි.අපි බලාගෙන ඉන්නම්. ඔහොමම මිනිස්සුන්ට කන්න තණකොළ හරි පුන්නක්කු ටිකක් හරිත් බෙදල දාන්න. (බ)
බෙනට්, අැයි ජපන් වාහන වල ගිහාම විනය එනවද? විනය දාලද එවන්නේ ජපානෙන් ? (බ)
රියදුරු බලපත් නිකුත්කලයුත්තේ විධිමත් පරීක්ෂණයකින් පසුවයි. ඔස්ට්‍රලියාවේ විනාඩි 40ක පමණ ධාවන පරීක්ෂණයකින් පසුවයි බලපත් නිකුත් කරන්නේ. ලකුණු 100 ම ගත යුතුය. අපේ රටෙත් රියදුරු බලපත් නිකුත්කරන ක්‍රමය සංශෝධනය විය යුතුය. (ස)
දේසපාලන ලොක්කෙක් වී පන්සල් යනවිට දහම් පාසලේදී උගත් දෙය මතක නැත. (ස)
ත්‍රීරෝද වලට නියාමනයක් ඇති නොකළොත් විනයගරුක මිනිසෙකුට ලංකාවේ පාරක යන්න වෙන්නේ නැහැ (නි)
ඔබතුමාට පුළුවන් ඒක කරන්න (නි)
විනය තිබෙන්නේ වාහනයේ නොවෙයි මිනිසුන්ගේ. පැජරෝ, ප්‍රාඩෝ, බෙන්ස් වල යන පන්තිය නම් ඉතින් විනයගරුකයිනේ. පොඩි වාහන වල යන ඉහළ අදායමක් නැති අය සත්තු වගේ පාරේ යන්නේ. එහෙම කියන්නනේ ඔය උත්සාහය. ඔය ලොකු පන්තියේ වැඩි පිරිසක් රටට කර ඇති විනයවිරෝධී ක්‍රියා පොඩි අය සමඟ සැසඳිය නොහැකි තරම් ඉහළයි. (නි)
බලන්න බෙන්ස්, බි එම් ඩබ්ලිව් පාරේ යන්නේ පාර බදු අරගෙන වගේ. මොකද පොලීසිය එයාලා දිහා බලන්නේවත් නැහැ (නි)
මාර්ග විනය හදන්න නම්, දැඩි මාර්ග නීති පනවන්න ඕනෑ. දඩ වැඩිකරන්න ඕනෑ. පහසුවෙන් දඩ ගෙදන්න ක්‍රමයක් හදන්න ඕනෑ, අද වගේ දඩය ගහලා පොලීසිය රියදුරු බලපත්‍රය තියාගන්නවා වගේ නැතුව. මිනිසුන්ගෙ ජීවන මට්ටම ඉහළ දැමූවිට ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් අඩුවෙනවා. (නි)
මාර්ග නීති විතරක් නොවේ, මිනිසුන්ගේ විනයත් හදන්න ඕනෑ. බොහෝ මිනිසුන් නමින් මිනිසුන් වුණාට මනසින් මිනිසුන් නොවේ (නි)
කොතනකවත් නැති විනය මාර්ගවල ඇතිවෙයිද? (නි)
මාර්ග විනය විතරක් මදි. සමස්ත විනය හදන්න ඕනෑ (නි)
පළමුව මෙහෙට හොඳ බස් නැවතුම් පොළක් හදලා දෙන්න බලන්න. (නි)
පොදු ප්‍රවාහන සේවය ඉතා කාර්යක්ෂම සේවාවක් වුණා නම් වාහන තදබදය සෑහෙනදුරට අඩුකරගන්න පුළුවන්. (නි)
මේ දේශපාලකයන්ගේ කතා ඕනා තරම් අසා තියෙනවා. හැබැයි ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා විතරයි හරියට වැඩක් කළේ. විලියම් ගොපල්ලව පාර සංවර්ධනය කළේ එතුමා. එම පාර නැත්නම් අද මහනුවර රථ වාහන තදබදය කොහොමද කියලා හිතා බලන්න (හේ)
මහනුවර නගරයේ විශේෂ සංවර්ධන වැඩපිළිවෙලක් සිදු කළ යුතුයි. එහෙම වුනොත් වාහන තද බදයට විසදුමක් ලබා ගන්න පුළුවන්.(හේ)
කරන්න යන ව්‍යාපෘතිය හොදයි.(හේ)
රකිත්.ඔයා විතරයි හරි කතාව කිව්වේ. පොදු ප්‍රවාහනය පෞද්ගලික ප්‍රවාහනයට යට කරලා කවදාවත් මාර්ග විනය හදන්න බෑ. පොදු ප්‍රවාහනය හරියට හැදුවොත් මිනිස්සු නිකන් කට්ට කන්න බයිසිකල් ත්‍රී විල් වල යන්නෙ නෑ. ඇමති තුමා රකිත් කියපු එක ගැන ගැඹුරින් හිතන්න. ඊට පස්සෙ අනික් දේශපාලකයන්ටත් කියන්න. ඇත්තටම වෙන්න ඕන ඒක නිසා.(හේ)
අපිට දැන් පොරොන්දු අහලා අහලා මේ අය දකිනකොටත් අප්‍රසන්නයි (නි)
දේශපාලකයන්ගේ විනය හදා ගත්තානම් හොඳයි. (ස)
මාර්ග විනය ඇති කරන්න නම් ඔය දෙකයි පනහේ මෝටර් සයිකල් , ත්‍රි විල් , ඉන්දියන්, චීන ලාබ වාහන ලඩි පාරෙන් අයින් කරන්න වෙනවා ..එහෙම නැත්නම් මේ කපේට ලංකාවේ මාර්ග වල විනයක් ඇති කරන්න ලැබෙන්නේ නැහැ ..(බ)
මාර්ග විනයට කලින් දේශපාලඥයින්ගේ විනය ඇති කරන්න. (නි)
මාර්ග විනයක් ඇති කිරීමට හොඳ නීති පද්ධතියක් තිබිය යුතුයි. කප්පම්කාර පොලිස් නිලධාරීන් මාර්ගයෙන් ඉවත්කොට නීතිගරුක නිලධාරීන් යෙදවිය යුතුයි. බෙනට් මහත්තයා කියනවා වගේ පොඩි මිනිහගේ වාහනය මාර්ගයෙන් ඉවත් නොකර එවැනි වාහන වලට ඇතුළු වියහැකි මාර්ග පද්ධති වෙන් කළයුතුයි. මේවා යෝජනා විතරයි. කවදාවත් වෙන්නේ නැති දේවල් නිසා පලක් නැහැ. (නි)
මාර්ග විනය පමණක් ප්‍රමාණවද්ද? (නි)