IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ  සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද(30)පැවැත්විණි.දිනෙන් දින  රිය අනතුරු නිසා සිදු වන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යාම සලකා බලා රජයේ මෙම පියවර ගෙන ඇත.

අනතුරු වලක්වා ගැනීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සහ මාර්ග භාවිතයේදී විනයක් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනා ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම ජාතික සැලැස්ම සකස් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සමාජීය හා ආචාධර්ම අංශ නියෝජනය කරන නිලධාරීහුද,  ජාතික රෝහලේ අධ්‍යක්ෂ (හදිසි අනතුරු සේවා) වෛද්‍ය ඉන්දික ජාගොඩ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිව කුමාර් සහ මහාචාර්ය එච්.ආර්. පසිදු යන මහත්වරු සහ නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) සහ තවත් නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (5)

මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්

Premasiri Thursday, 01 May 2025 06:17 AM

විශේෂයෙන් සිග්සැග් යන යතුරුපැදි, ත්‍රීවීලර් මාර්ග අනතුරු ඇතිවීමට ප්‍රධානම හේතුවක් බව පේනවා... ඒ වගේම රාත්‍රියේ ධාවනය කිරීමේදී වාහනයේ පිටුපස ආලෝකය නොමැතිව වගේම අංක තහඩුව නොපෙනීම අනතුරක් කර පලායාමට පහසුවක් වෙනවා. එනිසා එවැනි ලයිට් නැති වාහන ධාවනය තහනම් කළ යුතුයි. ඒත් තවමත් එවැනි දේ ඇල්ලීමට ක්‍රමයක් නැහැ. තවත් එක් කරුණක් වන්නේ වාහන ධාවනයේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු අවපාත නොකරම ධාවනය කිරීමයි... මාර්ගවල අධික තදබදයක් ඇතිවීමට 40Kmph යායුතු ත්‍රී විලර් දකුණට සිග්නල් දමා පාර මැදින්ම යාමත් 40 ට වැඩි වේගයෙන් යාමට අවසර ඇති වාහනවලට ඉඩ නොදීමත් හේතුවක් වෙනවා. ඒ ගැනත් අවධානය යොමුකර සැලැස්ම සකසනවා නම් හොඳයි...

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 May 2025 07:12 AM

නියමයි, රජයක් කරන්නෙ මෙහෙමයි, වසර හැත්තෑ හයක් නොකළ වැඩක්, අද සමහර යතුරුපැදිකරුවන් වාහන එළවන අය අනුන්ගේ ජීවිත නොසලකනවා වගේම තමන්ගෙ පවුලෙ අයගෙත් ජීවිත ගැන තැකීමක් නැතිව යනව, අනතුරක් උනහම පාරෙ රජයෙ වියදමින් ප්‍රතිකාර කරනවා, අනතුර කරපු එකා ගෙවන්නෙ නැහැ රටේ ජනතාවගෙ බදු මුදලින් එකෙකුගේ වරදකට ජනතාවගේ බදු මුදල් අපතේ යවනවා. ඒක නිසා මේකට යම් තරවටුවක් කළොත් දෙපැත්තෙම අය සැලකිලිමත් වෙයි.

:       0       0

Don Thursday, 01 May 2025 09:08 AM

මාරාන්තික රිය අනතුරක් සිදු කොට මනුෂ්‍ය ඝාතනයක් කලේ නම් ඔහුගේ/ඇයගේ රියැදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අහෝසි කල යුතුයි.

:       0       0

Kamal Koyrala Thursday, 01 May 2025 12:43 PM

මාර්ග ආරක්ෂාවට සාකච්ඡා වැඩක් නෑ – පිළියම තමා අවශ්‍ය. නව මාර්ග නීති, රීති අත්‍යවශ්‍යයි. බලපත්‍රය අධිකරණයේ තිබියදී පොලිස් කොළ කෑල්ල බලපත්‍රය වන්නේ කෙසේදැයි සොයාබැලිය යුතුයි

:       0       0

කමනි Thursday, 01 May 2025 03:26 PM

රියැදුරු බලපත්‍රය ගන්න තැන ඉඳන්ම බොරුව, වංචාව, අවනීතිය. කතාවලින් විතරක් වැඩක් නැහැ. ස්වයං විනයක් ඇති වෙන්නේත් නැහැ. තද නීති ක්‍රියාත්මක වීම සහ දඩුවම් අවශ්‍යයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 544 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 329 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site