(සුජිත් හේවාජුලිගේ )

මාර්ග සංවර්ධන අධිකාරියේ රට පුරා සියලු කාර්යාලවල වසර දහයකට වැඩි කාල සීමාවක් තිස්සේ එක දිගට සේවය කරන දහසකට ආසන්න සේවක පිරිසකට ලබන ජනවාරි මාසයේ මාරුවීම් ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා ලංකාදීපයට පැවසීය.

මේ පිරිස අතර එකම ස්ථානයේ අවුරුදු විස්ස තිහ රාජකාරි කළ සේවකයන් හය සියයකට වැඩි පිරිසක්ද වෙතියි ඔහු සඳහන් කළේය.

එකම ස්ථානයේ වැඩි කාලයක් සේවය ගෙවීමේදී වංචා දූෂණ සහ අක්‍රමිකතාවලට පෙළඹීමට වැඩි ඉඩකඩක් පැවතීම සහ කාර්යක්ෂමතාව හීනවීම යනාදී හේතු සැලකිල්ලට ගෙන මෙලෙස මාරුවීම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් ප්‍රශ්නය ඇතුළු විවිධ ගැටලූ හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක මාරුවීම් වසර තුනකින් ක්‍රියාත්මක කර නැති අතර අවසන් වරට සේවක මාරුවීම් කර ඇත්තේ 2019 වර්ෂයේදීය.