
(කාංචන කුමාර ආරියදාස සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සැලක මුරකරු ඝාතනයකොට එහි දොරවල් කඩා වෙළඳසැල ඇතුළු වී භාණ්ඩසොරා ගෙන ඇතැයි ගලේවෙල පොලීසය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ගලේවෙල පත්කොලගොල්ල ප්‍රදේශයේ පදිංචි එම වත්තේ සේවය කළ කේ .ස්වාමිනාදන් නැමති 52 හැවිරිදි තිදරු පියෙකි.
ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගලේවෙල බෙලිගමුව වත්තේ පාලනය වන දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිට පිහිටා ඇති අලෙවිසැලේ මුරකරු සේවයට පැමිණ සිටියදී රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් මෙම ස්ථානයට පැමිණ මෙම වෙළඳසැල ඉදිරිපිට මේසයක් මත නිදාගෙන සිටි මෙම පුද්ගලයාට පහර දී අත්පා සහ කට රෙදි පටි වලින් ගැටගසා පහරදී එම ස්ථානයෙන් පහළට ඇද දමා ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදීවලදී හෙළි වී තිබේ ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
උදෑසන ආහාර රැගෙන පැමිණි කාන්තාවක් වෙළඳසැල බිඳදමා ඇති බවත් එහෙත් මුරකරු පෙනෙන්නට නොමැති නිසා අවට අයට දැනුම් දීමෙන් අනතුරුව මේ පිළිබඳවව විස්තරය අද(26)හෙලිවී ඇතැයි පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd