(ගයාන් සූරිය ආරච්චි)
වෙන්නප්පුව උල් හිටියාව ප්‍රදේශයේ නිවසකට ඊයේ (13) පැමිණි සැකකරුවන් පිරිසක් එහි සිටි මුරකරු ඝාතනය කර නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් කොල්ල කා පලා ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසියිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂාන්තන් පෙරේරා නැමති 64 හැවිරිදි පුද්ගලයෙකි.
එම නිවසේ අයිතිකරු විදෙස්ගත වී සිටින අතර මියගිය පුද්ගලයා එහි මුරකරු වශයෙන් සේවය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
එම නිවසට ඇතුළු වූ සැකකරුවන් මූලකරුගේ අත පය ගැට ගසා ඝාතනය කර තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මෙච්චර කුරීරුද? මිනී නොමරා අරගෙන යන දෙයක් අරන් පලයව්කෝ...! කොහොමත් මොවුන් අහු වෙනවානේ. මිනී මරලා බේරෙනවා කියන්නේ බොරු.
රටේ නායකයෝ විදේශ සංචාරවල නියැලෙමින් ශෝක් කර කර ඉන්නා අතරේ සාමාන්‍ය මිනිස්සු ගුටි කා වෙඩි කා මැරී යනවා. එක බල්ලෙක් දැන් ඇහැරලා බලන්නේ නැහැ... කොටින්ම කිව්වොත් සාමාන්‍ය දෙයක් වෙලා...
ගුණපාල ගොට්ට අල්ලන ෆෙරාරි සීයා අගමැති වෙලා ඉන්නැද්දී තමයි, පාස්කු ඉරිදා බෝම්බ මාලාවෙන් තුන්සියයකට ආසන්න ගණනක් අමු-අමුවෙන් එළව ගියේ... සිය ගණනක් තාමත් ඇඳන් උඩ. ඒ කාලේ ගුණපාලයා විදේශ ගතවෙලා ඉන්නැති මගෙ හිතේ...?