ඉදිරි සති දෙකේදී මොනෝ සෝඩියම් ග්ලුටෝමේට් (එම්.එස්.ජී) රසකාරකය වෙළඳපළින් ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අද (8) ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බව මහීපාල මහතා අද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ‘සුරකින්නට තව වටිනා ජීවිතයක් කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්‘ තේමාවෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් කීවේය.
ශ්‍රී ලංකාවේ ඕනෑම කඩයකින් මිලට ගත හැකි මේ රසකාරකය මොනෝ සෝඩියම් ග්ලුටොමේට් හෙවත් එම්එස්ජී යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. ආහාර රස ගැන්වීම සඳහා ලොව පුරා පාවිච්චි කරන මේ රසකාරකය නිහඬ මාරයකු බව විද්‍යාඥයෝ කියති. කාලයක් තිස්සේ මේ රසකාරකය මිනිස් සිරුරට ඇතුළු වීමෙන් ස්ථුලභාවය, ඇස්වලට හානි, ආතතිය, මහන්සිය, ආමාශගත රෝග, හිරිවැටීම, දැවිල්ල, මුහුණේ පේශීන් තදවීම, පපුවේ අමාරුව, හිසරදය, වමනය, ඔක්කාරය, හදවතේ ගැස්ම වැඩිවීම, නිදිමත ගතිය වැඩිවීම, ඇඟපත පණ නැති වීම, ඇඟ පුපුරු ගැසීම ආදී රෝග ඇතිවිය හැකිය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේ රසකාරකය වෙළඳපොළින් ඉවත් කළ යුතු බවට පසුගියදා සෞඛ්‍ය බලධාරීන් හා පැවැති සමාලෝචන රැස්වීමකදී පැවසීය.
අවන්හල්වලින් කෑම ගන්නා අය මෙම රසකාරකයේ අහිතකර බලපෑම් වලට ලක්වෙතියි වෛද්‍යවරු කියති. මෑතක සිට මෙම රසකාරකය වල් නාශකයක් ලෙස භාවිතයට ගන්නා බවටද තොරතුරු වාර්තාවේ.
වකුගඩු බද්ධ කිරීමේ නව ප්‍රතිපත්ති හඳුන්වා දීම වෙනුවෙන් සම්මන්ත්‍රණය පැවැති අතර පළමු වරට වකුගඩු බද්ධ කිරීමේ අරමුණ ප්‍රකාශ කිරීමේ ආකෘති පත්‍රයක් සහ කාඩ් පතක් හඳුන්වාදීමද අද සිදු කැරිණි.
බෝ නොවන රෝග අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් සීනි පරිභෝජනය අවම කිරීමට ඉදිරි දෙසතිය තුළ රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය බොහොම හොඳ තීරණයක්. (හේ)
එෆ්ඩීඒ, එක්සත් ජාතීන් අනුමත කරපු එම්එස්ජී ලංකාවේ තහනම්. අපේ ඇවුන්ට දේශපාලකයො මොකක් කිව්වත් ඔලුව උඩින් නේ පිලිගන්නේ. වෙන රටවල් වල තහනම් කරන්නේ ඒක ගැන පරීක්ෂණ කරල එ්වයෙ නිර්දේශ උඩ.අපේ ජනාධිපතිට හිතුනාම. මේක එක පාරටම තහනම් කරන්න හේතුව වල් නාශක වෙලඳ පොළ අඩුවෙන නිසාද කියන එක ගැනත් සැකයක් තියෙනවා මටනම්. (බ)
මේක ඉවත් කරන්නෙ වෙන කිසිවක් නිසා නොවෙයි වල් නාශකයක් විදියට ගොවීන් පාවිච්චි කරන නිසා වල් නාශක අලෙවිය අඩුවන නිසා මිසක අපිට ආදරේට නොවෙයි (හේ)
කවුද මේ දම්මි (බ)
සමාජ ජාල වෙබ් අඩවි මේගැන පුළුල් ප්‍රචාරයක් ගෙන ගියා ඒ හින්ද තමයි කාගේත් ඇස් ඇරුනේ කෙසේ නමුත් ජනතාව ලද ජයක් සැමට ස්තුතියි ! (බ)
කොත්තු රොටියට වැලේ වැල් නැතිවෙයිද ? (බ)
කරනවානම් ඉතාම හොඳ වැඩක් ජනපතිතුමාට වගේම අනෙකුත් නිලදාරින්ට ඉතාම පින් අයිතිවන වැඩක් .හැබැයි ඒ වගේම මේවා තොග වශයෙන් තබාගෙන කෑම වලට දමන්න ඉඩ තිබෙනවා එනිසා මේවා දැමු ආහාර විකිනිමත් තහනම් කරන්න (කෞ)
මට හරිම සතුටුයි. මිනිස්සු දැන දැන වහ කනවා. වස විස නැති ආහාර පුරුදු කරමු. (කෞ)
මහත්වරුනි, ඇස්බැස්ටෝස් ගැන ද කියවා බලන්න. එහි ඇති සියුම් කෙඳි අපගේ ස්වසන පද්ධතියට ඉවත් කල නොහැක. දියුණු රටවල ඇස්බැස්ටෝස් ඇල්ලීම පවා කල නොහැක. අවාසනාවට ඇස්බැස්ටෝස් යනු අතිවිශිෂ්ට ඉදිකිරීම් සහ තාප ගුණාංගයන්ගෙන් යුත් ආදේශකයක් සොයා ගැනීමට අමාරු ද්‍රව්‍යක්. නමුත් එය පිළිකා කාරක නම් එවැනි දෑ භාවිතයෙන් ඉවත් කල යුතුයි. (ර)
ජනවාරි 8 ලබාගත්තු තවත් එක ජයග්‍රහණයක්. (ර)
රස තණ්හාවේ ආදීනව (කෞ)
හොඳ තීරණයකි . (කෞ)
මටත් හරිම සතුටු හිතුන දෙයක්.අනිවාර්යෙන්ම මේවා හොදම වැඩ (බ)
මෙය හොඳ තීරණයකි මම මෙය 1919 ජනාධිපතිට අමතන්නට මෙයට සති දෙකකකට පෙර යොමු කලෙමි මම යෝජනකලේ එම් එස් ජී තහනම් කිරීම හෝ කිලෝ එකක් සඳහා රුපියල් 20,000 ක පමණ බද්දක් පැනවීමි. මන්ද දෙනට වෙලදපොලේ එම් එස් ජී කිලෝ එකක් රුපියල් 150 ක් පමණි.එමනිසා කොත්තු , රයිස් යනාදියට අල්ල පුරවා එස් එස් ජී දමා. තවද වල්නාසකයක් ලෙස ග්ලෛපොසටේ තහනම් කලපසු ගොවීන් බාවිතා කරි. මෙය ඉතා අනතුරුදායකය.ජනවාරි 08 නිහඬ අවිහන්සවාදී ජයග්‍රහණයේ ජනතා ජයග්‍රහණයකි.(හේ)
හොඳ තිරණයක්.(හේ)