මාරක අවි තොගයක් සමඟ එකම පාසලක සිසුන් පස් දෙනෙක් හා මැදි වියේ කතක ගම්පහ නාරන්වලදී වලානේ දුෂණ මර්දන අශයෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.
පෙට්‍රල් බෝම්බ අටක් ,දැති රෝද සවි කළ යකඩ පොලු,බොරු ලී තුවක්කුවක් ,උල් පිහි දෙකක් සහ කඩුවක් එම අවි අතර වු බව කියන පොලීසිය ඔවුන් යන විට සිසුවකු වහළේ ඔත්තු බැලු බවද සඳහන් කරයි.
පෙට්‍රල් බෝම්බ සිසුවකුගේ වැඩක් බව ද කාන්තාව එක් සිසුවකුගේ මවක බව ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන්, ඔබ හරියටම හරි. (අ)
වෙන්න බැහැ..වෙන්න බැහැ..ගම්පහ පැත්තේ ඉන්නේ හරි අහිංසක බෝ පැල වගේ සිසුන්නේ..මේක කාගේහරි මගඩියක්ද කොහෙද? (අ)
1971 එකේ වගේ නැගිටීමක ලකුණුද දන්නේ නැහැ. (නදී)
අවසානයේ පාර්ලිමේන්තුවට යන්නෙත් මේ අය නොවේද ? (නදී)
මේ සියල්ලට වග කිව යුත්තේ සේනාවයි.(දී)
මෙම අයගේ අරමුණ වුයේ කුමක්ද? යන්න හොදින් සොයාගත යුතුමය, දැඩි දඩුවම් දීමද යුතුමය, මේ රටත් ජාතියත් අනාගත පරපුරත් වනසන විසබිජය, මේවා මුලින්උපුටා දැමිය යුතුමය,....බලධාරිනි......(දී).
ආයුධ දාල අල්ලලා නෙමෙයි නේද? (නදී)
ඉදිරියට යන්න පාසල් ළමුන් සම්බන්ධ ඇති. හොද දඩුවමක් දෙන්න. (දී)
මේවා පෙන්වන එක හොඳද මන්දා මෙහෙම. පෙට්‍රල් බෝම්බ හදන හැටි මම දැනගත්තෙ මේවා බලල (දී)
පාසල් වල කලබල ඇති කිරීම සරසවි සිසුන් පාරට අද දැමීම කර්මාන්ත ශාලා වහන්න උද්ගෝෂණ කිරීම මේවා එක දම් වැලේ පුරුක් මිසක් අහබු සිදුවීම් නෙමෙය්.88/89 තරුණ සංහාරයට මුල පටන්ගත්තේ කොහොමද කියන අත් දැකීම් අපිට තියෙනවා...ආරක්ෂක අංශ මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන මීට වඩා.ආයේ එදා අහපු මරලතෝනි අහන්න අපිට අවශ්‍ය නැහැ..(දී)
හොඳ වැඩක් කරලා තියෙන්නේ. මම මේ බොම්බේ හදන්න දන්නේ නැතුව හිටියේ තුන්වෙනි පාර්ශවයක් හිටියේ නැද්ද දන්නේ නෑ.(නදී)
අනේ මෙහෙමත් ලමයි.(නදී)
මෙතන ලොකුම වරද කරලා තියෙන්නේ මේ අම්මා. (නදී)
ආසියාවේ ආශ්චර්ය සහ දැනුමේ කේන්ද්‍රය පිළිබිඹු කරන හෙට දිනයේ තාරුණ්‍යය.(දිල්)
බරපතල වැඩ ඇතිව හිරේ යවන්න තියෙන්නේ (දිල්)
දැන්වත් පාලකයින්ට තේරේවිද රටේ දරුවන්ගේ අනාගතය වල පල්ලට යන බව මේවාටට නිසි පියවර ගත්තනම් දැන්වත් (දිල්)
ඉස්කෝලේ යන්නේ මේකටද ?(දිල්)
"දැන්වත් පාලකයින්ට තේරේවිද" (දිල්)
කිසිම කතාවක් නෑ බරපතල වැඩ ඇතුව සිර දඩුවම් දෙන්න ඕන.අම්මා කෙනෙක් දරුවන්ට උගන්වන දේවල් මේවා ද(දිල්)
මේ සේරටම අර මානව හිමිකම් ද මොකක් ද එක වග කිව යුතුයි විදුහල්පති හෝ ගුරුවරයකු දඬුවම් කලොත් නඩු දමන රටේ කුමන හෑදියාවක් පාසෑල් සිසුන්ගෙන් බලාපොරොත්තු වෙමුද අද අපි හොඳ පුරවෑසියන් ලෙස සමාජ ගත වී සිටින්නේ එදා අපට පහර දී යහමග ගෙන ගිය ගුරුවරුන් නිසාය අද එය සිදු නොවීම කනගාටුවට කරුණකි(දිල්)
මේවට පාලකයෝ වගකිවයුතු නැහැනේ.(නධී)
ඡන්දෙ ලග නිසා වැඩ පෙන්නන්න වෙන්න ඇති මේ අයව අරින්න ඕන හිරේ.(නදී)
මේකට සමාජේ බොහෝ ස්තර වල ඉන්න අපි හැමෝම වගේ වග කියන්න ඕනා. තම තමන්ගේ යුතුකම් වටහාගෙන වැඩ කරනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. රටේ පාලකයන්ට මේ වෙනුවෙන් කරන්න පුළුවන් යමක් තියෙනවා... නමුත් ඊට වඩා දෙයක් අපිට කරන්න තියෙනවා.(නදී)
පාසල් අවදියේ කළ යුතු දේ ඉගෙන ගැනීමයි. මේ සාහසික අවි නිපයුම එකතුව කුමකටද? කාගේ උවමනාවටද? බොරු ලී තුවක්කුව පෙන්නා බිය වද්දා නියම තුවක්කුවක් පැහැර ගැනීමට මග පාදා ගනීවී. මේ රටේ ඉතිහාසය අපට බොහෝ දේ කියා දී තිබේ. නැවත මේ රටේ දරුවන් මහ මඟට ඇද දමා, පාසල්,විශ්ව විද්‍යායාල සිසුන්ගේ ඉගෙනුමට බාදා කිරීමට ඉඩ දිය යුතු නොවේ. මේ රටේ තරුණයන් බිලි ගැනීමට වවිධ මත් ද්‍රව්‍ය මෙන්ම මනස විකුර්ති කර නොමග යවා.පටු වාසී පමණක් නොව මුලු රටම අල්ලා ගැනීමට මාරයෝ පිරිසක් සිටින බව අමතක නොකරමු. (අ)
අනේ බොහොම හොඳ මවක්! ඇයි පුතේ අම්ම කිවුවේ නැතිද ? පොලිස් මාමල එනවිට බොරු තුවක්කුව දික්කරන්න කියල. එහෙම වුනානම් හොඳ ප්‍රවෘතියක් අද එසැනින් කියවන්න තිබුණා.(අ)
පැට්‍රොල් බෝම්බ හදන විදිය දන්නේ නැතිව මා හිටියේ. (අ)
අද පාසැල් සිසුන් මෙම තත්වයට පත්වීමට ප්‍රදාන හේතුව ඉගෙනීමට වඩා මුදල් සෙවීමට යෑමය. පාසැල් යන වයසේම මත් කුඩු වලට සහ මත් පැන් වලට පුරුදුවෙලා. මේවට වගකිවයුතු වන්නේ මෙම රජයයි . මත් කුඩු ගෙන්වන අය දැන දෙනත් . ඔවුන් ආරක්ෂා කිරීම සහ නිසි පාලන ක්‍රමයක් නොමැති වීමත් එක් හේතුවක්.(නදී)
ආයුද පෙන්නන්න ළමයි ගෙනියන්න වගේ හදන්නේ .(නදී)