ලොකු ලොතරැයියක් ඇදුණු බවට විශ්‍රමිකයනුත්, බිරිය රට සිට එන බව පවසා සුඛෝපබෝගී කුලී රියදුරනුත් රවටා ඔවුන්ගෙන් කා බී මුදල් හා ජංගම දුරකතන ද ඉල්ලාගෙන අතුරුදන් වන බව කියන පුද්ගලයෙක් බුලත්සිංහල පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
එවැනි පැමිණිලි 20ක් ද, මතුගම හොරණ, බුලත්සිංහල කඩසාප්පුවලින් භාණ්ඩ සොරකම් කිරීමේ පැමිණිලි රැසක් ද ඔහුට එරෙහිව ඇතැයි කියන පොලිසිය ඔහු ළඟ තිබී ජංගම දුරකතන 10ක් සොයාගෙන ඇත.
විශ්‍රාමිකයන් සමග ලොතරැයි දිනුම ඇදීමට කොළඹ එන ඔහු විශ්‍රාමිකයන්ගේ මුදලින් හොඳ හෝටලවලින් කාබී ණයට ද සල්ලි ගෙන අතුරුදන් වන බවත් රට සිට එන බිරිය රැගෙන ඒමට කුලී රියෙන් කටුනායක යන ඔහු ඒ ආකාරයෙන්ම කුලී රියදුරන් අමාරුවේ දමා ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කිව්ව පමණින්ම විශ්වාස කරන්ඩ එපා කියල (දිල්)
දැන් කට්ටියටම ලොතරැයි ඇදිලා !(දිල්)
බුලත්සිංහල පැත්තේ රියදුරන් දන්නේ නැහැ ගමන් යන හැටි. ඒකට අපේ පැත්තේ යන ගමන් ඩිසල් ගහන්න සල්ලි ගන්නවා. එතකොට ගාණ බාගයක් කවර්. (ස)
හොඳ පරිප්පුවක් ලැබුනහම මොන අවවාදයක්වත් මතක් වෙන්නේ නැහැනේ. හොරුන් ඒ බව දන්නවා. (ස)
ඔය වගේ මිනිස්සුන්ට හොඳ දඞුවම් දෙන්න ඕනෑ. (ස)