IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාර හොරෙක් බුලත්සිංහලින් අල්ලයි

ලොකු ලොතරැයියක් ඇදුණු බවට විශ්‍රමිකයනුත්, බිරිය රට සිට එන බව පවසා සුඛෝපබෝගී කුලී රියදුරනුත් රවටා ඔවුන්ගෙන් කා බී මුදල් හා ජංගම දුරකතන ද ඉල්ලාගෙන අතුරුදන් වන බව කියන පුද්ගලයෙක් බුලත්සිංහල පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

එවැනි පැමිණිලි 20ක් ද, මතුගම හොරණ, බුලත්සිංහල කඩසාප්පුවලින් භාණ්ඩ සොරකම් කිරීමේ පැමිණිලි රැසක් ද ඔහුට එරෙහිව ඇතැයි කියන පොලිසිය ඔහු ළඟ තිබී ජංගම දුරකතන 10ක් සොයාගෙන ඇත.

විශ්‍රාමිකයන් සමග ලොතරැයි දිනුම ඇදීමට කොළඹ එන ඔහු විශ්‍රාමිකයන්ගේ මුදලින් හොඳ හෝටලවලින් කාබී ණයට ද සල්ලි ගෙන අතුරුදන් වන බවත් රට සිට එන බිරිය රැගෙන ඒමට කුලී රියෙන් කටුනායක යන ඔහු ඒ ආකාරයෙන්ම කුලී රියදුරන් අමාරුවේ දමා ඇති බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (0)

මාර හොරෙක් බුලත්සිංහලින් අල්ලයි

දයාරත්න Friday, 20 December 2013 11:03 AM

බුදුහමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කිව්ව පමණින්ම විශ්වාස කරන්ඩ එපා කියල (දිල්)

:       0       0

සුමංගල ඇල්පිටිය Friday, 20 December 2013 12:41 PM

දැන් කට්ටියටම ලොතරැයි ඇදිලා !(දිල්)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Friday, 20 December 2013 12:52 PM

බුලත්සිංහල පැත්තේ රියදුරන් දන්නේ නැහැ ගමන් යන හැටි. ඒකට අපේ පැත්තේ යන ගමන් ඩිසල් ගහන්න සල්ලි ගන්නවා. එතකොට ගාණ බාගයක් කවර්. (ස)

:       0       0

සරත් පර්ත් Friday, 20 December 2013 01:10 PM

හොඳ පරිප්පුවක් ලැබුනහම මොන අවවාදයක්වත් මතක් වෙන්නේ නැහැනේ. හොරුන් ඒ බව දන්නවා. (ස)

:       0       0

චන්දි වික්‍ Friday, 20 December 2013 01:13 PM

ඔය වගේ මිනිස්සුන්ට හොඳ දඞුවම් දෙන්න ඕනෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site