ශ්‍රී ලංකාව අවට සාගරයේ සිටින මෝරුන් රැකගැනීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහයෝගය දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ සඳහන් කරයි.
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මෙරට නියෝජිතයින් හා එම සංවිධානයේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස එම පියවර ගැනිණි.
ලෝකයේ මෝරුන් වර්ග 500ක් පමණ සිටින බවත් වර්ග 60කට අයත් මෝරුන් මෙරට අවට මුහුදේ සිටින බවත් එයින් වර්ග 12ක් පමණ ධීවරයන් බහුලව අල්ලා ගන්නා බවත් අමාත්‍යාංශය කියයි.
දැනට කර තිබෙන ගවේෂණ අනුව මෝරුන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින මත්ස්‍ය විශේෂයක් බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ජාතියේ මෝරු ගැනද දන්නේ නැහැ මේ කියන්නේ (නි)
අයියෝ! ඕකට මොකටද කාගේවත් ආධාර? නිදහස ලබපු දා ඉඳලම අපි රැක්කෙම මෝරුම නේන්නම් (නි)
ඉතාම රසවත් හා ගුණවත් කෑමක්. කිරි මෝරා හරිම රසයි. (නි)
ඉතා හොද දෙයක් (බ)
ලංකාවේ හිටපු මිනීමරු මෝරු රැකගන්න නම් රජයේ ඇත්තෝ ගොඩක් වළිකන බව පහුගිය දවස්වල අපි දැක්කා (නි)