IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාර ගස් දෙකක් පාසලක් වහයි

(රංජිත් රාජපක්ෂ )                 

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රි කාෆෙක්ස්  දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැඩිමේ දැඩි අවදානමක් නිසා පාසල අද (02) හෙට (03)  දින දෙක වසා දැමීමට තීරණය කළ බව එම විදුහලේ විදුහල්පති ජේම්ස් වික්ටර් මහතා පැවසීය.

පළමු වසරේ සිට දහතුන වසර දක්වා ළමුන් 358 ක් පමණ අධ්‍යාපනය ලබන එම පාසලේ ආචාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන්විතය.

පාසල අසලම කඩා වැටීමේ දැඩි අවදානමක ලක් වී ඇති විශාල මාර ගස් දෙකක් ඇති බවත්, එම ගස් දෙක කපා ඉවත් කර දෙන ලෙස හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මීට පෙර දැනුම් දී තිබුණත් එම ගස කපා ඉවත් කිරිමට මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් සහ පසුගිය දිනවල පැවති දැඩි සුළං සහ අයහපත් කාළගුණය හේතුවෙන් එම ගසේ අතු කිහිපයක් ද පාසලේ ගොඩනැගිලි වලට කඩා වැටුණු බව විදුහල්පතිවරයා කියා සිටියේය.

එම පාසල් භූමියේ පිහිටි තවත් ගස් කිහිපයක් අද (02) දිනයේ දෙමව්පියන් විසින් කපා ඉවත් කිරිමට පියවර ගෙන ඇත.



අදහස් (2)

මාර ගස් දෙකක් පාසලක් වහයි

බකල ජයා Monday, 02 June 2025 11:01 AM

බලන් ගියාම මා...ර ගස් දෙකක්නෙ!

:       0       2

ගුණරත්න Monday, 02 June 2025 04:56 PM

මාස ගාණක් ගිහිල්ලත් රට තාම එකම තැන කියලා කියන්න වෙන උදාහරණ වුවමනාද...?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site