අඩි දොළහක මාර කොටයකින් අඩි හය හමාරක් උසැති අලියකු පොළොන්නරුවේ ලී කැටයම් වැඩපොළක මාස හතරක් තිස්සේ නිර්මාණය කැරගෙන යයි.
ප්‍රධාන නිර්මාණ කැටයම් ශිල්පියා මාතර අකුරැස්සේ ඩී නිමලසිරි මහතාය.
මෙවැනි අලියකු රුපියල් ලක්ෂ හතලියකට අලෙවි කැර ගත හැකි වෙතියි කැටයම් වැඩපොළ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටත් වැඩි මිලකට විකිණීමට හැකිවෙනවා.උත්සාහ කරන්න.ඔබ ජය ගන්නවා නියතයි.කැටයම් ශිල්පියා ශ්‍රේෂ්ටයි. (ස)
සිරිකොතට නම් විකුනන්න එපා. එතන වටිනා අලි හිටියට වැඩක් නැහැ. කරන්නෙත් ගොන් වැඩ. (ස)
වැඩේ නම් මාරයි! (ස)
බලන්න අපේ අය මොන තරම් දක්ෂ ද?? අපට හරිම ආඩම්බරයි. (ස)
මගේ අම්මෝ ලක්ෂ හතළිහක් !!!!අපේ ගේ ලඟත් මාර ගහක් තියෙනවා. මට බයේ බෑ ඒකත් අලියෙක් වෙයි කියලා. (ස)
අලි ආඩම්බරයි අපට. (ස)
පණ පිටින් ඉන්න අලි මරා දමන නිසා මේ වාගේ කැටයම් අලිවත් තියා ගම්මු. අපේ අනාගත පරපුරට බලා ගන්න. (ස)
හෙණ්ඩු වලට වියදම් නැහැ,කිතුල් වලට වියදම් නැහැ,මද කිපෙන්නෙත් නැහැ, සද්ද බද්ද නැහැ... (නි)
අපේ කළා කරුවන්ට අත හිත දිය යුතුයි. (ස)
ඔය අහිංසකයව බලෙන් හරි, මරලා හරි, ඕක අරගෙන යනවා .මොකද වටිනවා කිව්ව නිසා. (ස)
තව කීයක් හරි දාලා ඇත්ත අලියෙක් ගන්න හැකියි. (ස)
හෙළ කලාකරුවෙනි, ඔබ කොතරම් දක්ෂද? (නි)
මද කිපිලා නේ. (ස)
ලස්සන සහ අනර්ඝ නිර්මාණයක්. හැබැයි මද කිපිලා නොහිටියා නම් තවත් හොඳයි. (ස)
අනිවාර්යයෙන් දේශපාලකයෙක් ඕක බලෙන් අරන් යනවා.කැටයම් ශිල්පියාගෙන් බය කරලා බලපෑම් කරලා ලියුමක් ගන්නවා කැමැත්තෙන් පරිත්‍යාග කළා කියලා.ඕන්න මං කීවා බොරු නම් බලන්න. (ස)
අපේ තාත්තාගේ මෙම නිර්මාණයට අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි. (ත)
සත්‍යපාල මහත්තයා කීවා වගේ මටත් හිතෙනවා දේශපාලුවෙක් ඔබව රවට්ටලා අරක දෙන්නම් මේක දෙන්නම් කියාලා මලයෝ ඕක නම් කොහොම හරි ගන්නවා.රැවටෙන්න එපා. (ස)
අපේ ශිල්පීන් තව දිරි ගන්වන්න ඕන. (ස)
දකුණේ කොල්ලෙක්ගේ වැඩක්නේ. කියන්න දෙයක් නැහැ ඉතින්.ජය වේවා! (නි)
වැඩේ නම් ලස්සනයි, එහෙත් මේ ගස හැදෙන්න කොච්චර කල් යන්න ඇද්ද? කැලේ අලි මරනවා මදිවට දැන් ගස් කපලා අලි හදනවා. අනාගත පරපුරට මොනවා ඉතුරු වෙයිද ? (නි)
මේ වැඩේ ඉවර වෙන කොටවත් අපේ රටේ අලින්ට ඇස් පැදේවා... (ස)
මේ වගේ ප්‍රතිභාපුර්ණ කලාකරුවන් රටට ජාතියට දායාදයක්මැයි. මේ වගේ දක්ෂයින් අපට ඉන්නේ කීයෙන් කීදෙනාද? මෙවැන්නන් හට සියලු පහසුකම් සපයාදී ඔවුන්ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය රටට ලබාදීමට අවස්ථාව සලසාදීම රජයේ වගකීමයි. මෙවැන්නන්ගෙන් ඉදිරි පරම්පරාවටද ගුරු උපදෙස් ලබාදීමට රජය වහාම පියවර ගතයුතුයි. ශෝභන වැඩවලට නිස්කාරනේ නාස්තිකරන මහා ධනස්කන්ධය යොමුකළ යුත්තේ මෙවැනි වැඩවලටයි. එය සිහින සිතුවිල්ලක් පමණක් බව දන්නා නමුත් බලධාරීන්ට මෙය වැටහේවායයි ප්‍රාර්ථනා කරමි. (නි)
පව් නිමල්සිරි මහතා (ස)
අපේ දක්ෂ නිර්මාණ කරුවට නියම අගයක් දෙන්න කවුරුත් නැහැ. ඒත් අර ගණන දාපු එකනම් සත්‍යපාල, සහ දයා කිව්වා වගේ ඔහුට අවාසනාවක් වෙන්නත් බැරි නැහැ. සිරිකොතේ වෙන සතෙක් තිබ්බොත් මේ අලියාගෙන් වැඩක් වෙන්නේ නැහැ.(නදී)
හරිම හොද වැඩක් (නි)
හොද ලස්සන නිර්මාණයක්.ඒ වගේම ප්‍රවේශම් වෙන්න. ඔබට තෙරුවන් සරණයි (නි)
මේ අලියගේ පොඩි ගැටළුවක් තිබෙන බව පේනවා. (නි)
සුභ පැතීමක් හෝ දිරිගැන්වීමක් කරනවා නම් කොච්චර වටිනවද? කළුවර මාර වැනි ලී කඳන් වලින් මෙවැනි අපුර්ව නිර්මාණ බිහි කළ නිර්මාණකරුවෝ බොහොමයක් හිටියේ ගාල්ලේ ගල්වඩුගොඩ, හින්පන්දල, පෙදුරුගෙවෙල යන ගම් වල.මට මතකයි මගේ මිතුරන් කීප දෙනෙක්ගේ ගෙවල් වලත් මෙම කර්මාන්තය විශාල වශයෙන් කෙරුණා. අපේ නිර්මාණ බලන්න ඒ දවස් වල විදේශිකයන් බොහෝ පැමිණුනා වගේම විදේශ සඟරාවල පුවත්පත් වල ඒ පිළිබඳ විස්තර ගියා. නමුත් 83න් පස්සේ රටේ තිබුණු යුධමය තත්වයත් එක්ක ඒ කර්මාන්තයට හෙණහුරා පාත් වුණා. (නි)
මොකද මූ මෙච්චර ගණන්! (නි)
මාරම අලියෙක් තමයි (නි)
දක්ෂ නිර්මාණයක් ..(ස)
ලස්සනයි (නි)
ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.ඒත් මාර කොටයකින් හදපු නිසා වැඩි කල් පැවැත්මක් නැතුව යාවි.එහෙම උනොත් මහන්සිය අපරාදේ.ඔබගේ දෑතට විරිය ලැබේව! (ස)
ලස්සන නිර්මාණයක් , හරිම දස්ස වඩු බාස් කෙනෙක්. මගේ සුබ පැතුම් (ස)
කොස්වත්ත මහත්තයෝ, සිරිකොතේ අලියෙක් නොව මි හරෙකෙක් තැබීම වඩා සුදුසු යහි සිතමි .(ස)
අර මහත්තයාගේ ඕඩරයක් වෙන්න ඕනේ.(නදී)
බොහොම අගනා නිර්මාණයක්. කවුරුහරි මෙයාට උදවු කළොත් මෙම නිර්මාණය යුරෝපා රටකට වැඩි මිළකට අළෙවි කරගන්න පුළුවන් වෙයි. නිමලසිරි ප්‍රමුඛ කණ්ඩායමට සුභ පැතුම්! (නි)
දකුණේ කොල්ලෙක් නේද ? (ස)
රනිල් මහත්තයෝ, ඔන්න නියමයි ගන්න පුළුවන් නම්. (නි)
ඒකා නම් මාර අලියෙක් තමයි. (ස)
අලි ජරමරයක් වගෙයි (නි)
මාර ගසක මාර කොටයකින් කරපු මාර අලියෙක් . එක කරන මනුස්සයා නම් කුඩා කෙනෙක් . ඔහුට සර්වබලදාරි දෙවියන් වහන්සේගේ පිහිටාදාරය ලැබෙන්න ඕනේ (ස)
මාර ගහේ මිළ අඩු කළහම ලක්ෂ 15ක් විතර වෙයි. නැත්නම් ඉතින් ගස් කැපුවට උසාවි යන්න වෙයි (නි)
අනර්ගයි. (ත)
මේ අලියා ගෙනල්ලා සිරිකොතේ තියමුකෝ (නි)
ජාත්‍යයන්තරයට ගෙනියන්න ඕනෑ මේ වගේ නිර්මාණකරුවන්ව. (නි)
ඉතා දක්ෂ නිර්මාණයක්.මෙවැනි නිර්මාණ ශිල්පීන්ව අගේ කොට ඔවුන්ව ධෛර්යමත් කල යුතුයි. (ස)
ඇත්ත අලියෙක්වත් ඔච්චර මිළ නැතුව ඇති (ස)
මල්ලි, කවුරු කිවුවත් ඕක අඩු ගාණට විකුණන්න එපා. ඔබේ මිළ හොදයි. අඩුවට ගන්න කවුරුත් බලාවි. (නි)
අපේ අහවල් මහත්තයට මේ අලියාවත් හිලෑ වෙයිද දන්නේ නැහැ (නි)
මේක ගිනස් වාර්තාවකට ඉදිරිපත් කරන්න බැරිද? (නි)
නියමයි කියන්න වචන නැහැ.(නදී)
ලස්සනයි. යුරෝපෙ නම් මේක යුරෝ 50,000 ටවත් දෙන්න පුළුවන්. සුභ අනාගතයක්. (නි)
ලක්ෂ හතළිහට වැඩිය වටිනවා (නි)
හොද නිර්මාණයක්. ඔබේ හැකියාවන් දියුණු වේවා! (නි)
ගොඩක් හොඳ නිර්මාණයක්. තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. (ස)
පරිස්සම් වෙන්න. සමහරක් දෙනා කියන කතා ඇත්ත. මතකද වේවැල්දෙනියේ වේවැල් සිංහයා හොරෙන් අරන් ගියා.(නදී)
ප්‍රවේශම් වෙන්න.සමහරක් දෙනා කියන කතා ඇත්ත. මතකද වේවැල්දෙනියේ වේවැල් සිංහයා හොරෙන් අරගෙන ගියා. (නි)
මේක අලි ඉන්න තැනකට ගිහින් දෙමු (නි)
මේ අලියා මම සල්ලි වලට ගත්තොත් කෙලින්ම අරගෙන ගිහිල්ල සිරිකොත කාර්යාලේ ගාවින් හයි කරනවා. (ස)
මේක ලක්ෂ හතළිහකටත් වැඩියෙන් වුණත් විකුණන්න පුළුවන්. (නි)
විශිෂ්ට නිර්මාණයක්. (ස)