කොළඹ මියුසියස් විද්‍යාලයයේ හටගත් ගින්නෙන් රංග ශාලාවට දැඩි ලෙස හානි සිදුවූ බව පොලිසිය කියයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොළඹ,  වරාය සහ ගුවන් හමුදාවේ ගිනි රථ 10ක් පමණ යොදා ගෙන ඇතැයි ද ගින්න නිවීමට ගිනි භටයන් 60ක් පමණ පැමිණ ඇතැයි ද කියති.


කොළඹ මියුසියස් විදුහලේ හටගත් ගින්නක් නිවීමට කොළඹ ගිනි නිවීමේ හමුදාව එහි ගියේය.ගිනි නිවන රථ හා අාධාරක වාහන 12ක් පමණ විදුහලේ ශ්‍රවණාගාරය දෙසට ගිය බව ගිනි නිවන හමුදාව කියයි.

මියුසියස් විදුහලේ ගින්න පාසල් කාලයේදී සිදුවූයේ නම් මහා විනාශයක් වන්න ඉඩ තිබුණැයි බාන්ස් පෙදෙසේ හා රෝසමීඩ් පෙදෙසේ පදිංචිකරුවෝ කියති.එසේ වූයේ නම් ගිනි නිවන රථයකටවත් එහි ඇතුළු වීමට නොහැකි වෙනු ඇතැයි ඔවූහු පෙන්වා දෙති.

ගිනි නිවන නිලධාරීන් පවසනුයේ ගින්නක් නිවීම සඳහා කිසිම පහසුකමක් නොමැතිව මෙම ශ්‍රවණාගාරය ඉදිකර ඇති බවයි.

සෙනසුරාදාට නියමිත නාට්‍යයක පෙරහුරුවක දී ගින්න හටගෙන ඇත.ජීවිත හානි කිසිත් වාර්තා නොවීය.පාසලේ ප්‍රයෝජනයට පමණක් ශ්‍රවණාගාරය ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අවසර දී ඇත.

ප්‍රදේශවාසීන් පවසනුයේ ශ්‍රවණාගාරය වාණිජ මට්ටමෙන් පවත්වාගෙන යන බවයි.පාසල් ප්‍රකාශකයකු පැවසුයේ බලධරයන්ගේ අවසරයෙන් ශ්‍රවණාගාරය ඉදිකළ බවයි.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව කියති.

  DSC_6526 DSC_6546 DSC_6569 DSC_6586 DSC_6593 DSC_6614