IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මයිලෝ දැල්පන්දු 12 න් පහළ තරග ඉවතට

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය, නෙස්ලේ ලංකා සමාගමේ අනුග‍්‍රහයෙන් 22 වැනි වරටත් සංවිධානය කරන ‘මයිලෝ’ කුසලාන අන්තර් පාසල් සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියේදී 12 න් පහළ වයස් කාණ්ඩය ඉවත් කරනු ලැබ තිබේ.

ආරම්භයේ සිටම වයස 12 න් පහළ කාණ්ඩ ද ඇතුළුව වයස් කාණ්ඩ හතරක් යටතේ තරගාවලිය  පැවැත්වුවද වයස 13 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තරගකාරි ක‍්‍රීඩාවල යොදවීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් අත්හිටුවනු ලැබීම නිසා මෙවර තරගාවලියට කණ්ඩායම් 200 ක් පමණ අහිමිවූ බව පාසල් දැල්පන්දු නිලධාරිනියෝ පැවසුහ.

වයස 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ තුන යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් අදියරට ‘ඒ’ කාණ්ඩයෙන් කණ්ඩායම් 180 ක් ද, ‘බී’ කාණ්ඩයෙන් කණ්ඩායම් 90 ක් ද, සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ අවසන් අදියරේ තරග ජූනි මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා පිළියන්දල මැදි මහ විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ පළමු අදියර ශ්‍රී ලංකාවේ පාසල් 300 ක පමණ සහභාගිත්වයෙන් මධ්‍යස්ථාන 15 කදී පැවැත්විණි. එයට උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් පාසල් 10 කට වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වූහ.

වයස 14 න් පහළ වයස් කාණ්ඩයට 2000 වසරේ උපත ලැබූ ක‍්‍රීඩිකාවන්ට පමණක් සහභාගි වීමට අවස්ථාව තිබීමද කණ්ඩායම් සංඛ්‍යාව අඩුවීමට තවත් හේතු වී තිබේ. නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් මෙම තරගාවලියට 22 වැනි වසරටත් පැවැත්වෙයි.

ඡයාරූපය: ‘නෙස්ලේ’ ලංකා සමාගමේ උප සභාපති නෝමන් කන්නංගර මහතා විසින් පාසල් දැල්පන්දු සංගමයේ ලේකම් සුධර්මා ජයවර්ධන මහත්මියට අනුග‍්‍රහයක චෙක්පත නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව. නෙස්ලේ සමාගමේ උප සභාපති (සාමූහික කටයුතු) බන්දුල එගොඩගේ සහ නෙස්ලේ සමාගමේ අනුග‍්‍රහක කටයුතු කළමණාකරු සජීව වික‍්‍රමසිංහ (වමේ) යන මහත්වරු සහ පාසල් දැල්පන්දු සංගමයේ භාණ්ඩාගාරික සංජිකා විජේනායක සහ තරගාවලි ලේකම් චම්පා රංජනී යන මහත්මීහු (දකුණේ) ඡයාරූපයේ වෙති.


 



අදහස් (0)

මයිලෝ දැල්පන්දු 12 න් පහළ තරග ඉවතට

nadee Thursday, 30 May 2013 07:57 PM

වැඩෙන දරුවන්ට ඇති ක්‍රීඩා තරඟ තහනම් කරනවාට වඩා, නිසි පුහුණුව පෝෂණය හා ව්‍යායාම් ලබාදී මෙවැනි ක්‍රීඩා තරග වලට යොමු කිරීමයි කල යුත්තේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site