කතරගම නගරය යනු කිසිදු ක‍්‍රමවත් භාවයකින් සංවර්ධනය නොවු නගරයකී. දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවනියත්වයට පත් වු ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් ලෙස ප‍්‍රචලිත කතරගම කාණු වැසි දින වලදී උතුරා පිටාර ගලමින් මුළු නගරයම දුර්ගන්දයට පත් කරයි. අප ද්‍රවයන් පිරි ජලය නගරය යටවීම මේ දින වල දී දැක ගත හැකිය. අනවසර ගොඩනැගිලි නිසා ජලය ගලා යෑමට ඇති මාර්ග අවහිර වීම මත මෙම ගැටලූ පැන නැගී ඇතැයි බොහෝ දෙනෙක් කියති.
කතරගම නගරය හා පුජා භූමිය පාලනය කරන ආයතන කීපයකි. නාගරික සංවර්ධන අධිකරිය, කතරගම ප‍්‍රාදේශිය සභාව, භෞතික සැලසුම් දෙපර්තමේන්තුව නගරය පාලනය කරයි.
නගරයේ ඇති රථගාල් හතර වැසි දිනට ගවගාල් මෙන් දිස්වේ. සුදෝ සුදු ඇදුමින් දෙවියන් පිදිමට එන බැතිමතුන්ගේ රථ වාහන නවතා දැමිමට සිදුව ඇත්තේ මඩ වගුරු සහිත රථගාල් වලයි. සුදු ඇදුම් ඇදගෙන දේවාලය වෙත යන බැතිමතුන්ට මඩ තැවරුණු ඇඳුමින් යෑමට මේ දින වල සිදුවේ. ගාල් කරන සියලුම රථ වාහන වෙනුවෙන් මුදල් ද අය කරයි.
රථ ගාල්හි කැසිකිළි පහසුව නැතැයි ද ඔවුහු කියති. පානීය ජල කරාමයක් ද නැත.
කතරගම දේවාලයට යන ප‍්‍රධාන මාර්ගය වන අංක 02 පාලම ඉදිරිපිට ද පොලිසිය අසල ද වැසි දින වල දී මඩ වළවල් සැදි ඇත.

![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2110.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/314.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/414.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/511.jpg)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/612.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/71.jpg)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/0812.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් වදින්න යන අහිංසක මිනිස්සු (ම)
දේශපාලකයෝ දේවාල වල කපුවන්ට නිලමේලාට ඕනි සල්ලි විතරයි.සංවර්ධනය කරන්න ලස්සනට තියාගන්න ඕනි නැ.අපිත් ගියා සංචාරක මණ්ඩලයේ හෝටලයකට මගේ අම්මෝ අපායක් වැසිකිලි උතුරලා දුගඳ කාමරවල මකුණෝ (ම)
දේවප්‍රිය, මේ වාර්තාවට ඔබට ගොඩක් ම ස්තුතියි. දැන්වත් වගකිව යුත්තන්ගේ ඇස් මේ දෙසට යොමු වේවා. (ර)
මයුර පුර නෙමෙයි කොළඹට ආසන්න සමහරක් පැති මේ දවස්වල මිහිපිට ඇති නරලොවක්. අඩුම තරමේ විදෙස් සංචාරකයන් ගැවසෙන මෙවැනි ප්‍රසිද්ධ ස්ථානවත් පිළිවෙලකට තියාගන්න උනන්දුවක් නොකරන්නේ ඇයි? (ම)