ලෝකප්‍රකට පොප් ගායක මයිකල් ජැක්සන් ගේ වැඩිමල් සොහොයුරු ඇමරිකානු ජාතික සුපිරි ගායක ජර්මේන් ජැක්සන් මහතා දිවයිනට පැමිණයේය.
ඔහු මෙරටට පැමිණියේ ඔහුගේ රූමත් බිරිද සමගය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇරයුමකට අනුව මෙරටට පැමිණි ජර්මේන් ජැක්ෂන් මහතා මෙරට රැදී සිටින කාලය තුල දැවැන්ත සංගීත ප්‍රසංගයක් සැලසුම් කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්ද,කාර් රේස්, රගර් , සිනමා උළෙලවල්, සන්දර්ශන... නියමයි. පත්තරේ බැලුවම තියෙන්නේ මේවා. අසරණ දරුවෝ ලෙඩවලට බෙහෙත් ගන්න නැතුව, සැත්කම් කරන්න සල්ලි නැතුව දුකෙන් හෙම්බත් වෙලා. ඇත්තටම දුකයි. කවදා මේවා ලංකාවේ මිනිස්සුන්ට තේරේවිද මන්දා. (නි)
රෝහල් වල බෙහෙත් නැහැ.පාසල් වලට ගුරුවරු නැතුව පාසල් වහගෙන යනවා.බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. මෙවැනි කාලෙකත් කතිරේ ගහන අය ඉන්නවනේ. (නි)
සඳරුවන්, අනේ අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි නේද මේ? (නි)
මයිකල් ජැක්සන් කියන්නේ නිකම්ම නිකම් ගායකයෙක් නෙමෙයි. කලාතුරකින් ලොව පහළ වෙන ආශ්චර්යයක්. ලංකාවේ බහුතරයකට මයිකල් ජැක්සන් ගැන අදහසක් නැහැ. (නි)
අපේ මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විදිනවා. අනේ තව කතිරේ ගහන්නකෝ. තව කව්රු ගෙන්නාවිද? ජය වේවා! හුරේ! (නි)
අනේ අපි දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි නේද මේ ?(නදී)
මයිකල් ජැක්සන් දක්ෂයෙක් උනාට ..මෙයා එහෙම ජනප්‍රිය හෝ දක්ෂ ගායකයෙක් නෙවෙයි ..මල්ලිගේ පහනින් එලිය ලැබිලා. (ස)
වැලිවේරියේ ජනතාව බලයි මේක ! (නදී)
අපිට වතුර නෑ? (ත)
ඔච්චරයි අඩු අපිට (ත)
මේවට විරුද්ධ වෙන්න මෝඩයෝ ,රටක් දියුණුවෙන්න නම්,පුළුවන්තරම් පොප් ගායකයෝ රටට ගෙන්වන්න ඕන,එතකොට රටේ ජනයා සංගීතයෙන් ඔද වැඩී,පිස්සු පීකුදුවී සිටීවි. (ස)
මේවා හොද වේද,
ලස්සනයි ලස්සනයි... හම සුදු මැලි නොකරගත් අයියා, මල්ලිට වඩා හැඩකාරයෙක්. සුදු කෙල්ලන්ව කළු කොල්ලෝ ගත්තහමයි ලෝකෙ ලස්සන වෙන්නේ. (ත)
ඔය ප්‍රසංගයනම් බලනවා මයි. (ත)
අපිට මෙච්චරයි අඩු. (ත)
නැව ගිලුනත් බෑන්ඩ් චූන් (ස)
දැන් ප්‍රශ්න ඔක්කොම අමතකයි. (ත)
එක කොටසක් විතරක් සැනසුනාම ඇතිද රටේ? (නි)
කවුරුහරි මේවා ලියල එකතු කරනවද? 2016 දී අදින්න. ජවිපෙ, එජාපෙ ට ඕව අමතක වෙනවනේ. (දී)
අපිට ආස්චර්ය නිසා සල්ලි වැහි වැහැලා. වතුර වලට පිටරවල් වලට ආධාරත් දෙනවා. දෙන ගමන් තමා මේ කරන්නෙ. මගේ මීලග මනාපය රට වෙනුවෙන්.(නදී)
රෝහණ චමින්ද, ඔබතුමා හරියටම හරි. ඔය නීල් රනා කියන කෙනා සිංහල නම් වලින් අදහස් දාන කෙනෙක් පමණයි. (නි)
අපිට මෙච්චරයි අඩු.(නදී)
රටේ වෙන ප්‍රශ්න නැතිද සල්ලි වියදම් කරන්න.(නදී)
දැන් බලමු කීදෙනෙක් මේ ශෝ එක බලන්න යාවිද කියලා.(නදී)
ලෝක ප්‍රකට මයිකල් ජැක්සන් මිය නොගියා නම් ඔහු අද ලංකාවට පය තියෙනවා නිසැකයි. ආසියාවේ ආශ්චාර්වය කරා ශ්‍රී ලංකාව.(නදී)
බෙල්ල ඔතාගන්න පුරුදු වුනේ අපේ එක්කෙනගෙන්ද දන්නේ නැහැ.(නදී)
මෙම සංගීත ප්‍රසංග වලින් ලැබෙන මුදල් රතුපස්වල ජනතාවට වතුර ලබාදීම සදහා ගෙවිය ය යුතු මූලික ගාස්තු සදහා යොදවන ලෙස කරුණාවෙන් ඉල්ලමි.(නදී) .
ඔහොම යන ගමන හොදය (අ)
අහිංසක මිනිස්සු දුක් විදිනවා. ඒ දුක උපරිම තැනට ඇවිල්ලා. ඉවසන්නම බැරිතරම්. ඒ එක්කම 87-89 වගේ කාලයක් නැවත එන්න හදනවා. ඕනෑම දෙයක් ඕනැවට වඩා ඕනෑ නෑ. අහිංසක මිනිසුන්ට ඕන රජවෙන්න නෙවෙයි. ජීවත් වෙන්නයි. කොක්කුන්ට වාර කීපයක් ආවා. තිත්තයාගේ වාරය වැඩි ඈතක නෑ. මහත්වරුනි ප්‍රවේශම් වන්න.මොලේ තියෙන අය අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා. විප්ලවයට ජයවේවා...... (දී)
මේවා කරන එකේ වරදක් නැහැ . එත් මීට වඩා මුල් තැන තිය යුතු ගොඩක් දේවල් අපේ රටේ තියනවා. අනේ මන්ද ඉතින් අපි කිව්වා කියල මේ දේවල් නතර වන්නේ නැනේ. තියන සල්ලි වලට මොනවා හරි කරන්නත් ඕනනේ . එකක් හැමදාම නත්තල් නෑ පුතේ . (අ)
ඔහොම යං! (නි)
අනේ කොච්චර ෂෝක්ද අනේ? (නි)
නිමල් ජයසිංහ.ඔය කියන නිසාම යොදාවි. අර ධාතු ප්‍රදර්ශනයේදී ආච්චිලා සීයල පිං කැටේට දාපු මුදල් ටිකත් අරගෙන ගියපු රටක් ඔය. (ස)
මමනම් මගේ පෙම්වතියගේ වුපන් දිනයට සුදු අශ්වයකුයි. ලැම්බෝගිනියකුයි තෑගිකළා. (ස)
නිරෝධා.බඩගින්න දැනෙන්නෙ නැති අතමිට සරු දුප්පත් කියන වචනය අහලාවත් නැති මිනිසුන් යන්නෙ පොලිම් ගහලා.මොනවා කරන්ඩද අපි ලබා උපන් හැටි තමයි (ස)
අදහස් දාන බොහෝ දෙනෙක් අශුභවාදීයෝ නිසා, මේ දෙන්නව ආපසු යවල ප්‍රසංගයට යන මුදලින් ඉන්දියාවෙන් බුදුන්ගේ ධාතු ගේනවලු. (ස)
නියමයි, ඔච්චරයි අඩුවකට තිබුනේ, (ස)
අනේ ඔය සල්ලි වලින් චුටි මුදලක් අර දරුවට කරාටේ තරගෙට යන්න දෙන්නකෝ.(නදී)
වැලිවේරියේ මරපු අහිංසක දරුවෝ වෙනුවෙන් වැලපෙන අම්මලාගේ දුක් ගින්දර නිවන්න වෙන්නැති මෙයා සින්දු කියන්න ආවේ , අනේ සාදු.(නදී)
මෙයාගෙන් මොනවා කරන්නද අනේ මෛකල් ජැක්සන් වත් ආවා නම් කමක් නැහැ.(නදී)
මුදල් නැහැ නැහැ කියලා නිකන් ඉදලා මුදල් ලැබෙන්නෙ නැහැ. හම්බකරන්න ඕනෑ. හැම දෙයක්ම මුදල් නැති අය ගැන හිතලා ලෝකයේ වෙනත් රටවල් නතර කරන්නෙ නැහැ. ඔය මෝඩ අදහස් තිබෙනකල් රටක් දියුණුකරන්න බැහැ (නි)
ලංකාවට මෙච්චරයිනේ අඩුවෙලා තිබුණේ (නි)
මේ වගේ දේවල් වලට අදහස් පළකරන්නේ අසුබවදියෝ කියල හිතන එක වැරදියි. අපේ රටේ කරන්න තියන දේවල්, අඩුපාඩු බොහොමයක් තියෙද්දී සුළු පිරිසකගේ ආස්වාදය උවමනාව මත මේ වගේ දේවල් කරද්දී රට ගැන අවබොදයක් තියන පාඨකයෝ අදහස් පලකරනවා වැරැද්ද පෙන්වීමට . මේ පුවත් පතේම ශීර්ෂ පාටයේ තියන කරාටේ ක්‍රීඩ්කයට වෙලා තියන අසාධාරණයම උදාහරණයක් .(නදී)
ඔබාමාගේ මල්ලි කෙන්යාවේ රස්තියාදු වෙවී ඉන්නවා. එයාවත් ගෙන්නගන්නකො.(නදී)
කාර් රේස්, රගර් , සිනමා උළෙලවල්, සන්දර්ශන, නියමයි. පත්තරේ බැලුවම තියෙන්නේ. අසරණ දරුවෝ ලෙඩවලට බෙහෙත් ගන්න නැතිව, සැත්කම් කරන්න සල්ලි නැතිව දුකෙන් හෙම්බත් වෙලා. මේවා දැක දැක හිතක් පපුවක් ඇති සැබෑ නායකයෝ ඔහොම වැඩ කරන්න හිතන්නෙවත් නැහැ. මිනිසුන්ගේ දුක තේරෙන සැබෑ නායකයෙක් ලංකාවේ කවදා බිහිවෙවිද දන්නේ නැ. ඇත්තට දුකයි. කවදා මේවා ලංකාවේ මිනිස්සුන්ට තේරේවිද මන්දා.(නදී)
නීල් රානා. බුදුන්ගේ ධාතු නෙමෙයි, ඔයාගේ නබිගේ අර පොතෙන් ලංකාව වහගන්න නම් ඔයාට ලොකු ඕනෑකමක් තියෙනවා නේ. මෙතන ආගම්වාදී කතාවක් කරලා ලොව පිළිගත් ආගම් කතුවරයෙකුට නිකම්ම නම කියලා කතා කලේ ඔයා විතරයි.(ස)
ජීවිත අහිමි දරුවන්ගේ දෙමුපියන්ගේ කඳුළු වියළිලා යයිනේ මෙයාගේ සිංදු අහලා (නි)
එච්චරයි අඩුවට තිබුනේ.(නදී)