ස්වයංකී‍්‍රයව මෝටර් රථ එකළස් කිරීමේ කටයුතු සිදුවන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම මෝටර් රථ නිශ්පාදන කර්මාන්තශාලාව පසුගියදා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කැරිණි.
පොල්ගහවෙල පිහිටා ඇති මෙම ස්වයංකී‍්‍රයව මෝටර් රථ එකලස් කිරීමේ පහසුකම් ඇති කර්මාන්තශාලාවේ හිමිකාරීත්වය දරන්නේ ශී‍්‍ර ලංකාවේ මයික්‍රෝ සමාගමයි.
කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට මයික්‍රෝ සමාගමේ සභාපති ලෝරන්ස් පෙරේරා,නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් හා සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගීව සිටියහ.
මයික්‍රෝ සමාගමේ නවතම නිමැවුම වන මයික්‍රෝ වෑන් රථය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හදුන්වාදීමද මෙහිදී සිදුවිය.මයික්‍රෝ මෝටර් රථ සමාගම බංගලිදේශය වෙත ප‍්‍රථම වතාවට අපනයනය කිරීමට නියමිතව තිබෙන රථ වාහන තොගයක තොරතුරු ඇතුළත් ලිපිලේඛනයන් ජනාධිපතිවරයා වෙත ලබාදීමටද මයික්‍රෝ සමාගමේ සභාපති ආචාර්ය පෙරේරා මහතා කටයුතු කළේය.
සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සදහා නව නිශ්පාදනයන් ඉතා වැදගත් වන්නේයැයි උත්සව සභාව අමතමින් ආචාර්ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.
මයික්‍රෝ සමාගම ශී‍්‍රලංකාවේ අනන්‍යතාවය අන්තර්ජාතික තලය වෙත ගෙනයාමට කටයුතු කරමින් සිටින්නේයැයි සමාගමේ සභාපති ආචාර්ය පෙරේරා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කාගෙද කියලා අපි දන්නවා (නි)
මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)
ඉතා හොඳයි! (නදී)
අරයට යන කොමිස් එක අඩු කරා නම් තවත් හොඳයි. (නදී)
ගමගේ, අරයට මෙයාට කොමිස් ගිහිල්ල හරි රටේ මොනවා හරි වෙනවා. ඉස්සර වුණේ කොමිස් යන එක විතරයිනේ! (ස)
ඉස්සර වැඩ නොකර හොරකම් කලා. අද ටිකක් වියදම වැඩි උනත් රටේ සංවර්දනයත් නිෂ්පාදනයක් වෙනවා. ඒවායේ ප්‍රතිපල තව ටිකක් කල් යනකොට දකින්න ලැබේවි. වැඩ නොකර ඉන්කොටත් රජයට බනිනවා. වැඩ යනකොට කොමිස් ගහනවා කියනවා. අනේ මෙහෙම රින ආකල්ප තියන මිනිස්සුන් එක්ක තමයි රටක් ගොඩනගන්න වෙන්නේ. අපේ ඉන්නවා අදිවේගී මාර්ගයේ යන ගමන්ම රජයට බනින අයත්.(නදී)
කොච්චර කාර් කොම්පැනි ඇරියත් කාර් වල මිළ නම් විදේශ රටවලින් ආනයනික මිලමයි. මොකක්ද ඒකට හේතුව. පොඩි මිනිහට වාහනයක් ගන්න ඉඩ දෙන්නේම නැද්ද? නැතිනම් මාර්ග තදබද ඇතිවෙයි කියලා බයයිද? කොච්චර මාර්ග හැදුවත් වැඩක් නැ. අපි යන බස් එක එදා වගේම අදත් කොටනවා.. මේ මොන ඉලව්වක්ද? (නදී)
ඇත්තටම මෙම කම්හල ආරම්භ කළේ කවදද? (ස)
ඉන්දියාව මෙන් ලංකාවටද පිටරටින් ආනයනය කරන වාහන නැවත් විය යුතුය. (ස)
ඉන්දියාවේ හදන වාහන එයාලගේ රට ඇතුලේ මිල ගොඩක් අඩුයි. හැබැයි අපේ රටේ හදන ඒවා ආනයනික වාහනවල මිලට ගොඩක් සමානයි... හේතුව තමයි රජය ලංකාවේ එකලස් කරලා නිපදවන වාහන වලට විශේෂ බද්දක් අය කරනවා. (ස)
තායිලන්තය, මැලේසියාව වගේ රටවල් දැන් වාහන එකලස් කිරීමේ ඉහලින්ම ඉන්නවා. නමුත් ඒ රටවල් වලට පෙර (70 දශකයේ )ලංකාවේ වාහන එකලස් කළා.(උපාලි) ෆියට්, (යු එම් සී ) මැස්ඩා ගලවිලවත්තේ කම්හලේ එකලස් කළා. නමුත් රාජ්‍ය ආයතන හැරුන කොට ඒවාට වෙන ගැනුම්කරුවන් හිටියේ නැහැ. 77 න් පසු විවෘත ආර්ථිකයෙන් පසු ඒවා නිකන්ම නතර උනා. (නදී)
ඉන්දික, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනේ. සහතික ඇත්ත. (ස)
කාට කොමිස් ගියත් කමක් නැහැ මේවා සාමාන්‍ය මිනිසුන්ට ගන්න පුළුවන් ගානකට විකුනන්න. මේ ගාණටම ඉන්දීයාවේ වාහන ගෙන්නලා අපේ රට විනාශ නොකර ඊටත් වඩා අඩුවෙන් ඇයි අපිටම හදාගන්න බැරි ? (ස)
වැඩේ හොදයි . හැබැයි මයික්‍රෝ වාහන වල අමතර කොටස් මිල අඩුකරලා අමතර කොටස් ලබා ගැනීමට රටපුරා අළෙවි සල් ඇරියානම් වාහන තවත් ඉහලට යයි (දිල්)
මමත් ආසයි මයික්‍රෝ කාර් එකක් ගන්න. ඒත් අපේ රටේ ලීසිං සමාගම් කැමති නෑ මේ කාර්වලට ලීසිං දෙන්න. ඒගොල්ලෝ කියන්නෙම ඉන්දියොවේ වාහන ගන්න කියලා. (ස)
මේවා සාමාන්‍ය මිනිසුන්ට ගන්න පුළුවන් ගානකට විකුණන්න. මේ ගානටම වෙන රටවලින් වාහන ගෙන්නලා අපේ රට විනාශ නොකර ඊටත් වඩා අඩුවෙන් ඇයි අපිටම හදාගන්න බැරි ? (දිල්)
මයික්‍රෝ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතාට අපි හුඟක් කෘතඥ වෙන්ට ඕන එතුමාගේ හොඳ උතුම් අධිෂ්ඨානයක් තිබුණා තමන් ඉගෙන ගත්තු දෙයින් තම මවු බිමට, රටේ තරුණයන්ට යහපතක් වෙන විදියේ සේවයක් කරන්ට ඕන කියලා. ඒ අධිෂ්ඨානයේ සහ කැපවීමේ සාර්ථක ප්‍රතිපල අද අපේ රටේ අය භුක්ති විඳිනවා. තව තවත් නව නිර්මාණ කරන්ට එතුමාට ශක්තිය දහිරිය ලැබේවායි ප්‍රර්ථනා කරමි.(දිල්)
සුබ පැතුම්. සිය රට දේ සිරි සැප දේ. ඉන්දියාවෙන් ගෙන්වන වාහන නතර කරලා අපේ දෙයක් ගන්න. (ස)
ප්‍රශ්න ගොඩක් මැද්දේ වසර විස්සකට ඈත සිට ආපු ගමනක්. උත්සාහයේ, අධිෂ්ඨානයේ ප්‍රතිපල ආචාර්ය ලෝරන්ස් මහතා අද දකිනවා. මට ලොකු සතුටක්. වසර විස්සකට ඈත සිට මගේ මිතුරෙක්. ලංකාවේ සැමට ලොකු ආඩම්බරයක්. සුබ අනාගතයක් වේවා. ඔබ ඇතුළු සැමට තෙරුවන් සරණ ලැබේවා. (ස)
ලෝරන්ස් මහත්මයාට සුබ පතනවා අපමණ කැප කිරීමකින් ඉහලට ආව එක, එදා අත දෙන්න කවුරුවත් හිටියේ නැහැ, ඔය වාහන බංගලිදේශයට දෙන්න කලින් අපේ රටේ පාවිච්චියට දෙන්න. ඉන්දියාවේ කොච්චර අඩුයි ද වාහනයක මිල, මෙහෙම කර්මාන්ත ශාලා ඇරලා බෙල්ල ගාවට හිරවෙනකන්ම බදු ගැහුවොත් හරියන්නේ නැහැ. බදු සහන දෙන්න ඕන මෙන්න මේ වගේ උදවියටයි. (ස)