IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැයි රැළියට බස් 5,532 ක්

(ගයාන් සූරියඅරච්චි)

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක්  පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවැසීය.

ඒ අනුව එම බස් රථ මගින් දෙලක්ෂ විසි එක් දහසක පමණ පිරිසක් ගාලු මුවදොරට පැමිණෙනු ඇති බවද හපුගොඩ මහතා කීය.

එම බස් රථ කොළඹට පැමිණෙන විට බස් රථ ගාල් කිරීම සදහා කාන් වටරවුම, කොටුව දුම්රිය පොළ ඉදිරිපිට, රීගල් සිනමා ශාලාව ඉදිරිපිට, පැරැණි මැනිං මාර්කට් වෙළෙදපොළ, ගාමිණී වටරවුම, බාලදක්ෂ මාවත, ගාලු මැද පාර, පැරැණි එම්.ඕ.ඩී. භූමිය, ගුවන් හමුදාව ඉදිරිපිට ප්‍ර දේශය, චිත්තප්පලම් ගාර්ඩිනියා මාවත, කොල්ලුපිටිය හන්දිය, නෙළුම් කුළුණ අසල රථ ගාල් සූදානම් කර ඇති බව ද හපුගොඩ මහතා කීය.

කොළඹ නගරය තුළ රථවාහන හැසිරවීම සදහා රථවාහන නිලධාරීන් 850 ක් පමණ යෙදවීමට කටයුතු සූදානම් කර ඇති අතර ඊට අමතරව සිවිල් ඇදුමින් සැරසුණු නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 2000 කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් කොළඹට යොදවන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

 



අදහස් (2)

මැයි රැළියට බස් 5,532 ක්

ගුණරත්න Thursday, 01 May 2025 08:38 AM

බස් රථ 5500ක ඩීසල් වියදම, කුලී ගාස්තුව කියන්න කෙනෙක් නැහැ නේ දැන්?

:       0       0

Kamal Koyrala Thursday, 01 May 2025 12:48 PM

මෙයට පෙරත් බස් රථ මේ වගේ ආවා, CTB එකට තවම බිල් ගෙවලා නෑ. මේවා ගැන සැලකිල්ලෙන්ම වෙන්ඩ ඕනෙ — බස් ගෙනාවා වගේම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site