කිරුළපන මැයි දින රැලියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ගැන මේ මාසයේ රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නාහිමියන් බැහැදැකීමට ඇමැතිවරයා ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්වලට පිළිතුරු දෙමින් ඔහු එලෙස කීවේය.
එම මධ්‍යම කාරක සභාවේදී පක්ෂය නොබෙදී තිබීමට අවශ්‍ය වැදගත් තීන්දු තීරණ රැසක් ගන්නා බව ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට තව තවත් පක්ෂ එක්කාසු කරගෙන ශක්තිමත්ව ඉදිරියට යන බවත් ඇමැතිවරයා පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මැයි රැලියට ගිය පිරිස ගැන තීන්දුව මධ්‍යම කාරක සභාවේදී
ඉසුරු Friday, 13 May 2016 06:47 AM
මැයි දිනයට කලින් ගොරවපු ගෙරවිලි වැස්සත් එක්ක කොහොද ගියේ .ඡන්ද දායකයෝ පවු ..(හේ)
රන්දික Friday, 13 May 2016 06:56 AM
මොන දේ සිදු වූවත් ඒ අයට වාසි වෙන දෙයක් තමයි.(හේ)
ඔගස්ටින් Friday, 13 May 2016 06:59 AM
බය වෙන්න එපා. කාටත් මුකුත් වෙන්නේ නෑ.(හේ)
ඉන්දික Friday, 13 May 2016 07:01 AM
නෙරපනවා , පොදු සමාව ..යන වචන වලින් මහජනයා නොරවටනු .!! (හේ)
දිනේස් Friday, 13 May 2016 07:03 AM
අපේ රටේ දේශපාලුවෝ කට ඇරියොත් එළියට එන්නේ මුසා බස්මයි (නි)
අල්විස් Thursday, 12 May 2016 08:57 AM
තීන්දුවට බාලගිරි දෝෂය. කෝ දැඩි තීන්දු? ඔක්කොම රඟපානවා. මහජනයා රැවැටුණා දැන් ඇති (නි)
දිනේෂ් Thursday, 12 May 2016 09:00 AM
තීන්දුව අද නොව හෙට. බාලගිරි දෝෂය. ඡන්දදායකයා අවදියෙන් (නි)
විකුම් Thursday, 12 May 2016 09:03 AM
මොනවගේ තීරණයක් ගනීද දන්නෙ නැහැ (නි)
ඔගස්ටින් Thursday, 12 May 2016 09:08 AM
හිටපු ලොක්කට බයේ සමහර කට්ටිය වෙවුලනවා. (නි)
රන්ජිත් Thursday, 12 May 2016 09:11 AM
කිරුළපනයි, ගාල්ලයි පුලුවන් නම් ඡන්දෙකට ගිහින් බලමු. මේ අභියෝගයක් (නි)
ජානක Thursday, 12 May 2016 09:15 AM
කෝ අර මරහඩ දී දී රගපෑ ලොක්කෝ ..(බ)
ප්‍රියා Thursday, 12 May 2016 02:59 AM
පක්ෂ බේදයක් නැතුව ඡන්දෙ අරගෙන කට්ටිය දැන් වෙනක් පක්ෂයක් රකින්න ඡන්දෙ දුන්න ජනතාවගේ මතයට පයින් ගහනවා. හොරු රකිනවා. අනේ අපි නොදන්නා විනය ක්‍රියාමාර්ග. (නි)
චන්දි Thursday, 12 May 2016 03:03 AM
මේ අයගේ විනය ක්‍රියාමාර්ග කඹය දිග තිබෙනතුරු විතරයි. තමාගේ දේශපාලන පැවැත්මට හානි නොවෙන දිගට පමණයි. සැබෑ අවංක මිනිස්සු නැවත වතාවක් මේ නායකයන් ගැන විශ්වාසය තියයිද? (නි)
පිටිගල Thursday, 12 May 2016 03:12 AM
බොරු කීමෙන් වන්නේ තමන්ම තවත් පිරිහීම බව සියළුදෙනාම මතක තබාගත්තොත් හොඳයි (නි)
අමරේ Thursday, 12 May 2016 10:33 AM
මහජනයා රවටන අලුත්ම ගුලිය .. කිරුලපන ගිය අයට පොදු සමාව... .සමාව කියන වචනයට ලැජ්ජයි.(හේ)
රොහාන් Thursday, 12 May 2016 10:35 AM
කිරුලපනත් එකයි ගාල්ලත් එකයි ...කියන කොට එහෙමයි කොරනකොට මෙහෙමයි ....(හේ)
විජය Thursday, 12 May 2016 06:31 AM
ඔබ ගියත් ඔච්චර තමා, එළියේ ඉන්නකම් වීරයෝ වෙනවා (බ)
සිරි Wednesday, 11 May 2016 08:24 PM
සමහරු හොඳට ප්‍රශ්නයෙන් මඟහරින්න දන්නවා (නි)
එන්සිනා Wednesday, 11 May 2016 08:42 PM
අනේ අපි නොදන්නා දැඩි පියවර? මේ හැමෝම බලයට විත් තමන් හැදෙනවා මිස රටට ජාතියට ජනතාවට මොනවද මෙතරම් කල් කළේ? පොදු දේපල ගසා කා ජනතාවට කටු විසිකරන කිසිකෙනෙක් රටට සේවය කරනවද ? (නි)
අමිරා Wednesday, 11 May 2016 08:50 PM
අපේ දේශපාලඥයෝ පන්සල් ගියාම හොදට පුටුවල වාඩිවෙලා එහෙම එනවා. සාමාන්‍ය ජනයා වන අපි හැමදාම පැදුරේ තමයි. බුද්ධාගමත් දේශපාලනීයකරණය වෙලා කියා සිතෙනවා. අනේ සාධු සාධු!! (නි)
අංගොඩ ලාල් Thursday, 12 May 2016 07:18 AM
කිසිම පියවරක් ගැනෙන්නේ නැති බව නම් සිකුරුයි . එක හොරු කණ්ඩායමක් අනිත් හොරු කණ්ඩායමට විරුද්ධව පියවර ගන්නේ කොහොමද ? (ම)
ප්‍රවීන් Wednesday, 11 May 2016 11:14 PM
වැඳලා සමව ගැනීම තමයි කරන්න තියෙන හොඳම දේ. (නි)