කිරුළපන මැයි දින රැලියට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ගැන මේ මාසයේ රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
දවුල්දෙන ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නාහිමියන් බැහැදැකීමට ඇමැතිවරයා ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්වලට පිළිතුරු දෙමින් ඔහු එලෙස කීවේය.
එම මධ්‍යම කාරක සභාවේදී පක්ෂය නොබෙදී තිබීමට අවශ්‍ය වැදගත් තීන්දු තීරණ රැසක් ගන්නා බව ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට තව තවත් පක්ෂ එක්කාසු කරගෙන ශක්තිමත්ව ඉදිරියට යන බවත් ඇමැතිවරයා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැයි දිනයට කලින් ගොරවපු ගෙරවිලි වැස්සත් එක්ක කොහොද ගියේ .ඡන්ද දායකයෝ පවු ..(හේ)
මොන දේ සිදු වූවත් ඒ අයට වාසි වෙන දෙයක් තමයි.(හේ)
බය වෙන්න එපා. කාටත් මුකුත් වෙන්නේ නෑ.(හේ)
නෙරපනවා , පොදු සමාව ..යන වචන වලින් මහජනයා නොරවටනු .!! (හේ)
අපේ රටේ දේශපාලුවෝ කට ඇරියොත් එළියට එන්නේ මුසා බස්මයි (නි)
තීන්දුවට බාලගිරි දෝෂය. කෝ දැඩි තීන්දු? ඔක්කොම රඟපානවා. මහජනයා රැවැටුණා දැන් ඇති (නි)
තීන්දුව අද නොව හෙට. බාලගිරි දෝෂය. ඡන්දදායකයා අවදියෙන් (නි)
මොනවගේ තීරණයක් ගනීද දන්නෙ නැහැ (නි)
හිටපු ලොක්කට බයේ සමහර කට්ටිය වෙවුලනවා. (නි)
කිරුළපනයි, ගාල්ලයි පුලුවන් නම් ඡන්දෙකට ගිහින් බලමු. මේ අභියෝගයක් (නි)
කෝ අර මරහඩ දී දී රගපෑ ලොක්කෝ ..(බ)
පක්ෂ බේදයක් නැතුව ඡන්දෙ අරගෙන කට්ටිය දැන් වෙනක් පක්ෂයක් රකින්න ඡන්දෙ දුන්න ජනතාවගේ මතයට පයින් ගහනවා. හොරු රකිනවා. අනේ අපි නොදන්නා විනය ක්‍රියාමාර්ග. (නි)
මේ අයගේ විනය ක්‍රියාමාර්ග කඹය දිග තිබෙනතුරු විතරයි. තමාගේ දේශපාලන පැවැත්මට හානි නොවෙන දිගට පමණයි. සැබෑ අවංක මිනිස්සු නැවත වතාවක් මේ නායකයන් ගැන විශ්වාසය තියයිද? (නි)
බොරු කීමෙන් වන්නේ තමන්ම තවත් පිරිහීම බව සියළුදෙනාම මතක තබාගත්තොත් හොඳයි (නි)
මහජනයා රවටන අලුත්ම ගුලිය .. කිරුලපන ගිය අයට පොදු සමාව... .සමාව කියන වචනයට ලැජ්ජයි.(හේ)
කිරුලපනත් එකයි ගාල්ලත් එකයි ...කියන කොට එහෙමයි කොරනකොට මෙහෙමයි ....(හේ)
ඔබ ගියත් ඔච්චර තමා, එළියේ ඉන්නකම් වීරයෝ වෙනවා (බ)
සමහරු හොඳට ප්‍රශ්නයෙන් මඟහරින්න දන්නවා (නි)
අනේ අපි නොදන්නා දැඩි පියවර? මේ හැමෝම බලයට විත් තමන් හැදෙනවා මිස රටට ජාතියට ජනතාවට මොනවද මෙතරම් කල් කළේ? පොදු දේපල ගසා කා ජනතාවට කටු විසිකරන කිසිකෙනෙක් රටට සේවය කරනවද ? (නි)
අපේ දේශපාලඥයෝ පන්සල් ගියාම හොදට පුටුවල වාඩිවෙලා එහෙම එනවා. සාමාන්‍ය ජනයා වන අපි හැමදාම පැදුරේ තමයි. බුද්ධාගමත් දේශපාලනීයකරණය වෙලා කියා සිතෙනවා. අනේ සාධු සාධු!! (නි)
කිසිම පියවරක් ගැනෙන්නේ නැති බව නම් සිකුරුයි . එක හොරු කණ්ඩායමක් අනිත් හොරු කණ්ඩායමට විරුද්ධව පියවර ගන්නේ කොහොමද ? (ම)
වැඳලා සමව ගැනීම තමයි කරන්න තියෙන හොඳම දේ. (නි)