සන්ධාන මැයි රැලියට සහභාගී වීමට දඹුල්ලේ සිට කැම්බල්පිටියට එමින් සිටි දෙපිරිසක් අතර අත්තනගල්ලේ හොරගොල්ලේ දී අද පස්වරුවේ ඇති වු ගැටුමකින් තුවාල වු පස් දෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
ඔවුන් පැමිණි බස් දිවා ආහාරයට නතර කළ අවස්ථාවේ මේ ගැටුම හටගෙන ඇත.
දඹුල්ල නගරයේ කණ්ඩායමක් හා දඹුල්ල වෑවල කණ්ඩායමක් අතර මේ ගැටුම හටගන්නට ඇත්තේ කෑම බීම පිළිබඳව ප්‍රශ්නයක් බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම කෙසේ වෙතත් බිම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න ඇති. (ස)
සුවර් එකට බීල ගහ ගත්ත නම් ජේ.වී.පී වෙන්න බැහැ.(නදී)
තියන දෙයක් කාලා ගෙදරට වෙලා ඉන්න් බැරිව මෙි මිනිස්සුන්ට වෙලා තියෙන දෙයක් (දිල්)
බන්දුල පෙරේරාත් මේ බස් එකේද දන්නේ නැ. (අ)
ඇත්ත මෙච්චරම තිත්තද (දිල්)
කෑමට දබර වෙන්නේ සත්තුනේ. (ස)
තමන්ගේ වර්ගයා මුණ ගැසුණාම එකිනෙකා කා ගන්නේ නැතුව සුහදව ඉන්න මේ අයට උගන්නන්න බැරිද හැබැටම ? (ස) .
අනේ හොඳයි. තව ගහගන්න (නි)
සංවිධානය සහ යථාර්තය තමයි පෙන්නුම් කරන්නේ. තවම හරියට තේරුම් ගන්න බැරිකම කොච්චර කල් තියෙයිද? (නි)
ධම්ම, ඔයාට වැරදිලා (නි)
ආපෝ! මෙහෙමත් මිනිස්සු! (නි)