IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මැයි මාසයේදී පෙට්‍රල් මිල ස්ථාවරයි ඩීසල් මිල සියයට 10 කින් පහළට

Fuel

 

පෙට්‍රල් මිල ගණන් ගෝලීය වෙළෙඳපොලේ පෙට්‍රෝලියම් මිල ගණන්වලට සම්බන්ධ කළද, කටාර් හි පෙට්‍රල් මිල ගණන් මැයි මාසයේදීත් නොවෙනස්ව පවතිනු ඇත. කෙසේ වුවත් මැයි මාසයේදී ඩීසල් මිල ඩිරාම් 10 කින් පහළ බසිනු ඇත.


2016 වසරේ මැයි මාසයේදී ඉන්ධන මිල ගණන් සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරමින් බලශක්ති සහ කර්මාන්ත අමාත්‍යාංශය ඉහත තොරතුරු අනාවරණය කර තිබේ.


අමාත්‍යාංශයට අනුව මැයි මාසයේදී ඔක්ටේන් 90 පෙට්‍රල් (ප්‍රිමියම්) ලීටරයක මිල කටාර් රියාල් 1.15 ක් වන අතර ඔක්ටේන් 97 (සුපිරි) පෙට්‍රල් ලීටරයක මිල කටාර් රියාල් 1.30 ක් වනු ඇත.


මැයි මාසයේදී ඩීසල් ලීටරයක මිල කටාර් රියාල් 1.40 ක් වන අතර එය දැනට පවතින මිල වන කටාර් රියාල් 1.50 ට වඩා ඩිරාම් 10 ක මිල අඩුවීමකි.
අමාත්‍යාංශය මීට පෙර දේශීය වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් ප්‍රතිව්‍යුහගත කොට එය ගෝලීය වෙළෙඳපොලේ පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා වන මිල ගණන් හා සම්බන්ධ කරන බවට නිවේදනය කළේය.


එක් එක් දින දර්ශන මාසයක් අවසානයට පෙර අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සහ දේශීය පුවත්පත්වල ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත්කරනු ඇති අතර එම මිල ගණන් ඊළඟ මාසයේ පළමු දිනයේ මධ්‍යම රාත්‍රි 12.01 න් පසුව බලාත්මක වෙයි.



අදහස් (0)

මැයි මාසයේදී පෙට්‍රල් මිල ස්ථාවරයි ඩීසල් මිල සියයට 10 කින් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site