IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මායි පුබුදුයි හොඳ යාලූවෝ

2016-10-08-ent-05

‘‘පොඩි කට්ට මම

ලොකු කට්ට ඔයා

ඔයා ඉතින් හැමදාම

මගේ පස්සෙ කැරකි කැරකී

තමයි ඉන්නෙ’’

 

මේ විදියට කියන ශයිනි අපට හමුවන්නේ මේ දිනවල තිරගත කෙරෙන ඩොනල්ඞ් ජයන්තගෙ අධ්‍යක්ෂණයෙන්, සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ‘‘මායා’’ චිත‍්‍රපටයෙනි. එහි ප‍්‍රධාන නිළි චරිතය රඟපාන ඇය කවුද?

 

ඔබගෙ සම්පූර්ණ නම,

2016-10-08-ent-04ෂෙහාරා ෆ‍්‍රැන්සිස්කස්

 

ඔබ පෘතුගීසි ද? ඉංග‍්‍රීසි ද?

තාත්ති ශ්‍රී ලංකා - බි‍්‍රටිස් පෘතුගීසි සම්භවයක් තියෙනවා.

 

පවුලේ විස්තර

මමයි, අම්මා - තාත්තා අයියා අපි ඔක්කෝම ඕස්ටේ‍්‍රලියාවේ හිටියේ. දැන් ලංකාවට ආවා. අයියා තාම එහේ.

 

ඒ කියන්නේ පුරවැසිභාවය තියෙනවද?

අපෝ ඔව්. රටවල් ද්විත්වයේම.

 

ෂෙහාරාගෙ නමේ තේරුම?

දන්නෙ නෑ

 

අම්මා කියලත් නැද්ද?

මලක් කියලා එක්කෙනෙක් කිව්වා

 

ඔයා ඒ වගේ ද? මලක් වගේ ද?

හිටපු ගමන්

 

අනෙක් වෙලාවට?

එක එක මුඞ්ස් අනුව

 

මොන විදියට හරි ඔබ කොහොම කෙනෙක්ද?

උත්තරයක් දෙන්න අමාරුයි. මම කවුද කියලා මමත් තවම හොයනවා. අපි හැමදාම එක එක ප‍්‍රශ්න සහ විවිධ දේවලට මුහුණ දෙන මිනිස්සු. ඒ සියල්ල හමුවේ අපිත් වෙනස් වෙනවනෙ.

 

ෂෙහාරා ඉගෙන ගත්තෙ?

ඕස්ටේ‍්‍රලියාවෙ. හැබැයි මම උපන්නෙ ලංකාවෙදියි. කෙටි කාලයකට විතරක් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ගියා. ඉන්පසුව ප‍්‍රාථමික සහ උසස් අධ්‍යාපනයත් සරසවි අධ්‍යාපනයත් ලැබුවේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර සිටයි.

 

මොන අංශයේ උපාධියක් ද ලබා ගත්තෙ?

අන්තර් ජාතික වාණිජ අංශය සම්බන්ධයෙන් වූ අලෙවිකරණය පිළිබඳව උපාධිය ලබා ගත්තා.

 

දැන් මොනවද කරන්නෙ?

ෂිපිං අංශයේ සේවය කරනවා.

 

ෂෙහාරගෙ අරමුණ?

මගේ අරමුණ වෘත්තීය අංශයේ ඉහළටම යන්න. ඒත් එක්කම සිනමාවට සම්බන්ධ වෙලා. මගේ පුද්ගලික ජීවිතයයි, වෘත්තීය ජීවිතයයි යන අංශ තුනම හොඳින් කරගෙන යන්න.

 

ෂෙහාරාට ආදරයට කියන්නේ?

‘‘ෂීරා’’ සහ ෂේ (Shey)

 

අපිත් එහෙම කියන්නද?

කැමැත්තක්

 

දැන් ෂේ ආදරවන්තියක්ද?

තවම නැහැ.

 

වයස කියන්න කැමතිද?

ඕනෑ නෑ නේ

 

ඇයි රඟපාන්න ආවේ?

රඟපාන්නෙ නෙවෙයි ලංකාවට ආවේ. සෑම වසරකම නිවාඩුවකට ලංකාවට එනවා. ඒ ආ වෙලාවක සමාජ සත්කාරක සේවයකට ගියා. හෘද රෝගී උපස්ථාන වැඩසටහනකට දායක වෙන්න. ඔන්න එතැන දී පුබුදු චතුරංග හමුවුණා. පිටපත ඒ වන විටත් ලියලා තිබුණෙ. ශයිනි චරිතයට කෙනෙක් සොයමින් ඉඳලා තියෙන්නෙ. පුබුදු මගෙන් ඇහුවා. මේ චරිතයට කෙනෙක් හොය හොය ඉන්නවා කියලා. නිවාඩුව නිරපරාදෙ ගෙවන්නෙ මොකටද? මේකට සම්බන්ද වෙනවා කියලා හිතුවා. පුබුදු තමයි ඒ අවස්ථාව ලබා දුන්නෙ.

 

ඊට පසුව මේ චිත‍්‍රපටයේ පුබුදුගෙ පෙම්වතිය ඔබ වුණා?

ඔව්

 

ඒක සැබෑවට වෙන්න විදියක් නැති ද?

අපි දෙන්නා හොඳම යාළුවෝ. හැමදාටම එහෙම වේවි

 

ඔබට මේ චිත‍්‍රපටයේ රඟපෑම අපහසු වුණේ නැද්ද?

මුලදී මම හිතුවෙ ගොඩාක් අමාරු වේවි කියලා. නමුත් මට කණ්ඩායම ලබා දුන්න සහයෝගය අති විශිෂ්ටයි. ශයිනි සහ මම පුද්ගලික ජීවිතයේදීත් එක සමාන වුණා.

 

තවත් හැකියාවන් මොනවාද?

නර්තනයට කැමතියි. ඕස්ටේ‍්‍රලියාවේදී ලතින් ඇමරිකානු නැටුම්. බෙලි ඩාන්ස් එහෙම පුහුණු කළා. චිත‍්‍ර අදින්න පුළුවනි. පියානෝව වයන්න පුළුවනි. භාෂා ඉගෙන ගන්න ආසයි. ස්පාක්‍ඳ්ක්‍ඳ - ජපන් භාෂා යම්තාක් දුරකට හැදෑරුවා. උයන්නත් පුළුවනි.

 

නැවත ඕස්ටේ‍්‍රලියා යන්න හිතක් නැද්ද?

දැන් එහෙම යන්නෙ ඇත්තටම නිවාඩුවට. ඉස්සර ලංකාවට නිවාඩුවට ආපු මම දැන් එහෙට යන්නෙ නිවාඩුවට.

 

මේ සමගම තවත් චිත‍්‍රපටවලට ආරාධනා ලැබිල ද තියෙන්නෙ?

සුමිත‍්‍රා පීරිස් මහත්මියගෙ වෛෂ්ණාවී සහ මොහාන් නියාස් මහතාගේ මායාවී චිත‍්‍රපටවල රඟපෑවා.

 

මේ හැර ඔබ ජීවිතයේ වෙන මොනවට ද වඩා ආසා කරන්නෙ?

සමාජ සත්කාරක සහ ළමා සුබ සාධනයට මෙන්ම කුමන හෝ විදියකින් අසරණ වෙච්ච ළමුන්ට, සතුනට, ඒත් නැත්නම් වැඩි හිටියන් වෙනුවෙන් කැප වී සත්කාරයේ යෙදෙන්න කැමතියි.

 

සටහන/ඡායාරූප සඳුන් ගමගේ

 

2016-10-08-ent-01
2016-10-08-ent-03
2016-10-08-ent-02



අදහස් (0)

මායි පුබුදුයි හොඳ යාලූවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 217 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site