IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මැයි දින නින්ද

2016-05-10-ent-56තමන් නියෝජනය කරන පක්ෂයෙ ඉහළම පට්ටමක් දරන මහත දෙහෙත ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව..... උන්නැහෙත් තමන්ගෙ පක්ෂයෙ මැයි දින වේදිකාවෙ පක්ෂයෙ ලොකු මහත්තය ළඟමයි වාඩිවෙලා හිටියෙත්. ඉතින් පක්ෂය වෙනුවෙන් මැයි දිනේදි සම්මත කරන යෝජනා මාලාව විවිධ මැති ඇමැතිවරැන් විසින් ඉදිරිපත් කළා කියමුකො.

ඊළඟට මුලසුනෙන් කිව්ව දැන් යෝජනා ඉදිරිපත් වෙලා තියනව හැමෝම අත උස්සල ඒක අනුමත කරන්න කියල. ඒ ගමන වේදිකාව අසල හිටපු උද්‍යෝගිමත් පාක්ෂිකයොත් වේදිකාවෙ හිටපු පක්ෂ ලොකු මහත්තය ඇතුළු හැමෝමත් අත් ඉස්සුව....

හැබැයි අපි කියපු ජ්‍යෙෂ්ඨය නම් අත ඉස්සුවෙ නැහැ. අනිත් හැමෝම අත් උස්සල යෝජනාව අනුමත කළත් උන්නැහේ අත උස්සන්නෙ නැති නිසා මොකද්ද මුන්නැහේට වෙලා තියෙන්නෙ කියල ළඟ හිටපු කෙනෙක් එබිල බැලුව... එතකොටයි දැක්කෙ මේ ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා සුව නින්දේ සිහින බලනව කියල. කොහොම වුණත් උන්නැහේගෙ ඡන්දෙ නැතුවම යෝජනා සම්මත වුණා.... ඒ සතුටට රුස්ව සිටි ජනතාව ජයවේවා කියල කෑගහන්න පටන් ගත්ත. ඔන්න මෙතෙක් වෙලා නිදාගෙන හිටපු ඇමැතිතුමාගෙ නින්ද කැඩුන.... උන්නැහේ එකපාරටම ජයවේවා කියාගෙන නැගිට්ට.... හැබැයි ජයවේවා කිව්වෙ මොකටද කියල උන්නැහේවත් දන්නෙ නැහැ.

 

DESHAYA



අදහස් (0)

මැයි දින නින්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site