
(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ නෝට්ටු ජාවාරම සම්බන්ධයෙන් මහධිකරණය මගහරිමින් සැඟව සිටින වරෙන්තු කාරියක අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.
මෙම සැකකාරිය ඇය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබා දෙමින් මෙලෙස සැඟව සිටින බවද පොලිසිය පවසයි.
දම්පේ සිමිගොඩ පදිංචි ජාතික හැදුනුම්පත් අංක (696641439 ඩ) දරණ කුඹලාතර ආරච්චිගේ ගීතානි ධම්මිකා (54) නමැති මෙම සැකකාරි හදුන් ශ්‍රියාලතා සිල්වා නමැති ව්‍යාජ නමකින් ජාතික හැදුනම්පත් අංක (718262925 ඩ) දරණ අංක 211 ක`ථතර නාගොඩ පාරේ ලිපියක පදිංචි බවට ව්‍යාජ තොරතුරු පොලිසියට ලබා දී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
ඉහත ඡායාරූපයේ සිටින සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් (0112- 326670) ව්‍යාජ මුදල් කාර්යාංශයේ පොදු දුරකතනය, ස්ථානාධිපති ව්‍යාජ මුදල් කාර්යාංශය (0718-594901) දරණ අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාජ නෝට්ටුවලට කතාවුණු දුලංජලීගේ පින්තූරයක් දාන්න...
දැන්.. මෙච්චර කල් ව්‍යාජ නෝට්ටු ගහලා අත්අඩංගුවට ගත්තු අයට මොකද කලේ? පොඩි දවසක් තියන් ඉන්නවා ඇප දීලා එළියට යනවා. එක පුවතක් මම දැක්කා එහෙම අත්අඩංගුවට ගත්තු කොල්ලෙක් ඊට කලින් දෙවතාවක්ම හොර සල්ලි ගහලා අහුවෙලා ඇපපිට හිටපු කෙනෙක් කියලා.. ආණ්ඩුවට බොරු සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා මිනිස්සුත් ආණ්ඩුව එක්ක හවුලේ බිස්නස් එක කරන්න හිතනවා ඇති.. මුලින්ම බලවත් හොරු අල්ලන්න CID..