උඩවලව පනහඩුවේ ධනවත් බස් හිමියා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා මරා දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනකු නොවැම්බර් නව වැනි දා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රසාංග සංජිව ජිනදාස මහතා අද (24) සවස නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කැරුණේ හමුදාවෙන් පැන ගිය සෙබළකු වන, ඇඹිලිපිටිය, ගල්වංගුව, ගුරුආර, දෙවැනි පටු මගේ පදිංචි ලියූප බණ්ඩාරලාගේ අජිත් බණ්ඩාර නොහොත් ගල්වංගුවේ අජිත්, උඩවලව කොළඹගෙ ආරේ පදිංචි අගලවත්තගේ ජගත් ඉන්දික කුමාර නොහොත් පොඩි පුතා, මුල්ඇඩියාවල, රිකිල්ල පාරේ පදිංචි කෝරලේ වාඩියගේ සමන්ත ජයසිංහ නොහොත් කණ්ඩු, සහ මිද්දෙනිය අඹගස් ආරේ, රුක්මල්ගහ පදිංචි වික‍්‍රමගේ රෝහණ වූහ.
පසුගිය 13 වැනි දා දින රාත‍්‍රීයේ උඩවලව පනහඩුවේ මද්දුම කංකානමලාගේ ලලිත්කුමාර (38) හෙවත් පුහුල්යායේ ගාමිණී, ඔහුගේ බිරිය රේන්දගේ ඉන්‍ද්‍රානි ඥානලතා (32), දරුවන් වන දිලාන් චතුරංග (14) සහ නදීකා සෙව්වන්දි (08) වෙඩිතබා ඝාතනය කිරිම සහ දේපොළ කොල්ලකෑම සම්බන්‍ධයෙන් මෙම සිවුදෙනා අත්අඩංගුවට ගත හැකිවූයේ පාරේ වැටී තුබූ ජංගම දුරකථනයක ‘මෙමරි චිප්' පතක් නිසාය. සැකකරුවන් සන්තකයේ තිබී මෙම අපරාධයට යොදාගත් බව කියන ටී 56 ගිනි අවියක්, උණ්ඩ 15ක් , පතුරොම් කොපුවක් මියගිය ලලිත්කුමාර පැළද සිටි බව කියන පවුම් පහළොව හමාරක රන් මාලයක් සහ මියගිය නදීකාගේ රන් මාලයක් ද සොයාගෙන ඇත.
තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරිමට පෙර උඩවලව ග‍්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය වසන්ත කුමාරසිරි මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
උඩවලව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කරුණාසේන පී ගමගේ මහතා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධරයෝ සැකකරුවන් ඇඹිලිපිටිය අධිකරණය වෙත ගෙන එනු ලැබූහ. ඔවුනට නීතීඥ සහායක් නොතිබිණි.

1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හොද නැද්ද
අපගේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලදරුවන්ට විශේෂයෙන් පුජිත සුන්දර මැතිතුමා සහ ඇහැලියගොඩ ස්ථානිධිපතිතුමාට අපි ආචාර කළ යුතුයි මෙවැනි අපරාධකාරයින් කොටු කළ පිනට
මුන්ට මිනිස් ජවිත ගැන වටිනාකමක් නැහැ තිරිසන්නු
ආයුධ පෙන්නුවන්න අරන් යන්න අපරාදේ හිරේ දාලා කන්න දෙන එක