තරුවක් මෙන් සොඳුරු හැඩකාර වූ ශලනි තාරකා යොවුන් රංගන තාරකාවිය මේ දිනවල හමුවන්නේ දියමත ලියමි. (අයිටිඑන්) ආදර සංධ්වනිය (සිරස) සහ සඳ පිනි බිඳක (හිරු) ටෙලි නාට්‍යවලිනි. ඊට අමතරව හිරු ටොප් ටුවෙන්ටි වැඩ සටහන ඉදිරිපත් කරන්නේ ද ඇයයි. මේ විදියට ශලනි හෙවත් ආදරණිය ”ශලා” ආලින්දයට ආවත්, දුරකථනයෙන් ඇයව අල්ලා ගන්න නම් බැරිලූ. ”ශලා” මොකද නිශ්ශබ්ද? මේ කතා යෙදී ඇය ඒ ගැන කියාවි.
”ශලා” මොකද නිශ්ශබ්ද?
සද්ද නැතුව ඉන්න කොට හොඳයි.
පසුගිය දිනවල ඔබව කාටත් අල්ලගන්න බැරි වුණේ ඒකද?
ඒකට නම් හේතුව දුරකතනයේ ප‍්‍රශ්නයක් නිසයි. එය තාක්‍ෂණික ප‍්‍රශ්නයක් ”තාක්‍ෂණික දෝෂයක් සිදුවූ අපහසුතාවයට සමාවන්න”.
|
|
මේ අවුරුද්දෙ විශේෂිත වැඩකට සුදානම් වෙනවා කියලයි ආරංචි?
විශේෂිතව සිද්ධ වන කිසිම දෙයක් නැහැ. විවාහය හෝ වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි වෙන විශේෂත්වයක් නම් තියෙනවා.
මොකක්ද ඒ ?
මම රඟපාපු චිත‍්‍රපට දෙකක් වන මායාවි සහ ස්පන්දන මේ වසරේ තිරගත වීමට නියමිතයි.
අද ජීවිතය ගෙවෙන්නෙ මොන විදියට ද ශලා?
එදා වගෙම්, සැහැල්ලූවෙන් ගෙවන්නෙ. විවේකයක් නිතරම හදා ගත්තා. රියැටිලි වැඩ සටහන්වලට පසුගිය කාලයේ ගියේ නැහැ.
ඇයි රියැලිටිවලට අකමැතිද?
අවංකවම රියැලිටිවලට කැමති නැහැ. ටෙලි සහ චිත‍්‍රපට චරිත වුණත් කරන්නේ තෝරා බේරාගෙන. ජීවිතය තදබදයක් කර ගන්න කැමති නැහැ.
කොහොම වුණත් ඔබ කරන දේවල්වලින් සාර්ථක මොන අංශය කියලද හිතන්නේ.
මට හිතෙන විදියට රංගනය තමයි. ඒකට දක්‍ෂ නැත්නම් චරිත ලැබෙන්නෙත් නැහැනෙ.
සඳ පිණි බිඳක, දියමත ලියමි, ආදර සංධ්වනිය, මේ චරිත අතරින් වඩා කැමති චරිතය මොකක්ද?
විවිධ රසඥතාවය අනුව විවිධාකාර ප‍්‍රතිචාර ලැබෙන්නෙ. නමුත් දියමත ලියමි චරිතයට පුද්ගලිකව මගේ කැමැත්තක් තියෙන්නෙ. මොකද එය නිළියක වටා ගෙතුණ කතාවක්. ගමින් නගරයට ආ ගැහැණු ළමයකු ලෙස ජනපි‍්‍රයත්වය ලබනවා. ඇය කොච්චර හොඳට හිටියත් සමහර විට මඩවලට මුහුණ දෙන්න වෙනවා. ඒක යථාර්ථවාදී චරිතයක්. ඒ නිසා කැමතියි.
පසුගිය වසර තරු මංගල්‍ය වසරක් වුණා. ඔබගේ සමකාලීන ටෙලි චරිත බොහොමයක් විවාහ වුණා. ඔවුන් එලෙස විවාහ වෙද්දී ”විවාහය” ගැන ඔබට මොනවද හිතුණේ?
ඔවුන් විවාහවීම මට සතුටටම දෙයක් වුණා. මොකද එයාලා මගේ යෙහෙළියො නෙ. ශේෂාද්‍රි මගේ හොඳම යෙහෙළියක්. එයාගේ විවාහයත් සිදුවුණා. ඉතින් ඒ පිළිවෙල වීම ගැන මම සතුටුයි.
ඇයි? ඔබ විවාහයට අකමැති?
සමහරවිට මම ජීවිත කාලය පුරාම නොබැඳ ඉන්නත් පුළුවනි. ඒත් නැතිනම් හිතේ ඉන්න කෙනා හමුවුණොත් විවාහ වෙන්නත් පුළුවනි. ඉරණමේ ලියැවිලා තියෙන විදියට වේවි.
හිතේ ඉන්නෙ කොහොම කෙනෙක්ද?
ඒක විග‍්‍රහ කරන්න අමාරුයි. මම හිතාගෙන ඉන්න විදිය. එකපාරටම කෙනෙක් ඇවිත් වෙනස් කරන්නත් බැරි නැහැ.
ඔබ ජීවිතයේ කිසිම දෙයක් පස්සෙ පන්නාගෙන යන්නේ නැහැලූ. නේද?
ඔව් තේරුමක් නැහැනේ. ජීවිතය හොඳින් ගත කිරීම විතරයි අරමුණ.
විලාසිතා පස්සේ යන්නෙත් නැද්ද?
තාරුණ්‍යයට විලාසිතා අත්‍යවශ්‍යයි. ඒ නිසානෙ තාරුණ්‍ය හැඩ වෙනවා වගේම ප‍්‍රබෝධයක් ලබන්නෙ. කොහොම වුනත් තැණට සුදුසු විදියට ගලපා ගැනීම වැදගත්.
මේ පිහාටු විලාසිතාව කොහොමද හදාගත්තෙ?
ඒක ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී රමණී අර්සකුලරත්න මහත්මිය නිර්මාණය කළ එකක්. මේ වගේ විලාසිතා ඡායාරූප පෙළකට එය කදිමයි. හරි අපුරු නිර්මාණයක්. ඒ පාටට සහ සංකලනයට මම ආසයි.
අද වනවිට ඔබ, ඔබ ගැන සතුටු වනවා නම්, ආඩම්බර වනවා නම් ඒ මොන වගේ දේ නිසාද?
කවුරු කොහොම මොන විදියට හිතුවත් මම එදා ශලනිමයි. වෙනස් වෙලා නැහැ. වැරදි දේ කරලත් නැහැ. මගේ ආත්මය ආරක්‍ෂා කරගෙන හෘද සාක්‍ෂියට අනුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා හිතට සතුටුයි.
ගැඩගැන්වීම සහ විලාසිතා රමණී අර්සකුලරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳුම දැක්කම ගිරිපුර ඇත්තෝ කාටූනයේ “විමලා“ මතක් වෙනවා (දී)
මේ පින්තුර වල කිසිම හරයක් නැහැ. (දී)
ඔයා රියලිටි එකක හිටිය නෙද මට හෙම මතකයක තියෙනවා.
මාරම විහිළුවක් තමයි මෙයා කියන්නේ (දී)
මේ තත්වයට ආවේ කොහොමද (දී)
ඒ කතාව වැරදි (දී)
අලුත් වෙන්න අකමැති කට්ටිය බොරු සංස්කෘතිය ඉහ මුදුනට ගෙන අනුන්ට පිස්සු කියනවා. හැබැයි අනුන්ට පිස්සු කියන කට්ටිය තමුන්ට ඇඟිලි තුනක් දිග් වෙලා කියලා දන්නේ නැහැ.(නදී)
පිස්සු නැත්නම් හොඳයි.(නදී)
ලස්සන පින්තුර ටික , හැබැයි නංගි මුල අමතක කරන්න එපා (දී)
අනේ එහෙම කියන්න එපා. කොහොම හරි බදින්න. අපිත් ආසයි මගුල්ගේ බලන්න. (දී)
සද පිනි බිදක ..ලස්සනට රගපානවා...ඔයාට ලස්සන ගමනක් යන්න සුබ පෙතුම් (අ)
අනේ ශලිනි, ඔයා ඔතනට ආවේ රියැලිටි ෂෝ එකකින් බව අමතකද? ඔයා කලාවට කරන ලොකුම උපකාරය රඟපෑම නතර කරන එක තමයි ඉතින්. ඔයාට රගපාන්න බැරි බව දැන්වත් තේරුම් ගන්න.(දී)
මෙයාගේ තියෙන්නේ මහේෂි මදුශංකාගේ වගේ සුන්දර චාම් ලස්සනක් නොව නාගරික තාලයේ මොඩ් ලස්සනක්. (නදී)
අතාත්වික ටී වී කීව නම් හරි.බටහිරින් ආනයන කල ලන්නක් මේ තාත්වික ටී වී.ඕව ගිලින්න එපා.තාත්වික නම් මේකප් දාන්නෙ නැතුව ඉන්න එපැයි! (දී)
ඇඳගෙන ඉන්න ඇඳුමයි කොණ්ඩේ දැක්කම පේනවා මෙයා රියලිටි වලට කැමති නැති බව.(දිල්)
මට හිතා ගන්න බැහැ, මෙය ආවෙත් ඒ වගේ වැඩ සටහනකින්, දැන් කියනවා කැමති නැහැ කියල, (දී)
බලන්න මංජුලා කුමාරි වගේ නිලියන් කොච්චර ස්වභාවිකද? (නදී)
පනින්න තියෙන පිමි 60 ම පැනල දැන් උපාසක කතා කියනව.හිනා යනවා මේවාට.(අ)
ඔබ තුමිය ප්‍රසිද්ද වුනෙත් රියලිටි වැඩසටහනකින්නේ. ඇයි දැන් විරුද්ධ.(නදී)
ඔය ලස්සනට සද පිනි බිදක් රගපනවා....ඔය හරි දක්ෂ නිලියක්...සුබ පැතුම්!!!!!සුබ අනගතයක් (අ)
ඉක්මනට වෙන දෙයක් මේ පිටුවට දානවනම් (අ)
අපිත් ඔය එක එක රිටි වලට කැමති නැහැ. ඒත් උඩට නැග්ග ඉනිමඟට පයින් ගහන එක නරක පුරුද්දක් නේ නේද? (නදී)
ඔයා හරි ලස්සනයි , අපිට අපේ වැදි යුගය මතක් වෙනවා අනේ... (දී)
මාර ඇදුමක්නේ මොකකින්ද හදලා තියෙන්නේ (දී)
හනේ හනේ රියලිටි වලට පින් සිද්ධ වෙන්න තරුවක් වෙලා දැන් රියලිටි පට්ට ගහනවා කැමති නෑ කියලා. (නදී)
රියලිටි වලට කැමති නැත්නම් ඒක නොකිය ඉන්න ඕනේ. පින්තුර ටිකක් දාලා රියලිටි වලට කැමති නෑලු. ඒ මදිවට නොබැඳ ඉන්නත් ඉඩ තියෙනවලු.(නදී)
ඇත්තටම ඔයාගෙ ඔය ඇඳුම කිකිළියක් වගේ. (ස)
මෙයාට රියැලිටි එකේදී මොනවහරි අසාධාරණයක්වත් වෙන්න ඇති පව් අනේ (අ)
මේ ප්‍රතිචාර වල කිසිම හරයක් නැහැ .දුපත් මානසික රෝගීන් වගේ පෙන්නේ (දී)