තරුවක් මෙන් සොඳුරු හැඩකාර වූ ශලනි තාරකා යොවුන් රංගන තාරකාවිය මේ දිනවල හමුවන්නේ දියමත ලියමි. (අයිටිඑන්) ආදර සංධ්වනිය (සිරස) සහ සඳ පිනි බිඳක (හිරු) ටෙලි නාට්‍යවලිනි. ඊට අමතරව හිරු ටොප් ටුවෙන්ටි වැඩ සටහන ඉදිරිපත් කරන්නේ ද ඇයයි. මේ විදියට ශලනි හෙවත් ආදරණිය ”ශලා” ආලින්දයට ආවත්, දුරකථනයෙන් ඇයව අල්ලා ගන්න නම් බැරිලූ. ”ශලා” මොකද නිශ්ශබ්ද? මේ කතා යෙදී ඇය ඒ ගැන කියාවි.
”ශලා” මොකද නිශ්ශබ්ද?
සද්ද නැතුව ඉන්න කොට හොඳයි.
පසුගිය දිනවල ඔබව කාටත් අල්ලගන්න බැරි වුණේ ඒකද?
ඒකට නම් හේතුව දුරකතනයේ ප‍්‍රශ්නයක් නිසයි. එය තාක්‍ෂණික ප‍්‍රශ්නයක් ”තාක්‍ෂණික දෝෂයක් සිදුවූ අපහසුතාවයට සමාවන්න”.
![]() |
![]() |
මේ අවුරුද්දෙ විශේෂිත වැඩකට සුදානම් වෙනවා කියලයි ආරංචි?
විශේෂිතව සිද්ධ වන කිසිම දෙයක් නැහැ. විවාහය හෝ වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි වෙන විශේෂත්වයක් නම් තියෙනවා.
මොකක්ද ඒ ?
මම රඟපාපු චිත‍්‍රපට දෙකක් වන මායාවි සහ ස්පන්දන මේ වසරේ තිරගත වීමට නියමිතයි.
අද ජීවිතය ගෙවෙන්නෙ මොන විදියට ද ශලා?
එදා වගෙම්, සැහැල්ලූවෙන් ගෙවන්නෙ. විවේකයක් නිතරම හදා ගත්තා. රියැටිලි වැඩ සටහන්වලට පසුගිය කාලයේ ගියේ නැහැ.
ඇයි රියැලිටිවලට අකමැතිද?
අවංකවම රියැලිටිවලට කැමති නැහැ. ටෙලි සහ චිත‍්‍රපට චරිත වුණත් කරන්නේ තෝරා බේරාගෙන. ජීවිතය තදබදයක් කර ගන්න කැමති නැහැ.
කොහොම වුණත් ඔබ කරන දේවල්වලින් සාර්ථක මොන අංශය කියලද හිතන්නේ.
මට හිතෙන විදියට රංගනය තමයි. ඒකට දක්‍ෂ නැත්නම් චරිත ලැබෙන්නෙත් නැහැනෙ.
සඳ පිණි බිඳක, දියමත ලියමි, ආදර සංධ්වනිය, මේ චරිත අතරින් වඩා කැමති චරිතය මොකක්ද?
විවිධ රසඥතාවය අනුව විවිධාකාර ප‍්‍රතිචාර ලැබෙන්නෙ. නමුත් දියමත ලියමි චරිතයට පුද්ගලිකව මගේ කැමැත්තක් තියෙන්නෙ. මොකද එය නිළියක වටා ගෙතුණ කතාවක්. ගමින් නගරයට ආ ගැහැණු ළමයකු ලෙස ජනපි‍්‍රයත්වය ලබනවා. ඇය කොච්චර හොඳට හිටියත් සමහර විට මඩවලට මුහුණ දෙන්න වෙනවා. ඒක යථාර්ථවාදී චරිතයක්. ඒ නිසා කැමතියි.
පසුගිය වසර තරු මංගල්‍ය වසරක් වුණා. ඔබගේ සමකාලීන ටෙලි චරිත බොහොමයක් විවාහ වුණා. ඔවුන් එලෙස විවාහ වෙද්දී ”විවාහය” ගැන ඔබට මොනවද හිතුණේ?
ඔවුන් විවාහවීම මට සතුටටම දෙයක් වුණා. මොකද එයාලා මගේ යෙහෙළියො නෙ. ශේෂාද්‍රි මගේ හොඳම යෙහෙළියක්. එයාගේ විවාහයත් සිදුවුණා. ඉතින් ඒ පිළිවෙල වීම ගැන මම සතුටුයි.
ඇයි? ඔබ විවාහයට අකමැති?
සමහරවිට මම ජීවිත කාලය පුරාම නොබැඳ ඉන්නත් පුළුවනි. ඒත් නැතිනම් හිතේ ඉන්න කෙනා හමුවුණොත් විවාහ වෙන්නත් පුළුවනි. ඉරණමේ ලියැවිලා තියෙන විදියට වේවි.
හිතේ ඉන්නෙ කොහොම කෙනෙක්ද?
ඒක විග‍්‍රහ කරන්න අමාරුයි. මම හිතාගෙන ඉන්න විදිය. එකපාරටම කෙනෙක් ඇවිත් වෙනස් කරන්නත් බැරි නැහැ.
ඔබ ජීවිතයේ කිසිම දෙයක් පස්සෙ පන්නාගෙන යන්නේ නැහැලූ. නේද?
ඔව් තේරුමක් නැහැනේ. ජීවිතය හොඳින් ගත කිරීම විතරයි අරමුණ.
විලාසිතා පස්සේ යන්නෙත් නැද්ද?
තාරුණ්‍යයට විලාසිතා අත්‍යවශ්‍යයි. ඒ නිසානෙ තාරුණ්‍ය හැඩ වෙනවා වගේම ප‍්‍රබෝධයක් ලබන්නෙ. කොහොම වුනත් තැණට සුදුසු විදියට ගලපා ගැනීම වැදගත්.
මේ පිහාටු විලාසිතාව කොහොමද හදාගත්තෙ?
ඒක ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී රමණී අර්සකුලරත්න මහත්මිය නිර්මාණය කළ එකක්. මේ වගේ විලාසිතා ඡායාරූප පෙළකට එය කදිමයි. හරි අපුරු නිර්මාණයක්. ඒ පාටට සහ සංකලනයට මම ආසයි.
අද වනවිට ඔබ, ඔබ ගැන සතුටු වනවා නම්, ආඩම්බර වනවා නම් ඒ මොන වගේ දේ නිසාද?
කවුරු කොහොම මොන විදියට හිතුවත් මම එදා ශලනිමයි. වෙනස් වෙලා නැහැ. වැරදි දේ කරලත් නැහැ. මගේ ආත්මය ආරක්‍ෂා කරගෙන හෘද සාක්‍ෂියට අනුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා හිතට සතුටුයි.
ගැඩගැන්වීම සහ විලාසිතා රමණී අර්සකුලරත්න
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මම රියැලිටිවලට කැමැති නෑ
චමී Wednesday, 05 February 2014 03:55 PM
ඇඳුම දැක්කම ගිරිපුර ඇත්තෝ කාටූනයේ “විමලා“ මතක් වෙනවා (දී)
සංජිව Tuesday, 14 January 2014 11:15 AM
මේ පින්තුර වල කිසිම හරයක් නැහැ. (දී)
රුණි Monday, 27 January 2014 04:22 PM
ඔයා රියලිටි එකක හිටිය නෙද මට හෙම මතකයක තියෙනවා.
ඉන්දික Tuesday, 14 January 2014 11:47 AM
මාරම විහිළුවක් තමයි මෙයා කියන්නේ (දී)
සුසන්ත Wednesday, 22 January 2014 03:56 PM
මේ තත්වයට ආවේ කොහොමද (දී)
ශාන්ති Wednesday, 22 January 2014 03:56 PM
ඒ කතාව වැරදි (දී)
සෙන්පති Saturday, 18 January 2014 04:18 PM
අලුත් වෙන්න අකමැති කට්ටිය බොරු සංස්කෘතිය ඉහ මුදුනට ගෙන අනුන්ට පිස්සු කියනවා. හැබැයි අනුන්ට පිස්සු කියන කට්ටිය තමුන්ට ඇඟිලි තුනක් දිග් වෙලා කියලා දන්නේ නැහැ.(නදී)
බුද්ධිකා Friday, 17 January 2014 07:18 AM
පිස්සු නැත්නම් හොඳයි.(නදී)
සිල්වා Tuesday, 14 January 2014 01:31 PM
ලස්සන පින්තුර ටික , හැබැයි නංගි මුල අමතක කරන්න එපා (දී)
රෝමි Tuesday, 14 January 2014 02:05 PM
අනේ එහෙම කියන්න එපා. කොහොම හරි බදින්න. අපිත් ආසයි මගුල්ගේ බලන්න. (දී)
රමණී Friday, 17 January 2014 09:04 AM
සද පිනි බිදක ..ලස්සනට රගපානවා...ඔයාට ලස්සන ගමනක් යන්න සුබ පෙතුම් (අ)
දිල් Wednesday, 26 February 2014 09:27 AM
අනේ ශලිනි, ඔයා ඔතනට ආවේ රියැලිටි ෂෝ එකකින් බව අමතකද? ඔයා කලාවට කරන ලොකුම උපකාරය රඟපෑම නතර කරන එක තමයි ඉතින්. ඔයාට රගපාන්න බැරි බව දැන්වත් තේරුම් ගන්න.(දී)
දසුන් Sunday, 19 January 2014 10:59 PM
මෙයාගේ තියෙන්නේ මහේෂි මදුශංකාගේ වගේ සුන්දර චාම් ලස්සනක් නොව නාගරික තාලයේ මොඩ් ලස්සනක්. (නදී)
විදුර Saturday, 01 February 2014 01:23 PM
අතාත්වික ටී වී කීව නම් හරි.බටහිරින් ආනයන කල ලන්නක් මේ තාත්වික ටී වී.ඕව ගිලින්න එපා.තාත්වික නම් මේකප් දාන්නෙ නැතුව ඉන්න එපැයි! (දී)
චමින්ද Tuesday, 14 January 2014 05:28 AM
ඇඳගෙන ඉන්න ඇඳුමයි කොණ්ඩේ දැක්කම පේනවා මෙයා රියලිටි වලට කැමති නැති බව.(දිල්)
සමීර Wednesday, 05 February 2014 10:55 AM
මට හිතා ගන්න බැහැ, මෙය ආවෙත් ඒ වගේ වැඩ සටහනකින්, දැන් කියනවා කැමති නැහැ කියල, (දී)
බංඩාර Wednesday, 22 January 2014 11:46 AM
බලන්න මංජුලා කුමාරි වගේ නිලියන් කොච්චර ස්වභාවිකද? (නදී)
නුවන් Sunday, 09 February 2014 11:06 AM
පනින්න තියෙන පිමි 60 ම පැනල දැන් උපාසක කතා කියනව.හිනා යනවා මේවාට.(අ)
අබ්දුල් Sunday, 12 January 2014 05:26 PM
ඔබ තුමිය ප්‍රසිද්ද වුනෙත් රියලිටි වැඩසටහනකින්නේ. ඇයි දැන් විරුද්ධ.(නදී)
රමණි Thursday, 16 January 2014 04:57 AM
ඔය ලස්සනට සද පිනි බිදක් රගපනවා....ඔය හරි දක්ෂ නිලියක්...සුබ පැතුම්!!!!!සුබ අනගතයක් (අ)
පීරිස් Thursday, 23 January 2014 12:23 PM
ඉක්මනට වෙන දෙයක් මේ පිටුවට දානවනම් (අ)
ලක්ෂමන් ජයවර්ධන Tuesday, 14 January 2014 09:15 PM
අපිත් ඔය එක එක රිටි වලට කැමති නැහැ. ඒත් උඩට නැග්ග ඉනිමඟට පයින් ගහන එක නරක පුරුද්දක් නේ නේද? (නදී)
කුසුම Sunday, 09 February 2014 02:34 PM
ඔයා හරි ලස්සනයි , අපිට අපේ වැදි යුගය මතක් වෙනවා අනේ... (දී)
යොහාන් Sunday, 09 February 2014 02:38 PM
මාර ඇදුමක්නේ මොකකින්ද හදලා තියෙන්නේ (දී)
මංජු Monday, 13 January 2014 04:21 PM
හනේ හනේ රියලිටි වලට පින් සිද්ධ වෙන්න තරුවක් වෙලා දැන් රියලිටි පට්ට ගහනවා කැමති නෑ කියලා. (නදී)
ලහිරු උදයශාන් Thursday, 27 February 2014 03:32 PM
රියලිටි වලට කැමති නැත්නම් ඒක නොකිය ඉන්න ඕනේ. පින්තුර ටිකක් දාලා රියලිටි වලට කැමති නෑලු. ඒ මදිවට නොබැඳ ඉන්නත් ඉඩ තියෙනවලු.(නදී)
මදුශිකා Monday, 12 May 2014 01:50 PM
ඇත්තටම ඔයාගෙ ඔය ඇඳුම කිකිළියක් වගේ. (ස)
ජානක Wednesday, 29 January 2014 02:01 PM
මෙයාට රියැලිටි එකේදී මොනවහරි අසාධාරණයක්වත් වෙන්න ඇති පව් අනේ (අ)
සෙන්පති Wednesday, 15 January 2014 03:51 PM
මේ ප්‍රතිචාර වල කිසිම හරයක් නැහැ .දුපත් මානසික රෝගීන් වගේ පෙන්නේ (දී)