IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මම රගපාන එක අම්මා දන්නෙත් නෑ

2016-03-07-ent-94

2016-03-07-ent-93

2016-03-07-ent-95කොහොමද රූහි සැප සනීප?

මම හුඟක් හොඳින්.

 

ඔයාට ඉන්දියාවෙත් ලංකාවෙත් ගොඩක් රසිකයෝ ඉන්නවා. ඒකට ඔයා ආසාද?

ඔව්. මම ඒකට කැමැතියි. ගොඩක් අය ඔටෝග්‍රාප්ස් අරගන්නවා. ඒක හරිම ආසා හිතෙන දෙයක්.

 

ඔයාට ඇත්ත ජීවිතේදි ඉෂි අම්මා එක්ක තියෙන සම්බන්ධෙ මොනවගේද?

එයා හරිම ස්වීට් කෙනෙක්. එයා මට ගොඩක් ආදරෙයි. එයා ගිය වතාවෙ ලංකාවට ආපු වෙලාවෙ මටත් තෑගි අරන් ඇවිත් තිබුණා. හරිම හොඳයි.

 

එතකොට ශගුන් අම්මා?

එයාත් ගොඩක් හොඳයි. හැබැයි නාට්‍යයේදි නම් මම එයාට පොඩ්ඩක්වත් කැමැති නැහැ. එයා හරි දුෂ්ට චරිතයක්නෙ කරන්නෙ.

 

කොහොමද පාසල් වැඩකටයුතුත් රඟපෑමේ කටයුතුත් පටලවගන්නෙ නැතිව වැඩ කරන්නෙ?

ගොඩක් වෙලාවට රූපගත කිරීම් තියෙන්නෙ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා. ඉතින් ඉස්කෝලෙ වැඩ එච්චර පාඩු වෙන්නෙ නෑ. අනික මම වෙන බාහිර ක්‍රියාකාරකම්වලටත් වෙලාව වෙන් කරගෙනයි ඉන්නෙ.

 

මොනවද ඔය බාහිර ක්‍රියාකාරකම්?

මම කථක් නැටුම් ඉගෙන ගන්නවා. ඒ වගේම ස්කේටින් ක්‍රීඩාවත් කරනවා.

 

ඔයා ලොකු වුණාම මොනව කරන්නද කැමැති?

මට නිළියක්, ගායිකාවක් වගේම මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න අවශ්‍යයි.

 

2016-03-07-ent-96ඉස්කෝලෙදි කැමැතිම විෂයන් මොනවද?

ගණිතයයි සමාජ අධ්‍යයනයයි.

 

එතකොට ඉස්කෝලෙත් නැති රූපගත කිරීමුත් නැති විවේක වෙලාවට මොනවද සාමාන්‍යයෙන් කරන්නෙ?

ගොඩක් වෙලාවට යාළුවොත් එක්ක කාලය ගතකරනවා. ඒ වෙලාවට අපි කරන්නෙ පින්තූර පාට කිරීම, චිත්‍ර ඇඳීම වගේ දේවල්.

 

ඔයා රංගනය පැත්තට එන්න ඕන කියලා තීරණය කළේ ඔයාමද? නැත්නම් අම්මා තාත්තා කිව්වද?

මමයි තීරණය කළේ. දවසක් අපි සාප්පුවක ඉන්න කොට අම්මා ළඟට ආපු කෙනෙක් කිව්වා මෙහෙම වෙළෙඳ දැන්වීමකට ඔඩිෂන් එකක් තියෙනවා කියලා. ඉතින් මම ඒකට ගියා. ඒ කාලෙ මම ගොඩක් පුංචියි. ඇත්තටම අම්මා දන්නෙත් නෑ මම ඒකට ගියා කියලා. කාලෙකට පස්සෙ ඒක ටීවි එකේ පෙන්නද්දි තමා අම්මාත් දැනගත්තෙ.

 

රජිත / සේයාරූ - සුමුදු

hadarasa

2016-03-07-ent-97
2016-03-07-ent-98



අදහස් (0)

මම රගපාන එක අම්මා දන්නෙත් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site