මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත ළඟ තිබුණු ජයග්‍රහණය ගිලිහි ගිය බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තරග නොකර මෛත්‍රිපාල ජනපති මැතිවරණය මෙහෙයුවානම් ආණ්ඩුවක් බිහි කිරිමට හැකියාව තිබු බව විශ්වාස කරන බව සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සෙනසුරාදා මහනුවරදී පැවසීය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපන්දිනයට සමගාමීව පැවැති ආගමික වතාවත්වලට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
‘ මම පරදින දේශපාලනඥයෙක් නෙමෙයි. මේ සැරේ අපේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ට ගෙයින් ගෙට ගිහින් කිවුවා මම දිනල ඉවර වෙලා එක්සත් ජාතික පක්ෂයට යනව කියලා. මම පැරදුණා මම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම ඉල්ලුවෙත් නෑ. මම ඇමැතිකමත් ඉල්ලුවෙත් නෑ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල ජනාධිපතියි එකට එකතු කරන්න වැඩියෙන්ම මහන්සි වෙච්ච කෙනෙක් මම‘
විපක්ෂ නායක ධූරය ගැන අදහස් දැක්වූ එස්.බී දිසානායක මහතා ‘අපේ රටේ ඉන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදනවනම් ඊළග ඉන්න ප්‍රධාන පක්ෂයට විපක්ෂ නායකකම හිමි විය යුතු බවත් ආණ්ඩුවෙන් කෙටසක් එහා පැත්තට දාලා කෘතිම ලෙස විපක්ෂ නායකකම ගැනීම අසාධාරණ බවත් කීවේය. නමුත් දෙමළ සන්ධානය වෙනම රාජ්‍යයක් ගොඩනැගිම සඳහා වෙනම ඊළමක් ගොඩ නැගීම සඳහා හෝ අපේ රණවිරුවන් පෝරකයට අරන් යාමට උත්සාහ දරනවානම් එවැනි මොහාතක ඒ විපක්ෂ නායකකම ඉවත් කර විකල්පයකට යායුතු බවද ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා වගේ කෙනෙකුට බැනලා වැඩක් නැහැ. මෙයාට දෙන්න ඕනෑ තැන මිනිස්සු ඡන්දෙන් දුන්නා (නි)
විශ්ව විද්‍යාලය පැත්තේ යන්න එපා බයිලා කියන්න කන්න වෙනවා පසුගිය ඒවත් එක්ක හොදේ (බ)
කවදාහරි වෙන දේ බලමුකෝ (නි)
ලංකාවේ මිනිසුන්ගේ අවාසනාව! (නි)
මේ වගේ මිනිසුන්ගේ පාලනයකට යටත්වෙන්න තරම් රටවැසියෝ විදියට අපි පව් කරලද? (නි)
මෙවැන්නන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වියහැකිද? (නි)
හොඳයි බලමුකෝ... (නි)
එහෙම වුණා නම් අර එදා වගේ ආයෙත් ආසන අටට බහින්න තිබුණා. (නි)
මිනිස්සු රෙදි අඳින්නේ ලැජ්ජාවට නෙමෙයිද....? (නි)
පැරදුනානම් ගෙදර යන්නම ඕනේ .මිනිස්සු අකමැති නිසානේ ඡන්දෙ නොදී හිටියේ .ඒ වුනාට එස් .බි .දිනුම් ඡන්දෙ දීපු අපි පරාද වෙලා. රටට වැඩක් කරන කෙනෙක් ....නැ....නැ ....නිකන් බුරන කෙනෙක් (බ)
තවමත් පරණ කටමයි තියෙන්නේ (නි)
ලංකා දේශපාලන ඉතිහාසයේ බිහිවූ අමුතුම ආකාරයේ දේශපාලකයෙකි මොහු (නි)
හරි හරි ඔයා කවදද පැරදුනේ? ඔයා දිනවලත් අපි පරාද වුණා. ඔයාව පරාද කරලත් අපි පරාද වුණා. අපි වගේද ඔයා? (නි)
මොනවා කියවනවද මන්දා? (නි)
අනේ අනේ එස්.බී.? (නි)
අනේ අම්මපා මෙහෙමත් කතා? (නි)
මෙහෙම කතාකරන්නේ කොහොමද? (නි)
පැරදුනේ මේ අයව ප්‍රතික්ෂේප කළ නිසා (නි)
මොහු යමක් ඉගෙනගන්න කෙනෙක් නම්, නිවැරදිවෙන්න උත්සාහ කරන කෙනෙක් නම් මේ අදහස් ටිකම හොඳටම ඇති. (නි)
මෛත්‍රී මහත්තය කොච්චර හොඳ වඩ කළත් නම් කරපු ලැයිස්තුව නම් වැරදියි (අ)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුනේ. රෙදි ඇඳගෙනද මේවා කියන්නේ? (නි)
ඔය ඔක්කොම කියන්නකෝ ලංකාව ඇතුළේ.හැබැයි එන්ගලන්තෙට නම් එන්න එපා (නි)
මෙලොව කිසිම දෙයක් සදාකාලික නැත (නි)
මේ වගේ අයට නැවත පණ දුන්න එකයි වරද (නි)
මොකටද මගේ කට? (නි)
දේශපාලකයා යනු කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙකි. (ම)
මෙන්න මෙයා ආයෙත්.... (නි)
ඒ බව අපි දැක්ක ගියවර ප්‍රතිපල වලින්. (ම)
මෙයි හිති ඉන්නේ මම සක්විති කියලා. කටේ නරිවාදන් .................. මොටද මගේ කට?.(ම)
මෙයා කටින්ද දන්නේ න මේ කියන්නේ .මෙච්චර පරාද වෙලත් බයිලා කියනවා (ම)
අපිට තියන ලැජ්ජාව මෙයාව දකිනකොට (නි)
ඡන්දෙන් පරද්දලත් ගියේ නැත්නම් පරලොව පලයන් කියන්න තමයි කියන්න තියෙන්නේ. (බ)
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මිනිස්සුන්ට හොඳම කොකා පෙන්නලා සහයෝගයෙන් රටකන්න සැලැස්වීමේ කප් එක මෙවර පොළොන්නරුවට ගියා. (බ)
දේශපාලකයෙක් දිනනවද පරදිනවද කියල තීරණය කරන්නේ ජන්ද දායකයෝ මිස වෙන කවවුරුවත් නොවේ.(ම)
මහජනතාව එපා කිව්ව අය පස්ස දොරෙන් ඇවිල්ලා දැන් දොඩවනවා. පැරදුනනන් ගෙදර ඉන්න ඕනෑ. බලයට කෑදරකම. ලැජ්ජාවක් නැහැ. (නි)
ලංකාව වෙන්න ඇති එකම රට ඡන්දෙන් පරාද වෙලත් ඇමතිකමක් ගන්න පුළුවන් (නි)
සත පහකට විශ්වාස කරන්නට නොහැකි , අවස්ථාව වාසිය වෙනුවෙන් ඕනෙම කෙනෙක් පාවා දෙන්නෙකු ලෙස මේ එස් බි , පසු ගිය කාලයේ කළ ක්‍රියා සහ කතා ඔප්පු කර තිබේ , ජනතාව ඡන්දයෙන් ඔහුට පිළිතුරු දුන්නත් , ජාතික ලේයිස්තුව ඔහුට වාසනාව ගෙන දුන්නා (බ)
පරදවුනාට ජනාධිපති නේ ගත්තේ යහපාලනයට පිටු පාලා. (බ)
ලැජ්ජාවත් නැතුව ගත්තනේ හැබෑට (නි)
අපොයි ඔව් ජනතාව මහා ඉහලින් දිනෙව්වා නේ. පරණ පිනකට ඇමතිකමක් ලැයිස්තුවෙන් රිංග ගෙන ලැබිල දැන් ලොකු කම් කියවනවා. (බ)
මෝඩ කට තාම තියනවා. විපක්ෂ නායක කියන තැනැත්තා කරන කියන දේවල් මත විපක්ෂ නායක කම වෙන පක්ෂයකට දෙන්න බැහැ. වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය දන්නේ නැතිනම් මෝඩ කට වහගෙන සිටීම හොඳයි (බ)
එක ඇත්ත... එයා දිනුම්... පැරදුනේ අපි... (බ)
පැරදිලත් කටේ කයිවාරුව නම් අඩුවක් නැහැ. ඉස්සර ඉගෙනගන්න කාලෙත් ඔය වගේ කයිවාරු තමයි අපිට කිව්වේ. (බ)
කනා ෂොට් ජාතික ලැයිස්තුවෙන් ආපු හින්ද අද දිනුව කියනවා. නැත්නම් ඇඩ්‍රස් නැහැ. (බ)
මෙයා කියනවා සුළු ජාතික ඡන්ද නැති වුනේ මහින්ද ආපු නිසාලු..එතකොට මහජාතියේ ඡන්ද ලැබුනේ මෙයා ආපු නිසාද? ඇට නැති දිව හැරෙන හැරෙන පැත්තට හරවන මේ වගේ අය හොද අර දේවදත්ත සභාපතිගේ අත වැසි කමටම තමයි..යකඩෝ අපි ඡන්ද පොලට ගිහින් ඡන්දෙ දැම්මේ ඔය සභාපති නිසා නෙමෙයි..මහින්ද මහත්තය නිසා. මෛත්‍රී මහත්තයට මන්ත්‍රී ආසන ටික මංකොල්ල කන්න පුළුවන් උනාට සන්ධාන පාක්ෂිකයින්ගේ හදවත් මංකොල්ල කන්න බැහැ.එ්ක ඉදිරියේදී අපි පෙන්නලා දෙන්නම්…මෛත්‍රී ආවනම් මෙයාට සුළු ජාතික ඡන්ද වලින්ම තමයි ඡන්දෙ කරන්න වෙන්නේ..ඒකෙත් යු අැන්පියට ගිහින් හැලෙන රොඩු ටික එක්ක..මෙයාට ඒක තමයි වෙන්න තිබුනේ..එතකොට මෙයාව ගන්න ජාතික ලැයිස්තුවක් ඉතුරු වෙන්නේ නැහැ..(බ)
ඔබතුමා ඡන්දෙදි හිටියේ වැට උඩ වාසි පැත්තට පනින්න බලාගෙන (බ)
නැ එහෙනම් නුඹ දිනුවානේ (ම)
මේයා තමයි දැන් ලංකාව ඉන්න ජනප්‍රියම දේශපාලකයා. යහපාලනයේ ප්‍රතිපල එන්න පටන් ගත්ත පමණයි. (බ)
බලනකොට දේශපාලකයන්ට තියෙන්න ඕනේ කුණු බලු කටක්. අනේ අපිටත් මේවා අහන්න වුනානේ. (බ)
මොහුගේ කට සහ වචන නුගත් පහත් පෙළේ කෙනෙකුගේ ක්‍රියා නිසා මොහු පැරදුණා මිස , වෙනත් හේතුවක් වන්නට නැහැ (ම)
ඔය වගේ කට මැත දොඩවපු නිසයි එදා හිරේ ගියේ. ඡන්දෙට කලින් කියෙව්ව නිසයි ජනතාව එපා කියලා පරාජය කළේ. එනමුත්, කාගේ හෝ උවමනාවට (ජනතාවට එපාවුණත් ) නැවතත් කට අරින්න අවස්ථාවක් දීලා. තවදුරටත් මොන මොනවාහරි අවස්ථාවේ හැටියට කියයි. අනේ පවු ඉතින් අපිටත් අකමැත්තෙන් හරි අහන්න වෙනවා. (නි)
මට නම් කියන්න වචන නැහැ (නි)
ඔහොම කියපු ගොඩක් අය පැරදුනා (නි)
අපි නම් මේ කතා පිළිගන්නේ නැත. (නි)
ජනමතය නොවටින බවද කියන්නේ (ම)
අයියෝ යහපාල දැන් කීපාරක් නම් පෙන්නුවද ඔයාගේ ඔය පෙරහැර? අපිට නම් බලල බලලා ඇතිවෙලා. පිස්සු කියවන්නේ නැතුව ඉන්නවා මනුස්සයෝ (නි)
තවම කට නම් ඒ විදිහමයි (නි)
කයිවාරුව නම් තවත් අඩු නැහැ. පරාදවෙලා තියෙන්නේ කා නිසාද කියලා අපි දන්නවා. අනේ මගේ කට! (නි)
ඔබතුමා ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී කරපු කියපු දේවල් ඔබට අමතක වුණාට අපිට නම් අමතක වෙලා නැහැ. ඔබට දිව දෙකක් නෙමෙයි ඊට වඩා තිබෙනවා. (නි)
අමු අමුවේ සන්ධාන පාක්ෂිකයින්ගේ ජනමතය මංකොල්ලකාලා ජාතික ආණ්ඩු හදලා මේ පාක්ෂිකයෝ සිය ඡන්දෙන් ප්‍රතික්ෂේප කළ අය ඇමති තනතුරුවල වැජඹවන එකද ඔහෙලා ඔය උඩදාගෙන හදපු යහපාලානේ පිටබැද්දර මහත්තයෝ..? කපාගන්න බඩ. (නි)
තිලිණ බණ්ඩාර තෙන්නකෝන්ගේ දේශපාලන ගමනක අවසානය (බ)
වැඩිය උඩයන්න එපා හොඳේ (නි)
විලිලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි කියලා කියනවනේ (නි)
අනේ මොකටද මගේ කට? (නි)
ලැජ්ජා නැතිකම අර හැමදේටම වඩා ලොකුයි කියන්නේ නිකන්ද? (නි)
දේශපාලකයන් අතර මේ වගේ දේශපාලකයෙක් මම නම් දැකලා නැහැ. මම හිතන්නේ නැහැ කිසි කෙනෙක් මේ වගේ දේශපාලකයෙක් ගැන අහලා ඇති කියලත්. (නි)
රෙදි ඇඳගෙනද මේවා කියන්නේ? ජනතාව සහසුද්දෙන්ම ගෙදර යැව්වා. ලැජ්ජා තියෙනවා නම් ... අනේ මන්දා! (නි)
අපි දන්නවා කවුරු කවුරුත් ගැන (නි)
ඊළඟට එන පාර්ලිමේන්තු ඡන්දයෙන් ඉර සඳ පායනවා සේ එස්.බී.. පරදිනවා සිකුරුයි.ජනතාවට පිළිකුල් වෙලා ඉවරයි. (නි)
දිනුවොත් කවදාහරි පරදිනවාමයි (නි)
ඒක හරි, අපි මහජනතාව විදියට හැමදාම පරාදයි! (නි)
ලැජ්ජා නැතිකම අන් සියළුදේටම වැඩිය ලොකුයි වගේ (නි)
අනේ අපි නොදන්න කට්ටිය! (නි)
ගත්ත එකේ වැරැද්දනේ. වෙන මොකක්ද? (නි)
අනේ මේ කට වහන්න කෙනෙක් නැහැනේ (නි)
මේ වගේ අය අරගෙන යහපාලනයට දෙවියන්ගෙම පිහිටයි. (නි)
හීනමාන වල සිටින අයගේ රෙදි ගැළවෙන්නේ කවදාහරි මැතිවරණයකදීම තමයි (නි)
මෙතුමා ආයේ කවදාවත් ඡන්දය ඉල්ලන එකක් නැහැ (නි)
පරදින්නේ කොහොමද, වාසිය ලැබෙනකොට පනින අයනේ. (නි)
එයා කවුද කියලා අපි දන්නවා (නි)