IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


මම තාම උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යයාවක්

2016-05-04-ent-48

ස්වර්ණවාහිනියේ විකාශය වූ "මීදුමෙන් එහා" ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි ඇය මේ දිනවල "හංස පිහාටු" සහ "එරන් ලන්දු" නාට්‍යය හරහා ඔබ හමුවට පැමිණෙන්නීය. නමින් ඇය නයනතාරා වික්‍රමආරච්චි වන අතර, ඇය මට මුවගැසුණේ ඇයගේ ප්‍රථම චිත්‍රපට රංගනය සඳහා සහභාගි වෙමින් සිටින අතර තුරදීය. එනම්, ආචාර්ය අරෝෂ් ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් ලෙසින් ලකී ඩයස්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන "බ්‍රේකිං නිවුස්" පසුතලයේදීය.

 

2016-05-04-ent-50කවුරුවත් තාම ඔයා ගැන දන්නෙ නැහැනේ. ඒ හින්දා විස්තර ටිකක් කියලම පටන්ගමු?

මම තාම උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යයාවක්. පවුලේ එකම දරුවා මම. වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලයෙ තමයි මම ඉගෙන ගන්නෙ.

 

කොහොමද මේ වෘත්තියට ආවේ?

මට මේකට උදව් කළේ චාමර සමරවික්‍රම අයියා. එයා හරහා තමයි මම "මීදුමෙන් එහා" නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ. ඉන් පසුව %හංස පිහාටු", "එරන්ලන්දූ" ටෙලි නාට්‍යවලට මාව තෝරගත්තා. "බ්‍රේකිං නිව්ස්" මගේ ප්‍රථම චිත්‍රපටය. ආනන්ද කපුගේ මහතා මාර්ගයෙන් තමයි මම ඒකට සම්බන්ධ වුණේ.

 

ඒ කියන්නේ දැන් වෘත්තිමය නිළියක් වීමේ මාර්ගය විවෘත වෙලා?

ඔව්. මම ඉදිරියෙදි රංගනය මගේ වෘත්තිය විදිහට තෝරගන්නවා.

 

එතකොට අධ්‍යාපන කටයුතු අතහැර දමනවාද?

නැහැ. මේ අගෝස්තු මාසෙ මම උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. සිංහල, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය තමයි මගේ විෂයන්. මගේ බලාපොරොත්තුව උපාධිය දක්වා ඉගෙන ගන්න. නමුත් රංගනය තමයි මුලින් කිව්වා වගේ මගෙ වෘත්තිය කරගන්නේ.

 

වර්තමානයේ සමාජය තුළ නළු නිළියන් ගැන තිබෙන්නේ හොඳ ආකල්පයක් නෙමේ. ඒ වගේම ඔවුන්ගේ ගෞරවය හෑල්ලුවට ලක්වෙලා. එහෙම පසුබිමක ඇයි ඔබ මේ ක්‍ෂේත්‍රය තෝරගන්නේ?

මම පොඩි කාලෙ ඉඳන්ම රංගන ක්‍ෂේත්‍රය ගැන හීන දැක්කා. ඒ වගේම තමයි මේක නිදහස් වෘත්තියක්. හැබැයි අපි හරියට ඉන්න ඕන. ඒ නිදහස අවභාවිත කරන්න හොඳ නැහැ. ඒ වගේම හැමදෙනාගෙන්ම ගුරුහරුකම් ලැබෙනවා. ඒවා මම අහනවා. ඒ දේවල් එක්ක මගේ ගමන මම යනවා. ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

 

ඔබ තාම පාසල් ශිෂ්‍යාවක්. පාසලෙන් තහනමක් නැද්ද මේ කටයුතුවලට?

ඒක තමයි වැදගත් දේ. මට විදුහල්පතිනිය සහ ගුරුමණ්ඩලය විශාල සහයෝගයක් ලබාදෙනවා. එයාලා අවසරය නොදුන්නනම් මට මේ ගමන එන්න බැහැ. ඒ අවසරය දීලා මට දක්වන මේ සහයෝගයට මම ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.

 

බොහෝ අය මෙන්ම ඔබත් කියන්නේ රංගනය උපතින් ලැබුණ, හැකියාව සමග පවතින දෙයක් කියලද?

නැහැ, මේ විෂය ඉගෙන ගන්න ඕන. සාමාන්‍ය පෙළින් පසුව මම රංගනය විෂයක් විදියට හැදෑරුවා. නැවත මම හිතන් ඉන්නේ උසස් පෙළින් පසුව රංගන පාඨමාලාවක් හදාරන්න.

 

දේශපාලනය හදාරණ ශිෂ්‍යාවක් විදියට දේශපාලනය කොහොමද දකින්නේ?

ලංකාවෙ දේශපාලනය ගැන කතා කළොත් නම්, ලංකවට හොඳ පාලන තන්ත්‍රයක් අවශ්‍ය බව පේනවා.

 

වර්තමානයේ ආදරය සහ යෞවනය විසමාකාරයි. ඒ පිළිබඳ ඔබේ අර්ථ දැක්වීම කෙබඳුද?

දැන් ආදරය තියෙන්නේ බොහෝ දෙනාගේ දුරකථනවල. ඒ වගේම තාවකාලික දේවලට සීමා වෙලා. ආදරය කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්. හැබැයි බොහෝ දෙනා කල්පනා කරන්නෙ කෙල්ලෙක්, කොල්ලෙක්ගෙ ආදරය ගැන විතරයි. ඒ දේවල් එක්ක අම්මගෙ, තාත්ගෙ, නෑදෑයන්ගෙ ආදරයත් තියෙනවා කියලා කල්පනා කරන්නෙ නැහැ.

 

සමාජ ජාල වෙබ් අඩවි ඔබේ ජීවිතයට බලපාන්නේ කොහොමද?

මටත් ෆේස්බුක් ගිණුමක් තියෙනවා. හරියට පාවිච්චි කරනවානම් ඒක බොහොම ප්‍ර‘යෝජනවත් හොඳ දෙයක්. නමුත් එය වැරදි විදියට තමයි ගොඩක් අය භාවිත කරන්නේ. ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙම වුණත් එය භාවිත කරන විදිය අනුව තමයි ඒකෙ හොඳ නරක තීරණය වෙන්නේ.

 

සටහන / ඡායාරූප - මිහිර බණ්ඩාර හැඩගැන්වීම - බුවනක රණවක

 

2016-05-04-ent-49



අදහස් (0)

මම තාම උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යයාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site