ජැක්සන් ඇන්තනී මහතාගේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ සුළු චරිතයකින් තම කලා කටයුතු ආරම්භ කළ සහන් මානගේ පුංචිතිරයෙන් දස්කොන්, නෙතු අද්දර සහ මේ දිනවල විකාශය වන සී රජ නාට්‍යයේ නෙලුඹු චරිතය හරහා ප්‍රේක්ෂක ඔබට සමීප වෙනවා. ඒ වගේම ඉද්රියේදී නාඩගම් සභා තුළිනුත් ඔබට සහන්ව දැකගන්න පුළුවන්. මේ සියලු දේ ගැන සහන් සමඟ හඳසර කළ කතාව.
කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොයි කාලේද?
කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
මගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම මිතුරෙක් තමා අකිල ධනුද්දර. ඉතින් මම නිතර අකිලගේ ගෙදර යනවා එනවා. එහි දී ජැක්සන් මහතා දැකලා තමා මට කතා කළේ ඇඩ්‍රස් නෑ කියන චිත්‍රපටයට. එකේ මම කළේ සුළු චරිතයක්. නමුත් ඒ තමා මගේ ආරම්භය.
ඊට පස්සේ නිර්මාණ මොනවද?
ජැක්සන් මහතාගේම දස්කොන් නාට්‍යයටත් මම සම්බන්ධ වුණා. ඒ වගේම ජාතික රෑපවාහිනියේ විකාශය වුණු නෙතු අද්දර කියන නාට්‍යයේ භාතිය කියන චරිතය මම කළා. ඊට පස්සේ තමා දැන් මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන සී රජ නාට්‍යයේ නෙලුඹු කියන චරිතය මට ලැබුණේ.
පාසැල් කාලෙත් කලා කටයුතු කළද?
එහෙම කියලා ලොකුවට නම් කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මගේ අයියා ජාතික රෑපවාහිනියේ වැඩ කරන්නේ. ඒ නිසා මට අවස්ථාව ලැබුණා අතුල රන්සිරිලාල් මහතා යටතේ හඬ කැවීම්වලට සම්බන්ධ වෙන්න.
ඔබ වෘත්තිය රංගන ශිල්පියෙක්ද?
තවම එහෙම නැහැ. මගේ ව්‍යාපාර කටයුතු කරන ගමන් තමා කලාවට දායක වෙන්නේ ලැබෙන ආරධනා අනුව.
ඒ කියන්නේ මේ ඔබේ විනෝදාංශය?
ඔව් දැන් නම් විනෝදාංශය හැටියට කිව්වත් වරදක් නැහැ. නමුත් මට ලැබෙන චරිතවලට උපරිම සාධාරණයක් කරන්න මම හැම වෙලාවෙම උත්සහා කරන්නේ. හැබැයි ඉදිරියේදී වෘත්තිය රංගන ශිල්පියෙක් වෙන්නත් පුළුවන්.
කොහොමද ලැබෙන ආරාධනා භාර ගන්නේ. චරිත තෝරා ගන්නේ කොහොමද?
සුදු ද කළු ද කියලා නම් මම බලන්නේ නැහැ. ලැබෙන චරිතය තුළ මට දෙයක් කරන්න පුළුවන් නම් මම අනිවාර් යෙන්ම භාර ගන්නවා.
ඔබට music video සඳහා ආරාධනා ලැබුණොත් බාර ගන්නවද?
ඔව්, හොඳ music video එකක් වෙනුවෙන් ආරාධනා ලැබුණොත් බාර ගන්න කැමැත්තෙන් ඉන්නවා.
පවුලේ විස්තර?
මගේ අම්මා සහ තාත්තා දෙන්නම ජීවතුන් අතර නැහැ. මගේ තාත්තා නැති වුණේ මම 7 වසරේ ඉගෙන ගන්න කාලේ. මට සහෝදරයන් හතර දෙනෙක් සහ එක සහෝදරියක් ඉන්නවා. මම පවුලේ බාලයා. මගේ අම්මා මීට අවුරැදු තුනකට කලින් මිය ගියේ. කියන්න ඕනේ එදා ඉඳන් අද වෙනකම් මගේ භාරකාරයන් වෙන්නේ මගේ සහෝදරයන් සහ සහෝදරිය.
ඒ අය කැමතිද ඔබ කලාවට සම්බන්ධ වීම ගැන?
අනිවාර් යෙන්ම. ඒ අය ගොඩක් සතුටු වෙනවා. මම කලින් කිව්වේ මම ව්‍යාපාර කටයුතු කරන්නේ කියලා. ඒ අපේ පවුලේ ව්‍යාපාරයක්. මම රඟපාන්න යන නිසා මගේ දායකත්වය අඩු වුණත් මගේ කොටසත් එක්ක ඒ අය කරලා මට ලැබෙන්න ඕනේ කොටස මට දෙනවා. අන්න ඒ වගේ රත්තරන් වටිනා සහෝදර පිරිසක් මට ඉන්නේ.
කොහොමද ඉදිරි කලා කටයුතු?
නාඩගම් සභා කියලා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක ජාතික රෑපවාහිනියේ විකාශය වෙන්න තියෙන්නේ. තව ආරධනා දෙක තුනක් ලැබිලා තියෙනවා ටෙලි නාට්‍ය පැත්තෙන්. ඒ වගේම අලුත් චිත්‍රපටයකට කතා කරලා තියෙනවා.
ආදරය ගැන කතා කළොත්?
ඉතාම සුන්දරයි. ජීවිතයට ආදරය අවශ්‍යයි. මමත් ඒ සුන්දර ආදරය අත්විඳින කෙනෙක්.
ඒ ආදරණීය පෙම්වතිය ගැන කියන්නේ නැද්ද?
හ්ම්... තව ටික කාලයකින් ඒ කවුද කියලා හදසරින්ම මුලින්ම කියන්නම්.
ආපසු හැරිලා බලද්දී ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. ඉතාම සුළු චරිතයකින් තමා මම මේ ක්ෂේත්‍රයට එන්නේ. ඉතින් අද වෙනකොට මේ ඉන්න තැන ගැන මම වගේම මගේ සහෝදරයන් සහ සහෝදරියත් සතුටු වෙනවා.
අනාගත බලාපොරොත්තු?
ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මම කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න කැමතියි. ලැබෙන චරිතවලට හොඳ සාධාරණයක් ඉෂ්ඨ කරමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
අවසාන වශයෙන් මේ දුර එන්න උදව් කළ අය මතක් කළොත්?
ඔව් අකිල ධනුද්දර මගේ මිත්‍රයා ඔහු හරහා තමා මට මේ සියල්ල ලැබෙන්නේ. ඒ වගේම මගේ රංගන හැකියාව තේරැම් ගත්ත ජැක්සන් ඇන්තනී මහතාටත් ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහු තමා කලා ලොවේ මගේ වීරයා. මම ජැක්සන් ඇන්තනිගේ පිස්සෙක් කිව්වොත් ඒක තමා හරි. තව අනුෂ එදිරිමුණි සිල්වා මහතාට වගේම මට ආදරය කරන ඇයවත් (හිනාවෙලා... ඉදිරියේදී නම කියන්නම්) මතක් කරන්නම ඕන.
අනූෂා රණසිංහ
ඡායාරූප - සුමුදු හේවාපතිරණ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මම ජැක්සන් ඇන්තනිගේ පිස්සෙක්