SAN_7991

SAN_7937

 

ආදර මල් පවනේ
ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ
කවුදෝ දන්නේ
දුලීකා, දුලීකා

 


විජය කුමාරණතුංගයන්, එච්.ආර්. ජෝතිපාලයන්ගේ ආදරණීය හඬට රංගනයෙන් ජීවය කවද්දී, ඇය අපූරුවට ඒ දර්ශන පෙළට පෙනී සිටියාය. බියුලා ඩයස් ඇයගේ නාමයයි. හැත්තෑව දශකයේදී සිංහල සිනමාව හැඩ කළ ඒ ශිල්පිනිය දැන් වෙසෙන්නේ විදෙස් රටකය. ඇයගේ ඒ රුව රැගෙන මෑත කාලයේ පෙනී සිටියේ ඇයගේ ඥාති දියණියක වූ මේ නිලන්ති ඩයස්ය. නිලන්තිට ඇත්තේ ඇයගේ ඒ ලොකු නැන්දාගේ රූපයට සමාන රූපයම බව කිව හැකිය. සිනමාව, නර්තනය හා ටෙලිනාට්‍ය සමග හමුවූ මේ නිලන්ති විවාහයෙන් පසුව, රංගනයට හෝ නර්තනයට එක් නොවූ තරම්ය. අද දවසේ ආදරණීය බිරිඳක සහ සෙනෙහෙබර මවක වන නිලන්තිගේ ජීවිතයේ අලූත් තොරතුරු හෙළිකරන්නේ මෙසේය.

 

 SAN_7979     

 
button මෑත කාලයේදී ඔබ ගැන කතා නොවූ තරම්, එහෙම නේද?
අවුරුදු තුනකින් විතර රඟපෑවේ නැහැ. නමුත් රූපවාහිනී වැඩසටහන් වලට ඉඳහිට පෙනී සිටියා. මෙච්චර දීර්ඝ කාලයක් මේ විදියට හිටියෙ චූටි දූ නිසයි. එයා ලැබුණට පස්සෙ එයා එක්කම ජීවිතය ගෙවනවා. තවම එයාට අවුරුදු දෙකයි. මාව නැතිව එයාට බැහැ. එයාව තනි කරලා යන්න මට හිත දෙන්නෙත් නැහැ.

 


button දුවගෙ නම?
ෂෙනායා ෆොන්සේකා.

 

SAN_8032

 


button කොහොමද විවාහ ජීවිතය?
හරි සුන්දරයි. ඒක විඳින බව කියන්න පුළුවනි. සැමියාගේ අම්මත් මේ දිනවල ඉන්නෙ අපි එක්ක. ඇයත් අපට ගොඩාක් උදව් කරනවා. ඉතින් හරි සතුටින් ගත කරන්නෙ. හරිම සුන්දරයි කිව්වොත් හරි.

 


button දුව ගැන කොහොමද හිතන්නෙ?
එයා සහජයෙන් ගෙනා දක්ෂතා දිහා බලද්දී හරිම සතුටුයි. නැටුමට හරි ආසයි. සිංදු අහන්නත් ආසයි. ඒවා අපි පුරුදු කරලා නෙවෙයි.

 


button කලා ජීවිතයෙන් ඉවත්ව සිටීම ඔබට දැනෙන්නෙ කොහොමද?
ජීවිතයේ එක් එක් වකවානුවලට අපට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ අවස්ථාවලට මුහුණදිය යුතුමයි. ඇත්තම කිව්වොත් මම කලාවෙන් ඉවත්වෙලා නැහැ. මේ පොඩි විවේකයක් විතරයි. ඔක්කෝටම වඩා මට මගේ පවුලේ වගකීම් ලොකුයි. ඒකට මම ආසයි. දුව තාත්තා එක්ක එකතුයි. ඒක ඇත්ත. නමුත් නිතරම හොයන්නෙ මාව. ඒ නිසා දුව තනිකරලා කොහේවත් යන්න බැහැ. කලාව කරන්න හොඳ නිදහසක් තිබිය යුතුයි. ඒ නිදහස ලැබුණාම නැවත ක්ෂේත‍්‍රයට එනවා. රංගන ජීවිතයේ කළදේට වඩා නොකළ දේ තියෙනවා. නමුත් ඊට වඩා ලොකු තෘප්තියක් ලබන්නෙ දරුවා නිසයි.

 

SAN_8069

 


button ජනප‍්‍රියත්වය ලැබූ කෙනෙකුට එය නැතුව සිටීම අපහසුයි නේද? ඔබට එය දැනෙන්නෙ කොහොමද?
මට එහෙම අපහසුතාවයක් නැහැ. තවම මට ලැබෙන ප‍්‍රතිචාරවල වෙනසකුත් නැහැ.

 


buttonඒ මොන වගේ හේතු නිසාද? තවම ජනප‍්‍රියත්වය ලැබෙන්නෙ?
පසුගිය කාලයේ කල කී දේ නිසා තමයි. ඩාන්සින් ස්ටාර් අවසන් දෙදෙනා අතරට ආවා. එදා මට විශාල වශයෙන් ප‍්‍රතිචාර ලැබුණා. අමරපුරය ටෙලි නාට්‍යයේ වගේම ජොලි හලෝ චිත‍්‍රපටයේ හාස්‍ය චරිතය ගැනත් කතාවෙනවා. මම හිතන්නෙ රංගනයෙන් මට බොහෝදේ කරන්න තියෙන්නෙ අනාගතයේදීයි.

SAN_8045-cover

 


buttonඑදා ඔබ ගැන බොහෝදෙනා කතා කරන්න පටන්ගත්තෙ ජිප්සීස්ලා ගැයූ පිටිකොටපන් නෝනෙ ගීතයට නර්තනය කළ නිසයි. එහෙම නේද?
ඇත්තෙන්ම ඔව්. අදටත් බොහෝදෙනා කතා කරන්නෙ ඒ ගැනයි.

 


button ඒ ගීතයට නර්තනය පෑ අනෙක් ශිල්පිනියන් දෙදෙනා කෝ?
එයාලත් විවාහ වෙලා. ඉතින් ඒ නිසා කලාවෙන් ඈත්ව සිටිනවා. අපි එකිනෙකා හමුවන්නෙත් කලාතුරකින්.

 


button දැන් ඔබගෙ ලොකු නැන්දා ”බියුලා ඩයස්” කොහේද ඉන්නෙ?
ලොකු නැන්දා විවාහවෙලා ඉන්නෙ විදේශිකයෙක් සමගයි. ඉතින් විවාහයෙන් පසු විදෙස්ගතව සිටින්නෙ. විවාහයෙන් පසු රඟපෑමට එක්වුණෙත් නැහැ.

SAN_8075

sadun-gamage